Pages

Thursday, August 30, 2012

හිත රැවටීම

බොලා ලා බලලා ඇතිනෙව ගුසාරිස් ද මොකක්ද කියන චිත්තරපටිය. ඒකේ තිවුනා ආස්චරියා රායි අතගානකොට රිතික් ආතොල් එකට කෙදිරිගාන කැල්ලක්. ඉතින්  ඔය කෑල්ල යද්දි මට මතක් උනා නෙව මට වෙච්චි හදියක්.
ඕං මං ඉස්කොලේ යන කාලේ දවහක් බස් එකේ ඉදගෙන ඉදපිනා. මේං එක පාරොටම ඩෙනින් කලිහමක් ඇද ගත්තු කෙල්ලෙක් මා ගාවින් හිට ගතපිනා. බස් එක ගැස්සෙන පාරට ඕං ඒකිගේ කකුල වැදෙනවා මගේ කරේ. මොක වුනත් අංගපුලාව ඇති සුකුමාල කෙල්ලනෙව මටත් මාර ආතොල් එක. මාත් ඉතින් ඉබ්බා දියට දැම්මහම ඇන්නෑවේ කියන්නැහේ ඈ ගේ උකුලට හේත්තුව දමාපිනාලාගෙන මාත් නොදන්නවා වාගේ අහක්ක බලං උන්නා. ඈගේ මූණ බැලුවොත් ඒකි මං හිතාමතාම හේත්තුව දාන බව දැන ගනීවීයැයි කියාලා මාත් දිගටම ඕං ජනේලෙන් එලිය බලාගනමයි උන්නේ.

කොහොමින් කොහොම හරි මාත් ආතොල් එකේ බහින තැනට කිට්ටුවෙනකම්ම හේත්තූව දාං ඇවිල්ලා බහින්න කලින් සුකුමාල මූණ බලන්න ඕනෑය කියාලා හොරෙන් බලාපිනා. හුටා පටස් ඇයි යකඩෝ මං ආතොල් එකේ හේත්තුව දාං ආපු කෙල්ල මේං අංකොල් කෙනෙක් වෙලා. මහ හම්පඩ මූණක් නෙව ඒකාට තියෙන්නේ. මගේ ආතොල් එක අහවරයි. මං ටිකක් එහාට වෙලා ඉදගතිපිනා ඒ පාර. මේකා බස්එක ගැස්සෙනකොට මගේ කරේ. අම්මපා ඉතින් මට කුණුහබ්බ තමා මතක් වෙන්නේ. හොද වෙලාවට බහින්න කිට්ටු හින්දා ඉවසා දරාගෙන උන්නා.

හැබැයි ඕං මං දැන් කල්පනා කොරන්නේ එකම ඩෙනිං රෙද්ද අස්සට ගෑණීයෙකුයි පිරිමියෙකුයි බැස්සාම තියෙන වෙනස. අපි ඉතින් මොකාක් හරි සැපයි කියාලා හිතාගෙන ඉන්නකං සැපයි නැත්නං ඉතිං ඇති බක්කක් නෑ. දෙතිස් කුණුප දාතුව දෙතිස් කුණුප දාතුවම තමයි බාං.

ප.ලි. මීට ඉහත පන්චේන්ද්‍රිය 2 දී කියනවයි කියෙව්වේ මේක තමා ඕං
 

2 comments:

  1. හැබෑට ඉතින් ඕක තේරුණේ උන්දැ අංකල් කෙනෙක් කියලා දැක්කට පස්සෙද? මරු කතාව... අනේ අම්මප වෙච්චි දෙයක්...

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙන්නම්. එතකම්ම මං උන්නේ තාමත් දැවටෙන්නේ ඒකිම කියාලා. මාත් ආතොල් එකේ ඉදපිනා. විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ බාං .

      Delete