Pages

Thursday, May 26, 2011

විවාහය..........

අමතන මුත් හිස දළු සලලා
ඔබ වෙත එන්නට නොහැක පලා
පෙර දින ඔබ හට පෙම් කර ඇති මුත්
මා ඇත අද මලකට බැඳිලා

පෙර දින ඔබගෙන් රැකුන ලෙසේ
අද දින සැනසුම් කුසුමෙ දිසේ
නුඹ හට ආලය දියවී නැති මුත්
මම ඉමි කුසුමට හද පුදලා

මේ ලොව නීතිය එය වේ නම්
කෙලෙසක සැනසෙනු නුඹගෙන් මං
මේ රුක ඵල හට ගැනුමට මට යුත්
මගෙ යුතුකම කරනෙමි පෙරලා

එනු බෑ යුතුකම් පසෙක තබා
බඳවා ඇත අප දහම සොබා
සතුටින් ඉමි මා හෙටදිනයේ වත්
රුක ඵල ලෝ සත විඳිනු බලා

No comments:

Post a Comment