Pages

Sunday, July 3, 2011

6 කොටස

ඔවුන් දෙදෙනාට අනුවනම් ඔහු රත්තරන් කොලු පැටියෙකි. නමුත් දැලි අගුරු කැබැල්ලක් මෙන් කළුය. දරුවා බලා ගැනීමට කාන්තාවක් වැඩට ගත්තද ඈ දවස් දෙක තුනකට පසු ආ ගිය අතක් නැති විය. පසුව කරුණාරත්න ද මාරුවීමක් සාදාගෙන අම්පාරට පැමිණියේය.
 මේ දරුවා අවුරුද්දක් යන විට කා සමගත්  හොදින් කතාබහ කිරීමට පටන් ගත්තේය. හුගක් දිනවල මව්පියන් වැඩට යන විට දරුවා බලා ගත්තේ සුසිලා විසිනි. එම නිසා දරුවා සුසිලාට හුගක් කුලුපග විය. වෙන දරුවන් මෙන් සෑම දේකටම ඇඩීමේ පුරුද්දක් ඔහුට නොවීය. සමහර දිනවල නින්දෙන් ඇහැරී සුසිලා සිටි කාමරයේ දොරට ගසමින් සුසිලෝ කියා කෑ ගාමින්න් සිටිනු දැකගත හැකිවිය. ඔහු හඩනු ඇසීම ඉතා දුර්ලභ දෙයකි. දිනක් අසල්වැසියෙක් ඔගොල්ලැයි ගෙදර ලමයෙක් ඉන්නවද කියල නෑ අනේ යැයි නන්දාට පවසා තිබිණ.
 එබැවින් දරුවා අඩනු ඇසීම විශේෂ දෙයකි. තොටිල්ලේ උන් දරුවා අඩන්නේ මොකදැයි කරුණාරත්න ඇසුවේ එබැවිනි. නන්දා ගොස් බැලූ කල පරාලයේ උන් කුහුඹුවන් කීප දෙනෙකු දරුවාගේ ඇගේ වැටි සිටිනු ඕ දුටුවාය.ඈ වහා චුටි පුතා තුරුලට ගෙන නලවන්නට විය.
 ආදරේට චුටී පුතා වුවද ඔහුගේ උප්පැන්නයේ සම්පූර්ණ නම ඉදිරියෙන් තියෙන්නේ ශාලික අසංක කියාය. නමුත් අපි තව දුරටත් ඔහුට චූටි පුතා  ලෙසම අමතමු.

No comments:

Post a Comment