මධ්‍යම ප්‍රතිපදාව යනු දුකෙහිත් සැපයෙහිත් 50% බැගින් වූ එකතුවක් නොවේ.
මගේ කතාව
- කට කහනවට... (37)
- නව කතාව (32)
- පබැඳුම (74)
- මගේ කතාව (56)
- යථාර්තය සොයා.............. (59)
- සතියේ වදන (200)
Thursday, August 29, 2013
Tuesday, August 27, 2013
අසරණකම
ඔබ පතනා ලොව ඔබ පතනා ලෙස මට දෙන්නට බැරිනම්
කෙලෙසක පවසමි ඔබට ආදරෙයි ඔබ සතුටින් නැතිනම්
මා නැතිමුදු ඔබ සතුටින් බව මට ඉදුරා කිව හැකිනම්
මිතුරෙකු ලෙස මම ඉන්නම් ඔබ ලග සගවා පෙම් හැගුමන් //
මගේ කැදැල්ලට කැදවාගෙන ඔබ
ආවත් දින මතුයම්
නෙතගට නුඔගේ නැගුනොත් කදුලක්
වාවනු බෑ මටනම්
ඔබ පතනා ලොව ඔබ පතනා ලෙස.../
ඔබ සැනහෙනු මැන ඔබ නැලවෙනු මැන
මගෙ හදවත දෙන්නම්
හදවත පුද දී ඔබහට මේ ලෙස
සැමදා තනි වෙන්නම්
ඔබ පතනා ලොව ඔබ පතනා ලෙස....//

Saturday, August 24, 2013
පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 12
එදායින් පස්සෙ මාස දෙකක් විතර සාමාන්‍ය විධියට කාලය ගතවුනා. මං හිතන්නෙ එතකොට මං කොළඹ ඇවිත් මාස හයක් විතර වෙන්න ඇති, ඔව් මාස හයයි. මාර්තු මාසේ අග වගේ වෙනකොට ඒ කියන්නෙ අනූෂාට එක්සෑම් ලංවෙලා තිබුනේ. අපි හය දෙනා හොද යාලුවො වගෙ හිටියා. අපි එක එක්කෙනාට ගොඩක් වෙනස්. ඉවොන්ගෙ චරිතෙනම් මට එච්චර රිස්සුවෙ නම් නෑ. ඒත් අපි අතරෙ ගැටළුවක් මතු උනේ නෑ. බර්ටියානම් පිස්සු හාදයෙක්. ඌට තිබුනෙ හින්දි උණක්. මරදානේ ෆිල්ම්හොල් එකට එන කිසිම හින්දි චිත්‍රපටයක් ඇරියෙ නෑ. සමහර දාට අපිත් ගිහින් බලනවා. ධම්මිනම් එච්චර කතාකලේ නෑ. එයාටත් එක්ක අනූෂා කතා කලා. ඉනෝකාගෙ තිබුනෙ තැම්පත් බවක්. ඒත් හිටපු ගමන් පණ්ඩිත කතාවක් එහෙමත් කියනවා. කොහොම හරි ඔය කාලෙදි හරි පුදුම දෙයක් සිද්ධ උනා.
