මගේ සිත දුවනවා
නුඹේ ලඟ
රැඳෙනවා
නුඹම ගැන
කියනවා
කියා මා පෙළනවා
කියා මා පෙළනවා
මෙතෙක් මට
අවනතව සිටි සිත
මගේ ලඟ මා තබා
ගත්තද
ඉඩක් ලද විට
දුවයි ඔබ වෙත
කිමද ඔබ කල
අරුම කිව මැන
දහක් තරු දැක
නොපිපි සියපත
හිරු සදිසි කල
පිපී එන ලෙද
නොයෙක් කම් සැප
ලදත් මේ සිත
ඔබ වෙතම
ඉගිලෙනා අරුමය
No comments:
Post a Comment