කුස ගින්නේ හම්බු කරන අපේ | මිනිස්සු |
දුක් විඳගෙන සතුට සොයන අපේ | මිනිස්සු |
අදට වැඩිය හෙට හොඳ වෙයි සිතන | මිනිස්සු |
ටිකක් නැවතිලා බැලුවා කාටද | පිස්සු |
තෙල පෙනෙනා සුරපුරයට යන්න | මිනිස්සු |
සද්දේ වේගෙට වැඩියෙන් දුවන | මිනිස්සු |
ඒ මිරිඟුව වෙත යන්නට හදන | මිනිස්සු |
හැම දා මත් අද ජීවිතේ ගෙවන | මිනිස්සු |
දෙපයින් ඇවිදින මිනිහා රෝද දෙකක් ගන්න | බලයි |
රෝද දෙකෙන් යන මිනිහා රෝද හතර ගන්න | සොයයි |
සියළු රෝද තියෙන කෙනා අහසින් ඉගිලෙන්න | සිතයි |
ඒ සියල්ල ලැබුන එකා සතුට නැතිව ලොව | පෙරලයි |
බලාගෙන යනකොට පිස්සු නැති එකෙක් හොයා ගන්න නෑ වගේ
ReplyDeleteසබ්බේ පෘතග්ජනා උන්මත්තකෝ කියන්නේ නිකන් නෙවේ නෙව
Delete