යථාර්තය සොයා...............
Pages
(Move to ...)
Home
▼
Sunday, October 30, 2016
174 සතිය
තමන් කන දේ තමන්ට ද අනුන් කන දේ අනුන්ට ද දිරවා ගැනීමට සිදුවන බැවින් අනුන් කන දේට ඉරිසියා නොකර තමන් කන දේ දිරවාගතහැකි දැයි සිතා බැලිය යුතුය.
Thursday, October 27, 2016
කෙලෙසද මා සිතන්නේ ඔබ කෙරේ එලෙසින්
පෙම්වතකු තම පෙම්වතිය දෙස
නෙත් යොමන අයුරින්
මා කෙසේ ඔබ දෙස බලන්නද
ඔබ කියන විලසින්
හැඳින ගත්තේ අප ඔවුන්
මිතුරුදම් නාමෙන්
හමුවුනා සරසවි බිමේ
සහෝදර හැඟුමින්
ඉතින් කෙලෙසද මා සිතන්නේ
ඔබ කෙරේ එලෙසින්
මුල් දිනේ ඔබ දුටුගමන්
මට හැඟුනේ මෙලෙසින්
මගේ නැගනිය වගේමයි
ඔබ පෙනේ එලෙසින්
ඉතින් කෙලෙසද මා සිතන්නේ
ඔබ කෙරේ එලෙසින්
Tuesday, October 18, 2016
173 සතිය
යමෙක් සර්වබලධාරීනම් හේ කරුණාවන්ත විය නොහැක.යමෙක් කරුණාවන්තනම් හේ සර්වබලධාරී විය නොහැක.
‹
›
Home
View web version