මගේ දෙවන සැත්කම කර ගැනීම උදෙසා අම්මාත් තාත්තාත් සෑහෙන වෙහෙසක් ගන්නට විය. එන්න එන්නම මගේ හතිය වැඩි වීමත් ශරීරය දුර්වල වීමත් නිසා ඔවුන් වඩාත් බිය වන්නට ඇත. මට අවුරුදු නවය ලබන විට එනම් 1998 මාර්තු මාසය වන විට තාත්තා මාව සායනයන්ට රැගෙන ගිය අතර ඩොක්ටර් නරෙන්ඳ්‍ර සම්බන්ධ කර ගැනීමේ අවස්ථාව ද උදා විය. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නෙවාසිකව ප්‍රතිකාර ලබමින් සැත්කමට පෙරාතුව කලයුතු පරික්ෂණ සඳහා කටයුතු කෙරිණි. නමුත් වෛද්‍යවරයා නිතර නිතර විදේශ ගතවීම නිසා සියල්ල පරීක්ෂණ වලට සීමා විය. එය රජයේ රෝහලක් නොවූ නිසා සෑහෙන විදමක් දැරීමට ද දෙමව්පියන්ට සිදුවිය. හතර වසර අවසන් වනතෙක්ම විටින් විට රෝහලේ නෙවාසිකව පරික්ෂණ කෙරුණු අතර විවිධ හේතුන් මත සැත්කම කල් දැමීමට සිදුවිය.
මේ අතර ඩොක්ටර් නරේන්ද්‍ර දිගු කාලයකට ඉන්දියාවට යන බව පවසා තම මිතුරකු වන ඩොක්ටර් පනෙල් ගුණරත්නට මගේ වගකීම පැවරීය. එතැන් පටන් එම වෛද්‍යවරයා යටතේ නැවත පරික්ෂණ වලට මා භාජනය කල නමුත් ඒ සෑම පරික්ෂණයකම අවසාන ප්‍රතිඵලය වූයේ සැත්කමට දිනයක් සොයා ගැනීමට නොහැකි වීමයි. හදිසි සැත්කම් කිරීමට ඇති බැවින් මාගේ සැත්කම දිගින් දිගටම කල් යැවුණි. නමුත් තාත්තා උත්සහය අත් නොහැර මාගේ සැත්කම ඉක්මනින් කරදෙන මෙන් වෛද්‍යවරයාට කන්නලව් කලේය. අම්මාගේ අඳා්ෙවැඩියාව නිසා තාත්තාට නිතර නිතර වෛද්‍යවරයා හමුවීමට සිදුවිය.
එහි දී ලොකුම ගැටළුව වූයේ කෙලින්ම වෛද්‍යවරයා මුණගැසීමට ඇති බාධාවයි. වෛද්‍යවරයා මුණගැසීම සඳහා දිනයක් වෙනු වූ අතර එදිනටද රෝගින් විශාල ප්‍රමාණයක් පෝලිමේ සිටි බැවින් තාත්තාට නිවාඩු දමා සායනයන්ට සහභාගි වීමට සිදුවිය. එය දිගටම කලහැකි කටයුක්තක් ද නොවූ බැවින් තාත්තා ඊට කදිම උපායක් යෙදී ය. තාත්තා කොපමණ වාරයක් රෝහලට පැමිණ ඇත්දැයි කිවහොත් ආරක්ෂක අංශ විසින් තාත්තා පරික්ෂා නොකර ඇතුළු කරන තරමටම තාත්තාව ඔවුන්ට මතක තිබිණි. මේ කරුණ ප්‍රයෝජනයට ගත් තාත්තා සුදු කලිසමක් හා සුදු කමිසයක් හැඳ රෝහල් සේවකයකු සේ රෝහලට ඇතුලු වී කෙලින්ම වෛද්‍යවරයාගේ කාමරයට ගොස් වෛද්‍යවරයා හමු විය. වෛද්‍යවරයා ද යහපත් අයෙකු වූ බැවින් තාත්තාගේ තත්වය තේරුම් ගත්තේය. තාත්තා රෝහලේ කිසිවකුටත් සැක නොසිතෙන අයුරින් උදේ පාන්දරම ගොස් දින කීපයක්ම වෛද්‍යවරයා හමු වීමට සමර්ථ විය. එහි ප්‍රතිඵලයක් ලෙස මාගේ තත්වය බරපතල බවද වහා සැත්කම කල යුතු බවට ද වෛද්‍යවරයාගෙන් නිර්දේශයක් ලබා ගත්තේ ය. ඒ අනුව එම වර්ශය අවසන් වනවාත් සමඟම තාත්තාගේ ද අම්මාගේ ද උත්සහය සාර්ථක විය.
කෙසේ වෙතත් සැත්කමට පෙර කලයුතු පරීක්ෂණ රාශියක් විය. මන්ද ඒ වනවිට කර තිබූ පරික්ෂණ ප්‍රතිඵල ඒවා සිදුකල මාසයන්ට පමණක් වලංගු වීමය. මේ නිසාම සැත්කමට අමතරව සෑහෙන මුදලක් අනවශ්‍ය ලෙස වියදම්ව තිබිණ. ඒ නිසා මී ළඟට දෙමවුපියන්ට මුහුණපෑමට සිදුවූයේ මුදල් සොයා ගැනීමේ ගැටළුවටයි. ඒ අනුව ජනාධිපති අරමුදලෙන් ද, හිත මිත්‍රාදින්ගෙන ද, ටිකට් පත් විකිණිමෙන් ද, මාගේ ජීවිත රක්ෂණයෙන් ද, ඉඩමේ කොටසක් විකිණිමෙන් ද සහ බැංකු ණය ලබා ගැනීමෙන් ද අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට තීරණය කෙරිණි. මෙලෙස මාගේ දෙවන සැත්කම කිරීමට අවශ්‍ය මූලික පියවර සකස් කෙරිණි.
ලොකු කතාවක් වගේ. ජය වේවා.
ReplyDeleteකියවලම බලන්නකෝ..
Deleteස්තුතියි !
//තාත්තා සුදු කලිසමක් හා සුදු කමිසයක් හැඳ රෝහල් සේවකයකු සේ රෝහලට ඇතුලු වී කෙලින්ම වෛද්‍යවරයාගේ කාමරයට ගොස් වෛද්‍යවරයා හමු විය. //
ReplyDeleteඅම්මලාගේ වගේම තාත්තලාගේ කැපවීමත් අගය කල යුතුයි.
ප්‍රශ්නෙ ළමයින්ට ඒක නොතේරෙන එකනේ..
Deleteදෙමව්පියන් උනත් දුක ළමයින්ගෙන් හංගලානේ වැඩ කරන්නෙ.