Thursday, July 31, 2014

107 සතිය

කලණ මිතුරා යනු තමාව වඩාත් සතුටු කරන්නා නොව, ඇත්ත ඇති සැටියෙන් පෙන්නා දෙන්නාය.

Saturday, July 26, 2014

මස් ‍ගෝනියක්...

මස් ගෝනියක් වාගෙයි අපේ මේ සරීරය මල්ලී
කිසි සාරයක් වටිනාකමක් නෑ ඒ මස්ගොඩේ මල්ලී

මේ සිතත් රැවටී ඇතේ සුරඹුන් කියා කෙල්ලී
සිත හරි අන්ධයෙක් මල්ලී

ඒ උනත් 
මස් ගෝනියක් වාගෙයි....

අපේ ජාතිය මෝහ ජාතියයි
අනේ සිත ඒ දකින්නේ සාරයටයි
ආ............
කොයි කාගේ රූපකයත් අපිට එකයි
ආ ..........
සිතට ඕනේ ඒ රූපය බදාගන්නයි සහෝදරවරුනි

ඒ උනත්

මස් ගෝනියක් වාගෙයි....... 

Thursday, July 24, 2014

106 සතිය

මිනිසුන් ලස්සන දේවල් වලට ආසය. ඔවුන් ඒවාම සොයා යති. නමුත් තමා හොයන දේ (ලස්සන) අර්ථකතනය කල හැකි කෙනෙකු නැත.

Monday, July 21, 2014

‍මේ මානසික රෝගය ඔබටත් තිබේද?

ආයූබෝවන්ඩ ඔහේලට මං මේ අද කියාපිනාලන්ට හදන්නේ දරුණු මානසික රෝගයක් ගැන ඕං. මේ රෝගය බොහෝමයක් දෙනාට තියෙන රෝගයක්. බොලාට කියන්න මේක තරුණ කාලෙදි තමා හැදෙන්නේ, මේ රෝගින්ගේ හැසිරීම දකින අයට බෝවෙන්නත් ඉඩ තියෙනවා. එක එක අය එක එක නමින් මේ රෝගේ හදුන්වනවා.
මේක හැදුනු අයගේ රෝග ලක්සොන තමා, ඔය කැහි කෙළ, වමනේ එහෙම දාපිනාලන්ට හදාපිනාලා තියෙන කැසිකිලි කටවල් වගේ එව්වා ඉඹින්න, ලෙවකන්න එහෙම ආස හිතෙනවා. ඒක රෝගෙ හැදුනු මුල් කාලේ එන හැගීමක්. ඊ ළගට ඕං අර මුත්‍රා කරන්න හදාපිනාලා තියෙන පිස් පෝච්චි, මුත්‍රා බට වගේ එව්වා පිරිමදින්න, ලෙවකන්න එහෙමත් හිතෙනවා. ලෙඩේ දරුණුම වෙනකොට ඕං අර මළපහ කොරන්න තියෙන එව්වට ඇගිලි ගහපිනාලන්න, සිප ගන්න එහෙමත් හිතෙනවා.

ඉතිං මේ මානසික රෝගය හරිම දරුණුයි. සමහරු ගෙදරට අරවගේ එව්වා ගෙනැල්ලා ගෙදර තියන් ක‍ාටවත් නොදි ඉඹිනවා, අතගාපිනාලනවා, ලෙවකාපිනාලනවා. ලෙඩේ උත්සන්න වෙච්චි එවුන් හොටෙල්, තානායම් වල එහෙම තියෙන එව්වා පාචිව්වි කොරාපිනාලනවා, නැත්නම් ඕං තමන්ම ඒ වගේ තැන්වලට අරන් ගෙහුං පාචිච්චි කොරපිනාලනවා. දරුණුවටම මානසික රෝගේ තියෙන එවුන් අනුන්ගේ ගෙවල්වල තියෙන පිස්පෝච්චි, කැසිකිළි වලවල් වගේ එව්වා අතගාපිනාගන්න, ලෙවකාපිනාලන්න උනත් පෙළඹෙනවා.

