ගොක් කොල රෑන් පෙනෙනා විට | රෑ සීනේ |
සිත සැනසෙන්න කිසිවක් සිහි | කෙරුවානේ |
අවසන් හුස්ම වැටෙනා විට | සිරි යහනේ |
මට සිහි වුනේ මා කල පින | දී දානේ |
දහසින් පියළි දී ගත් ඉඩ කඩම් | ගැන |
නෑදෑ හිත මිතුරු සහචර යෝ ද | ගැන |
රතු තරු ලකුණු ඇති කඩදහි කෑලි | ගැන |
සිතුවත් අනේ නෑ මට ඉන් වැඩක් | උන |
යදිමින් හිගා තැන තැන ඔහෙ ඇවිද | යන |
යාචකයකුට දුන්නා රුපියලක් | ගෙන |
මතකෙට ආව ඒ දානය හිතට | ගෙන |
සැනසුම් සුසුම් හෙලුවෙමි හිත පහද | ගෙන |
මගේ කතාව
- කට කහනවට... (37)
- නව කතාව (32)
- පබැඳුම (74)
- මගේ කතාව (56)
- යථාර්තය සොයා.............. (59)
- සතියේ වදන (200)
Saturday, May 25, 2013
අවසන් මොහොත
Labels:
පබැඳුම
Subscribe to:
Post Comments (Atom)
අවසන කාටත් මතකෙට එන්නේ තළ හොද දෙයක් තමා ඉතින්. ලස්සනට පද ගලපලා තියනවා..
ReplyDeleteඑහෙම වෙනවනම් හොඳා තමා
Deleteඑත් එහෙම වෙන්නෑ මහත්තයෝ. බොහොම කලාතුරකින් කෙනෙක්ට තමා කළ හොද දෙයක් මතකෙට එන්නේ.
ස්තූති වර්ණනාවට !