Pages

Wednesday, November 27, 2013

නොදනි සිත කොහෙද කියා

මට නින්ද නොආවේ නින්ද නොආවේ නින්ද නොආවේ
හද සැංගුනානේ සැංගුනානේ සැංගුනානේ

මට නින්ද නොආවේ  හෝ........
මට නින්ද නොඑවී හද සැඟවේවී ඉවසා ගන්නට බෑ
නොදනි සිත කොහෙද කියා //

මුළු රෑ සීනෙන් ඔබෙ වත පමණයි මා දුටුවේ
නිදි නැති රෑ ඔබ රහසින් මගෙ සිහියට එන්නේ//
හිමිහිට මා වෙත ලංවෙලා - සවනට මොනවද මුමුණනා//
මට දෙනවද පහදා ඇයි ඔබ සැමදා මා සිත ගෙන යන්නේ
නොදනි සිත කොහෙද කියා ////

සිතනැති කය සයනේ තනිවී මේ රාත්‍රියේ
එහෙ මෙහෙ පෙරැලෙයි නින්දක් නෑ මට ප්‍රේමියේ//
මට මා නැති වී යයි කියා - යන්නෙමි හදවත සොය සොයා //
මට හදවත ආයේ දෙනවද මාගේ එය ඔබ ලඟ නොවෙදෝ
නොදනි සිත කොහෙද කියා ////

මට නින්ද නොආවේ.....//

2 comments:

  1. නින්න මොකක්ද මේ වදන

    ReplyDelete
  2. ස්තූතියි සහෝ වරද පෙන්නුවට. නින්න යන්න නින්ද විය යුතුය.
    ඔන්න මං ඒක හැදුවා !

    ReplyDelete