අම්මපල්ලා බොලාට කියන්න ඔය බිසිනොස්කාරයෝ මේ රෝගින් දඩමීමා කොරගෙන අරකියෙව්වා ගෙනැල්ලා තියාගෙන කුළියටත් දෙනවා. මේ රෝගේ කොච්චර පොදු රෝගයක් ද කියනවානම් දෙමව්පියන්ගේ ආසිරිවාද මැද්දේ පාටි දාලා තමන්ටම කියලා අරවගේ කැහිකෙළ, වමනෙ, මුත්‍රා, මළ දාපිනාලන්‍ට තියෙන එව්වා සැට් එකක් ගෙන්නගෙන ඉඹිනවා, අතගාපිනාලනවා, නොයෙක් එව්වා කොරාපිනාලනවා.

ඉතින් ඔන්න ඔය වගේ මානසික රෝගයක් තියෙනවා ඕං. බලාපල්ලකෝ බොලාටත් මේක තියේද කියාලා.


Friday, July 11, 2014

105 සතිය

ධර්මයට නිගා කරන්නේ අන්‍යාගමිකයන් නොව අගමානුකූලව නොහැසිරෙන තමා එහි ආගමිකයෙකුයැයි කියන්නාය.

Saturday, July 5, 2014

104 සතිය

හිත මෙල්ලකරගැනීම කුළු මී හරකෙකු මෙල්ලකරනවාට වඩා අමාරුය. මිනිසුන් ලෝකය වෙනස් කරන්නෙ එබැවිනි.

Tuesday, July 1, 2014

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 28

කොහොමහරි ඊළඟ දවසේ මං පන්ති ගියාම ඉනෝකාට ඇත්තම කිව්වා. ධම්මිට කිව්වා, ඉනෝකාගේ කාර් එක ආවම ඉනෝකා යාළුවෙක්ගේ පාටී එකකට ගියා, එනකොට රෑ වෙයි කියන්න කියලා. එහෙම කියලා පන්ති ඇරිලා මායි ඉනෝකායි ගෝල්ෆේස් එකට ගියා.හැන්දෑ වරුව හින්දා අව්වක් එච්චර තිබුනෙත් නෑ. නැත්නම් හුළං පාරට අව්ව දැනුනේ නෑ. ඒත් ඉනෝකා කුඩයත් ඉහළගෙන මගේ උරහිසට බරදීලා මං ළඟින්ම වාඩිවෙලා හිටියා. මං දැන් කොහොමද කතාව පටන්ගන්නේ කිය කියා කල්පනා කරනවා. මොකද එයාගේ හිත රිදෙනවට මට හරි බයෙන් උන්නේ. අන්තිමට කොහොම හරි එයාම කතාව පටන් ගත්තා.

