නිදි යහන මත මාව පෙලනා නියා
නිදි දෙව්දු හමුවන්න නොමදී ඔයා
මගෙ හදෙහි දැවටෙන්නෙ කිමදෝ කියා
පවසන්න මේ හැටිම සිතුමන් තියා
සිහිල් මද පවනැල්ල සේ ඵන්න ආසයි
ඇවිත් ඔය කෙහෙරැල්ල නලවන්න ආසයි
ඉර නැගෙන අරුණැල්ල හා එන්න ආසයි
ඔබේ ලඟ සෙවනැල්ල වී ඉන්න ආසයි
මුව කමල ඇහිපිල්ල යට රැඳුණු ගානයි
මද කොමල හසරැල්ල තුන් රැයෙහි පායයි
මට රැයෙහි සැනසිල්ල ලැබ ගන්න බෑමයි
මගේ මේ පැමිණිල්ල මල්සැව්ට බාරයි
මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .
ReplyDeleteشركة تنظيف منازل بالرياض
ReplyDeleteشركة تنظيف فلل بالرياض
شركة تنظيف شقق بالرياض
شركة تنظيف كنب بالرياض
شركة تنظيف موكيت بالرياض
شركة تنظيف مساجد بالرياض
شركة تنظيف واجهات بالرياض
شركة تنظيف ستائربالرياض