මං ඉගෙන ගත්තට රස්සාවත් දිගටම කරගෙන ගියා. අර අලුතින් පටන්ගත්ත වැඩෙත් සෑහෙන්න ඉවර කරලයි තිබුනේ. මට තිබුනෙ එතන වැඩ බලන්න. ඒත් මම එතන ලොක්කාවගේ නෙවෙයි කොල්ලොත් එක්ක සෙට්වෙලා ෆන් එකේ හිටියේ. අඩුපාඩු එහෙම බලලා ගෙන්නගන්න වැඩ සහ අකව්න්ට්ස් වැඩත් මං තමා කලේ. ඒ වෙනකොට බිල්ඩිමේ ස්ලැබ්එක දාලා දෙවැනි තට්ටුවටත් කණු දාලා තිබුනේ. ඒක කඩසාප්පු සංකීර්ණයක් දාන්න හදන එකක්. එක නිසා ප්‍රධාන පාරට මූණ දාලා තමයි තිබුනේ. අපි එතන වැඩකරන සෙට්එක සමහරදාට වැඩ ඉවරවෙලා කලුවර වැටෙනකන් එක එක දේවල් ගැන අල්ලාප සල්ලාප දොඩව දොඩව ඉන්නවා. එදත් බැල්කනියෙ උඩ පේළියට කට්ටියම කකුල් දෙක පහතට දාලා වාඩිවෙලා උන්නා
ඒ වෙලාවේ මං දැක්කා කවුද ගෑණූ කෙනෙක් පාර අයිනෙ ඉදලකුත් තියාගෙන පාර අතුගාගා අපේ බිල්ඩිම තියෙන පැත්තට ආවා. මේක දැකපු ජයන්ත කියනවා “ආං අදත් අරකි මේ පැත්තට එනවා. බොසා හම්බවෙන්න තමයි“ කියලා. ඉතින් මං ඇහුවා කවුද බන් ඒ නගර සභාවේ වැඩ කරන ගෑණියෙක් නේද කියාලා. එතකොට ජයා (ජයන්ත) කියනවා “ ඇයි බන් ඔය බොසාගේ කේජු කැල්ලනේ. උඔටත් ඕන්නම් බොසාගෙන් ටිකක් ඉල්ල ගනින්“. “කේජු කැල්ල?“ මං පුදුමෙන් වගේ ඇහුවා. “ඔවු බන් ඕකි වේසියක් බං. අපිත් ඉතින් ඇගේ අමාරුවට තෙල් ගාගන්න එහෙම යනවා, අපි දන්නවනේ උඹේ හැටි, උඹට කිව්වට වැඩක් නැති නිසා කිව්වෙ නෑ“ කියලා ප්‍රේමදාසයා විස්තර කලා.
ඒක ඇහුවම මට තරහක් ආවා. “අනේ මේ මුදලාලි මහත්තයට පද හදන්නැතුව හිටහන් බං. උබලා වලත්තගැනු පස්සෙ ගියා කියලා බෝධිසත්වයෙක් වගේ ඉන්න මනුස්සයට ජරා කතා බදින්නැතුව“ කියලා මං බැන්නා. එතකොට ජයේ කියනවා “අනේ තෝ දන්න හරියත මයි ඒ, අපේ බොසාගෙ වැඩ ගැන උඹ දන්න අටමගලයක් නෑ. සල්ලිකාරයො කවුරුත් එකයි. ඔන්න බලපන්කෝ ඔය ගෑනී එන්නෙ බොසා හම්බවෙන්න නොවෙයිද කියලා“.
අර ගැණු කෙනාද බිල්ඩිම ඉස්සරහටම අතුගාගෙන විත් කුණු ඔක්කොම බැරල් එකකට දැම්මා. දාලා වටපිට බලලා අපි දිහාටත් බැල්මක් දාලා කටේ පුරවන් හිටපු බුලත් කෙල පාරක් තපාස් ගාලා දකුණතේ ඇගිලි දෙකක් අතරින් කාණුවට ගැහුවා. ඊට පස්සේ ඒ අතින්ම කට පිහදාගෙන පාර පැනලා අපි දිහාට ඇවිත්,
“කෝ ජයසිංහ මුදලාලී ඉන්නවද?“ කියලා ඇහුවා.
Next chapter - http://asanka-mind.blogspot.com/2013/09/13.html

Tuesday, August 20, 2013
66 සතිය
අනුන්ගේ වැරදි නොසොයා තමන්ගේ වැරදි සොයාගන්න, මන්ද තමාට මානසික දඩුවම් ලැබෙන්නේ තමා කල වැරදි වලට පමනයි.
Friday, August 16, 2013
12 ලිපිය - ගැටළු වලට පිළිතුරු 2
අද ලිපියෙන් මං බලාපොරොත්තු වන්නේ පසුගිය ලිපියේ සදහන් කල පරිදි “යථාර්ථය හොයා ගෙන යනවා කියන්නේ, අපි යථාර්ථය කියන දේ අර්ථයවත් නොදැන ඒ පස්සේ දුවනවා කියන එක නේද?“ කියන ගැටළුවට විසදුමක් සොයන්නයි.
අප යමක් සොයනවනම් අනිවාර්යයෙන්ම අපි සොයන්නේ කුමක්ද යන්න දැන ගතයුතුයි. අප සොයන්නේ කුමක්ද නොදැන සෙවීම යන්න අර්ථ විරහිතයි. ඒ අනුව සෙවීම දෙයාකාරයි. එකක් නම් අප ලඟ තිබූ දෙයක් අස්ථාන ගතවී ඇති විට සෙවීම හා අප බලාපොරොත්තු වන දෙයක් සෙවීමයි. යථාර්තය සේවීම අයත් වන්නේ දෙවැනි ආකාරයටයි.