අරවින්ද ඇත්තටම ඔයාගේ තාත්තට මොකද උනේ කියලා ඔයා මට කිව්වේ නෑනේ. ඔයා කිව්වෙ ඔයාගේ තාත්තා බොම්බෙකට අහුවෙලා නැතිවුනා කියලනේ, ඉතින් තාත්තා කොහෙද වැඩ කලේ. කොළඹ ද?
මං වෙන කල්පනාවක හිටිය හින්දා එයා අහපු ප්‍රශ්නේ තේරුම් යන්න ටිකක් වෙලා ගියා. “ ම්.. ආ ඔව් තාත්තා වැඩකලේ කොළඹ තමා. තාත්තා කරපු රස්සාව හරියටම මං දන්නේ නැ. අම්මා කිව්වේ බිස්නස් කරනවා කියලා. තාත්තා ගෙදර එන්නේ සතියට දවසක් දෙකක් තමා, ඒකත් හිටපු ගමන්. ඒ තරම් මහන්සියෙන් තමා අපේ තාත්තා හම්බු කරේ. මට තාත්තව හොදට මතකයි ඒ කාලේ, තාත්තව මුස්ලිිම් කෝලහාල කාලේ තමා නැතිවුනේ. තාත්තව අදුරගන්න බැරි තරමටම පිච්චිලා, තාත්තගේ හැදුනුම්පතින් තමා අදුනගෙන තිබුනේ. තාත්තා වැඩිය අපිත් එක්ක උන්නෙ නැති හින්දා මට ඒ ගැන දුකක් තිබ්බෙත් නෑ“ කියලා මං කිව්වා. ඊට පස්සේ අපි ගොඩාක් විස්තර කතා කලා. අන්තිමට මං කොහොම හරි අනුලා ගැන කියන්න අවස්ථාවක් හදාගත්තා. මං කිව්වා “ඉනෝකා මං අද ඇත්තටම ඔයත් එක්ක ගෝල්ෆේස් ආවේ ඔයාට වැදගත් දෙයක් තියෙනවා තියන්න.“ කියලා. එතකොට එයා ඇහුවා “ඒ මොකක්ද අප්පේ එච්චරම වැදගත් දේ, අපේ වෙඩින් එක ගැනද ආ..“ කියලා. “නෑ එහෙම දෙයක් නෙවේ. ඇත්තටම මං මහා ජරා මිනිහෙක් ඉනෝකා, මං ආදරයේ පොරොන්දුව මහ නරක විදියට කඩලා දාපු කෙනෙක්, මං ගිය සතියට කලින් සතියේ ගණිකාවක්ගෙන් සතුටු වුනා. මට ඒ වෙලාවේ මහ නරක විදියට ඔයාව අමතක උනා. මං ගියේ අපේ මුදලාලි මහත්තය ගැන යමක් දැනගන්න හිතාගෙන උනත් මං එයා ඉස්සරහා රාගයෙන් අන්ධ උනා. තවදුරටත් මං ඔයාට සුදුසු නෑ ඉනෝකා. මට සමාවෙන්න කෙල්ලේ “ කියලා. මට කියාගන්න හම්බුනේ එච්චරයි. මගේ කටහඩ වෙවුලන්න පටන්ගත්තා, ඇස්වලින් කදුළු බෙරෙන්න පටන්ගත්තා. ඉනෝකාගේ ඇස්වලත් කදුළු. එයා කිසි දෙයක් අදහාගන්න බැරි විදියට මං දිහා ටිකක්වෙලා බලා ඉදලා මූන දෑතින් බදාගෙන අඩාගෙන දුවගෙන ගියා. ගිහින් ගෝල්ෆේස් එකේ මුහුද පැත්තට හදලා තියෙන කොටුවට ගිහින් මුහුද දිහා බලාගෙන හිටියා. මාත් වාඩිවෙච්චි තැනම වාඩිවෙලා හිටියා. එයා ආවෙම නෑ. ගොඩක් රෑ වෙන නිසා අන්තිමට මං එයාගෙ ලගට ඇවිදං ගියා “අපි ගෙදර යං “ මං  කිව්වා. “ඇයි අරවින්ද ඔයා එහෙම දෙයක් කලේ, ඔයා හිතනවද ඔයා මොන වැරැද්ද කලත් ඔයා නැතිව මට ඉන්න පුලුවන් කියලා“ එයා හරිම බයාදු විදියට එහෙම ඇහුවා. “මට තෙරෙන්නෑ ඉනෝකා, මට ඒවෙලාවේ මොන යකා වැහුනද කියලා, මේ රාගය නිසා මිනිස්සු පුදුම විදියට අන්ධ වෙනවා“ කියලා මං කිව්වා. ඒ පාර ඉනෝකා කියනවා “මට හරි පුදුමයි, මෙච්චර කාලෙකට ඔයා මට මෙහෙමයි කියලා වරදක් කරල නෑ. අඩුගානේ දෙමව්පියන්ගේ අවසරය නැතුව එක හාදුවක්වත් දෙන්න අකමැති ඔයා එහෙම දෙයක් උනේ තොහොමද?“ කියලා. ඊට පස්සේ මං “දැන් අපි යමු. ඔයාගේ තාත්තා බයවෙලා ඇති දැන් හොදටම“ කියලා අපි දෙන්නා ගෙදර ගියා. මං ඉනෝකාව එයාගේ ගේ ගාවටම ඇරලුවා. අන්තිමට ඉනෝකා කිව්වා “ඔයාව අපේ තාත්තට මිට් වෙන්න ඕන කිව්වා, හුඟක් දුරට ලබන සතියේ තාත්තා ඒවී“ කියලා.

