Saturday, August 13, 2011

12 කොටස

ඔහු රන්වන් තලෙලු සමක් ඇති, තඹ වන් කෙස් කීපයක්ද ඇති නීරෝගී දරුවෙකි. අසල සිටී හෙදිය දරුවා ගෙන ටික දුරක් ගොස් "ඩොක්ටර් ඩොක්ටර් ...." කියා කෑ ගැසීය. දොස්තර මහතා පැමිණෙන විට දරුවා නැහැයෙන් කටින් සෙම දමමින් සිටියේය. දරුවා වහා හදිසි ප්‍රතිකාර අංශය වෙත යොමු කෙරිණි.
 දවස් දෙකක් එහි ප්‍රතිකාර ලැබීමෙන් පසු දරුවා මවට බාර කෙරිණ. දැන් නන්දාටත් කරුණාරත්නටත් ඊට වඩා දෙයක් නොවීය. දැන් ඔවුන්ට පිරිමි දරුවන්ම දෙදෙනෙකි. ඔවුන්ද නීරෝගී යහපත් දරුවන් දෙදෙනෙකි. පළමු දරුවා කළු බැවින්ද මේ දරුවා සාපේක්ෂව පැහැපත් බැවින්ද ඔවුන්ගේ චූටි පුතා ලොකු පුතා ද දෙවැනි දරුවා සුදු පුතා ද විය.
 දැන් දරුවන් දෙදෙනාම වැඩෙන්නේ නන්දාගේ දෙමව්පියන් ලගය. දෙදෙනාම හොද ළමයි දෙදෙනෙකි. ඔවුන් දෙදෙන තම ගෙදරම්මාට කරදරයක් නොවීය. නිතරම හඩන්නේ නැත. තම ඇගේ චූ කරගත්තානම් ඒ බොහොම කලාතුරකිනි. නන්දා විසින් හැමදාම උදේටත් රෑටත් ඔවුන්ට මුත්‍රා කිරීමට හුරු කලාය. ඒ නිසා ඔවුන් රාත්‍රියට ද තෙමා ගත්තේ කලාතුරකිනි.
 කෙමෙන් කෙමෙන් කාලය ගතවිය. මේ පවුල තම කුඩා පැල්පතේ සතුටින් ගත කලේය. කුඩා දරුවන් සිටින පවුලක පවතින ගැටලු ඔවුන්ට නොතිබුනාම නොවේ. නමුත් සුදු පුතාට අවුරුදු එක හමාරක් ගතවන තුරුම ඔවුන් සතුටින් ගත කලේය. ඉන් පසු නැවතත් ඔවුත්ගේ අවාසනාව ඔවුන් සොයා එන්නට විය.
 ටික ටික දෙවන දරුවාගේ වෙනස්කම් ඔවුන්ට දක්නට ලැබිණ. දරුවා නිතරම අසනීප වන්නට පටන් ගත්තේය. නිතරම උණ ගත්තේය. වෛද්‍යවරුන් ද උණට සෙමට බෙහෙත් කලා මිස නිතරම අසනීප වීමට හේතුවක් සෙව්වේ නැත. ටික ටික දරුවාගේ නිය හා තොල් දම් පැහැයට හැරෙමින් පැවතුනි. හිසේ තුබු තඹවන් කෙස් සියල්ල හැලී ගියේය.
 කෙසේ වෙතත් ඔවුන්ගේ ජීවිකාව සුපුරුදු පරිදිම පවත්වාගෙන ගියේ ඔවුන්ට තිබූ එකම ආදායම් මාර්ගය ඔවුන්ගේ රැකියාවන් වීම නිසාය. දිනක් දරුවන් දෙදෙන මහ ගෙදර අත්තම්මා අතේ සුරතල් වෙමින් සිටියේය. ඒ අතර සුදු පුතාට නැවතත් උණ ගැණිනි. නිතරම වාගේ උණ ගන්නා බැවින් එය එතරම් ගණනට නොගෙන පැනඩෝල් භාගයක් දියකොට පොවා දරුවා නිදි කරවිය. නමුත් දරුවා නිදි නොගෙන දිගින් දිගටම හඩන්නට හොත්තේය. ටික වේලාවක් ගතවන විට දරුවා වෙවුලන්නට පටන් ගත්තේය. දරුවාගේ දතකට පූට්ටු වී ෆිට් එක සෑදිණි. එයින් බිය ගත් මිත්තනිය හැදිවත පිටින්ම දරුවා වඩාගෙන ඩිස්පැන්සරිය වෙත පයින්ම පාරදිගේ දිව ගියාය.

No comments:

Post a Comment