එතකොට අප යථාර්තය දැනගෙන යථාර්තය සොයනවා කියන අදහස මතුවෙන්නෙ නෑ. අප දන්නෙ යථාර්තය නොව යථාර්තය කියන්නේ මොකක්ද කියල විතරයි. ඒක මේ වගේ දෙයක්. කෙනෙක් කවදාවත් අලියෙක් දැකල නෑ. නමුත් අලියා කියන්නේ මේ වගේ සතෙක් කියල ඔහු දන්නවා. ඔහු අලියෙක් සොයාගෙන කැලේ යද්දී ඔහු කවදාවත් අලියෙක් කියලා වෙන සතෙකුට රැවටෙන්නෙත් නෑ. අලියෙක් දැක්කොත් මේ අලියා නොවෙයි කියලා රැවටෙන්නෙත් නෑ. නුමුත් අලියා මොන වගේද කියලවත් නොදන්න කෙනෙක්ට අලියෙක් සොයන්න බෑ. මේ නිසා අපි යථාර්තය සොයන්න ඕන යථාර්තය කියන්නේ මේ වගේ දේකටයි කියල දැනගෙනමයි.
මං තව උදාහරණයක් කියන්නම්. සිදුහත් කුමරා නිවන සොයන් ගියේ නිවන කියන්නේ මේ දේටයි කියල නොදැන නම් නිවන සොයාගන්න උන්වහන්සේට බැරි වෙනවා. සිදුහත් තවුසා ඒ ඒ ගුරුවරු අත්හැරියේ තමා සොයන නිවන ඒ අය ලඟ නොතිබූ නිසා. එහෙනම් සිදුහත් තවුසා දැනගෙන තියෙනවා නිවන කියන්නේ මේ වගේ දෙයක් කියලා.
එසේනම් යථාර්තය කියන්නේ මොකක්ද? යථාර්තය යනු යථා අර්තයයි. එනම් නිවැරදි අර්තය හෙවත් නිවැරදි හේතුවයි. මාලූ යාළු කිව්වා වගේ මේ දේ මෙසේ සිදුවන්නේ ඇයි කියල හොයන එක තමයි යථාර්තය සොයනවා කියන්නේ. එතනදි අමාරුම දේ තමයි අප විසින් ඉදිරිපත් කරන හෝ හොයාගන්නා හේතුව නිවැරදිම හේතුවද යන්න නිශ්චය කිරීම.
ඒක නිසා තමයි මං කලින් ලිපියෙත් සදහන් කලේ අප යථාර්තය සොයා යනවනම් කිසිම රාමුවකට කොටු නොවී විවෘත මනසකින් එය කල යුතුයි කියා. මං හිතනවා බුදු රජාණන් වහන්සේ ද සමාධිගත වූ සිතින් විදර්ශනා කරන්න (සත්‍ය සොයන්න) කියන්න ඇත්තෙ ඒ නිසා කියලා. සියලු බැදීම් වලින් ( සියළු විශ්වාසයන්ගෙන් හා උපකල්පන වලින්) නිදහස් වූ විටයි අප සොයාගත් දේ නිවැරදිම හේතුවද කියලා විනිශ්චය කරන්න පුළුවන් වෙන්නේ. ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියන්නෙත් ඒ දේම තමයි.
මං හිතනවා ඒ ගැටළුවට පිළිතුරක් ලැබෙන්න ඇති කියලා. යම් අදහසක් හෝ ගැටළුවක් ඇත්නම් අහන්න. ඊ ළඟ ලිපියෙන් “යථාර්ථය සහ විමුක්තිය කියන්නේ දෙකක් නේද?“ කියන ගැටළුවට පිළිතුරක් දෙන්නම්
ඔබට නිවන් සුව ලැබේවා !

Saturday, August 10, 2013
Friday, August 9, 2013
පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 11
“එයාගේ තාත්තා දහම්පාසල් ළමයින්ට ඇදුම් පොත්පත් එහෙම ඩොනේට් කරනවා. ගිය
ඉරිදා එයා ඒ ඉවෙන්ට් එකට ගිහින්, මොකද ඔච්චරටම ඉනෝකා ගැන අහන්නේ, කොල්ලගෙ
හිත ගිහින්වත් ද? ආ..“
“අනේ එහෙම දෙයක් නෑ. මගේ ස්කොලේ හිටියා පද්මා කියල යාලුවෙක්, එයත් ඉනොකා වගේමයි. මං නිකන් ඇහුවෙ“ කියලා මං කිව්වා. ඒ පාර ඒකි මට කොලොප්පන් කරන්න පටන් ගත්තා.