Next chapter - http://asanka-mind.blogspot.com/2014/08/29.html

Wednesday, June 25, 2014

103 සතිය

ගමනක් යාමේදී මුලින්ම අවසාන නැවතුම්පොල කෙසේ විය යුතුදැයි තීරණය කරන්න. මග නවතින තැන් පසුව තීරණය කල හැක. අපේ ජීවිත ගමනේ ඉලක්කය විය යුත්තේද අවසාන නැවතුම්පොල කෙසේ විය යුතුදැයි තීරණය කිරීමයි.

Friday, June 13, 2014

102 සතිය

අපේ අරමුණට උපකාර වන දේ හොද දේ වන අතර අපකාර වන දේ නරක දේ වේ. අනෙක් ඒවා හොද හෝ නරක හෝ නොවේ.

Saturday, June 7, 2014

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 27

"මට කොහොමත් එකයි " මං කිව්වා. පස්සේ අපි නුවර වැව  පහුකරලා හුන්නස්ගිරිය පැත්තට යනකොට හමුබුවෙච්චි තානායමක නැවතුනා.රෑ කෑම කන්න පොල්අතු හට් එකක් යට ලැස්ති කරල තිබූනේ. බැදපු වැව්මාලූ සමග රයිස් එකක් තමා මුදලාලී ඕඩර් කරල තිබුනේ. මිනිහා නම් බියර් එහෙකුත් බිබී මාත් එක්ක කතාව පටන් ගත්තා.
"අරවින්ද අඩියක් පුඩියක් ගහනවනම් කියන්න මං ඕඩර් කරන්නම්, මං නම් ඕවා එච්චර ඔලුවෙ තියන් ඉන්න මිනිහෙක් නෙවේ." මං ඉතින් ගමේ ඉන්දැද්දි උඔලත් එක්ක රා ටිකක් බීල තිබ්බට ඔය රට බීම බොන එකෙකේ නෙවේනේ. මං කිව්වා"අනේ සර් මං ඕවා පාවිච්චියක් නෑ, සර් බොන්න" කියලා. එතකොට මිනිහා කියනවා "මං දන්නවනේ අරවින්ද ගැන, මං නිකමට වගේ ඇහුවේ, අරවින්ද බෙදාගෙන කන්න මං මේක ෆිනිෂ් කරපු ගමන් කනවා" කියලා මිනිහා බියර් කෑන් එකෙන් උගුරක් බීලා ටිකක් මගේ පැත්තට නැඹුරු වෙලා ටික්ක සීරියස් විදියට කියනවා  " පුතා දන්නවනේ මං අනූෂා ව හදාගත්තේ මගේ පණ වගේ. මට ඉතින් මගේ චුටී මැණිකේ තරම් දෙයක් තියනවද, ඒ ළමයා මොන වරදක් කලත් මං දන්නවා අපේ පවුලට අවනම්බු වන විදියෙ දෙයක් නොකරන වග. තරුණ ළමයි උනාම ප්‍රේම සම්බන්ධතා ඇතිවෙනවා. මං කියන්නෙ නෑ ඒක වරදක් කියලා. පුතායි අපේ දුවයි දැන් සෑහෙන කාලයක් ලගින් ඇසුරු කරන නිසා ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න බැරිකමකුත් නෑනේ. බය වෙන්න එපා එහෙම දෙයක් තියෙනවනම් කෙලින්ම කියන්න, අම්මපා එහෙම දේකට මගේ කිසීම ආරෝවක් නෑ. මං උනත් මගේ දුවට හොයන්නේ සල්ලිකාරයෙක් නෙවේ. සල්ලිනම් මට ඕනතරම් තියෙනවා, එහෙම ඇයෝත් ඕන තරම් අදුරනවා. ඒත් මනුස්සකම කියන එක හැමෝම ළඟ නෑනේ."
මිනිහා මොකාටද එන්නෙ කියලා මට තේරුණා. අනූෂා කලින්ම මට මේක කියලනෙ තිබුනේ. මට ඇත්තටම ඒ වෙලාවේ මහා පිළිකුලක් ඇතිවුනේ. මිනිහා නිකන් කතාකලේ මේලෝකේ ඉන්න හොදම තාත්තා එයා වගේ. ඒ මිනිහා අර අහිංසක කෙල්ල බිල්ලට දීලා තමන්ගේ දුව නින්දාවෙන් බේරගන්න දඟලට හැටි. මට එහෙමයි ඒ වෙලාවේ හිතුනේ.
මිනිහා දිගටම කතාකරගෙන කරගෙන ගියා.
"අරවින්ද මගේ දුවත් එක්ක සම්බන්ධකමක් තියෙනම් කියන්න, මගේ කිසිම විරුද්ධත්වයක් නෑ ඒගැන"මං කිව්වා " අනේ මුදලාලී මං කන්න දීපු සර්ට එහෙම කරනවද, අනූෂාට මං සැලකුවේ මගේම සහෝදරියකට වගේ" කියලා.
 එහෙම කිව්වම මිනිහා ටිකක් තරහින් වගේකිව්වා "හරි හරි එහෙම වෙන්න ඇති, ඒ වුනාට අරවින්දට මගේ දුවව බදින්න බැරි වෙන්න හේතුවක් නෑනේ, එයා ඔයාගේ සහෝදරියක් නෙවේනේ, මේ දේපල ඔක්කොම එයාට මං ලියල තියෙන්නේ, ඔහේට රජෙක් වගේ ඉන්න හැකි. මොකද අනූෂාගේ ගතිගුණ වල වැරැද්දක් තියෙනවද, අර අයිවන් කාරයා අනූෂෘව රවට්ටගත්තට ඒ ළමයා වරදක් කරගෙන නෑනේ. අරවින්ද ටිකක් මේ ගැන කල්පනා කරනවා මනුස්සයෝ, මං මේ ඔහේට අම්ම අප්පවත් නොකරන දෙයක් කරන්නේ."

