Friday, March 23, 2018

සිනිඳු මල් පෙත්තක් ගැටී

සිනිඳු මල් පෙත්තක් ගැටී 
මගේ හද තැලුනා 
සෞම්‍ය සඳ කිරණක් වැදී 
මගේ හද දැවුණා
 
සුසිනිඳු මලකට මේ හැටි හදවත රිදවන්නට හැකිදෝ 
සොමි සඳ කිරණට මේ හැටි හදවත අවුලන්නට හැකිදෝ
 
සුසිනිඳු මල් පෙති මේ හැටි රළු යැයි අදහන්නේ කවුදෝ 
සොමි සඳ කිරණය මේ හැටි සැර යැයි පිළිගන්නේ කවුදෝ
 

200 සතිය

ආදරය ප්‍රකාශ කිරීමට බය වන්නේ ආදරය කරන්නා නොව පෙරලා ආදරය බලාපොරොත්තු වෙන්නාය.

199 සතිය

කවදාවත් අපි අකමැති දේවල් සිදු නොවන ලෝකයක කුමට අනාගතය ගැන බිය වන්නද?

198 සතිය

වේදනාව දුකක් නොවේ, දුක් වීමනම් වේදනාවකි. වේදනාවට අකමැති වීම ද දුක ඇති වීමට හේතු වේ

197 සතිය

අපේ අරමුණ කුමක්දැයි දැන ගැනීමට අප කරන ක්‍රියාවන් කරන්නේ ඇයිදැයි විමසන්න. එවිට යමක් ලැබීමට නම් ඒ දේ ලබන්නේ ඇයිදැයි විමසන්න. වෙනත් දෙයක් ලැබීමට නම් නැවත නැවතත් ඒ දේ ලබන්නේ ඇයිදැයි විමසන්න. අවසානයේ එකම පිළිතුරම නැවත නැවත ලැබෙයිනම් ඒ අපේ අරමුණයි.

196 සතිය

යමක් කලහැක්කේ උත්සහවන්තයාට පමණයි. නමුත් සෑම උත්සහයක්ම සාර්ථක නොවිය හැක.

195 සතිය

යමක් ලැබීමෙන් පංචේන්ද්‍රිය සංතෘප්ත කල හැකිනම් ඒ දේ ලැබීමට ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවිය යුතුය.

194 සතිය

මරණය පිළිබඳ සිහියෙන් සිටීම තරම් සතුටින් සිටීමට හැකි උපක්‍රමයක් නොදකිමි. අම්මා, තාත්තා, පෙම්වතා, පෙම්වතී කොයිවේලේ හෝ මැරෙණ බව හා සියල්ල මරණයෙන් අහිමි වන බව නිතර සිහිකිරීම තරම් සිත සැහැල්ලු වන ධර්මතාවක් නොදනිමි.