“ආ ආ පද්මා නේද, ඉතින් ඉතින් පද්මාව අමාරුවෙ දාලා කොල්ලා කොළඹ පැන්නා නේ“
“පිස්සු ද අනූෂා එයා මගේ සහෝදරියක් වගේ. මගේ එහෙම දෙයක් තුන් හිතකවත් තිබුන්නෑ“ කියලා මං අමනාපෙන් වගේ කිව්වා.
ඒ පාර එයා “අයියෝ මං විහිලුක් කලේ. ජස්ට් අ ජෝර්ක්, ඩෝන්ට් ගෙට්ඉට් මච් සීරියස්“ කියා කියල, ආයේ “ඇත්තටම අරවින්දට ස්කෝලේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියෙ නැද්ද“ කියලා ඇහුවා.
“ඒ කියන්නෙ ආදරවන්තියක් ද, අපෝ නෑ. ඒ කාලේ අපිට ඕවට වෙලාවක් තිබ්බෙ නෑ, සමහර අයටනම් හිටියා, ඒත් මටනම් ඊට වඩා ඕන තරම් ප්‍රශ්න තිබුනා හිතන්න“ කියලා මං කිව්වා.
ඒ පාර අනූෂා කියනවා “ඔය ඉතින් ඔයා සීරියස් ගන්නවනේ, මං කිව්වේ ඉතින් ඔය කාලෙට ඒ වගේ දෙයක් නැත්නම් කිසි ගෝ එකක් නෑ නේ. මේ කාලෙට ලයිෆ් එක එන්ජෝයි කරන්න එපැයි“ කියලා. මහ පිස්සු කෙල්ලෙක්.
මං කිව්වා “අනේ මීට වඩා මොන ඇන්ජෝයිද, මට මේ ඉන්න විදිය හොදා“ කියලා. ඒ පාර ඒකී “අනේ ඉන්න. අයි නෝ අබව්ට් බොයිස් වෙරි වෙල්. ඉන්නකො මං ඔයාට ලයිෆ් එක එන්ජෝයි කරනහැටි කියා දෙන්න“ කියලා මං දිහා රොමැන්ටික් බැල්මක් දාලා මේකී මගේ උරහිස අල්ලා තල්ලුවක් දැම්මා. එක පාරටම වාහනේ දකුණට කැපුනා. තව පොඩ්ඩෙන් ඇක්සිඩන්ට් වෙනවා.
මට තරහ ගියපාර මං කිව්වා“ ඔයැයිට පිස්සුද අනූෂා, තව පොඩ්ඩෙන් හැප්පෙනවනේ“ කියලා. කෙල්ලත් ටිකක් බය වෙලා හිටියේ. “අනේ සොරි අනේ, මං හිතල නෙවේ කලේ, ප්ලීස් ෆොගිව් මී ප්ලිස් ප්ලීස්.. “ කියලා ඇස් දෙක චුටී කරලා මං දිහා පොඩිඑකියක් වගේ බලං හිටියා. ඒ බැල්මට මටත් අප්සෙට්. ඒ පාර මං කිව්වා “හරි හරි, මීට පස්සෙවත් ඔය වගේ මෝඩ වැඩ කරන්න එපා. වාහනේ හැප්පුනානම් එහෙම, මට සර්ගෙන් ඉන්න හම්බවෙන්නෑ. “ කියලා.
එදා රෑ නිදාගන්න ගියාම හවස වෙච්ච දේවල් ආපහු මතක් වෙන්න ගත්තා. “ඇත්තටම අනුෂායි ඉනෝකායි කොච්චර වෙනස් ද, ඒත් ඉතින් ඉනෝකා දැක්කෙත් අද, එක දවසකින් ගැනියෙක් මනින්න පුලුවන් ද, එක වගේ පෙනුම තිබ්බට ඉනොකා පද්මා වගේ කියල හිතන්න බෑනේ“ ඔය විදියට එක එක දේවල් හිතෙන්න ගත්තා. මං හිතන්නේ එදා මට නින්ද යනකොට රෑ දොළහත් පහුවෙන්න ඇති.
Next chapter - http://asanka-mind.blogspot.com/2013/08/12.html

Subscribe to:
Posts (Atom)