අනූෂා ගැන මං නොදන්නවයෑ, මං දැක්කනේ ෆිල්ම්හෝල් එකේ ඉවෝන් එක්ක උන්නහැටි, කොහොම හරි ඒකීව මගේ ඇගේ ගහලා බෙරෙන්න මේ යකා හදන්නේ කියලා මගේ හිත මට කියන්න ගත්තා. ඒත් ඉතින් දැන් මට බැරිය කීවොත් මේකා මෙතන ඩෙගා නටන්න පටන්ගනීවී. මොකක් හරි කියලා ෆේප් වෙන්න ඔනෑ කියලා හිතලා මං කිව්වා. "හොදයි සර් මං කල්පනා කරලා කියන්නම්කෝ, දැන් සර් කන්න මං කාලා ඉවර වෙන්නත් ලඟයි " කියලා.

කොහොම හරි එදා දවස එහේ ඉදලා ඊ ළඟ දවසේ උදේම කොළඹ ආවා. ඒ එන අතරතුර කලින්දා රෑ සිද්ධවෙච්චි දේ ගැන නොයෙක් දේවල් කල්පනා උනා. ඇත්තටම මට අනූෂාගේ වැරැද්දක් ඒ වෙලාවට මතක් උනත් අනික් අතට බැලුවාම මං කියන තරම් හොද මිනිහෙක් ද? මං මොකද්ද කරේ ඉනෝකාට වචනයක් දීලා තියෙද්දි ගණිකාවක් එක්ක නිදි වැදුනා. ඒ අතින් බලද්දි අනූෂා කොල්ලෙක් එක්ක නිදි වැදිලා නෑනේ. මං කොහොමද දැන් ඉනෝකාට මුහුණ දෙන්නේ. හොදම දේ තමයි ඉනෝකාට ඇත්තම කියලා අනූෂාට කැමති වෙන එක. ඔන්න ඔය වගේ දේවල් තමා මගේ හිතේ කොළඹට එනකම්ම තිබුනේ. මොකද  අනූෂාගේ හිතෙත් මං ගැන අදහසක් තිබුණු බව එයාගේ හැසීරීම් වලින් ඒ වෙනකොට මට දැනිලා තිබුනේ.  

Next chapter - http://asanka-mind.blogspot.com/2014/07/28.html