මගේ පළමු සැත්කම සාර්ථකව නිම කිරීමෙන් පසු අපේ පවුලට යහපත් කාලයක් උදා උනත් ඒ සතුට වැඩි කාලයක් විඳ ගන්නට කාලයා ඉඩ දුන්නෙ නෑ. ටාසන්ව එක්කගෙන එන්න උනෙත් මේ නිසයි. ඒ කියන්නේ අපේ ගෙදරට හොරු පනින්න පුරුදු උනා.
ඒ කියන්නේ මහ දවල් හොරු ගෙදරට ඇවිත් නිකාන් බොරුවට දොර ජනෙල් වල අගුළු කඩලා දානවා. මොකද ඉතින් හොරකන් කරන් යන්න තරම් වටින දෙයක් ගෙදර තිබුනේ නෑනේ. ගෙනියනවනම් ඉතින් තිබුනේ අල්මරිය ඇඳ රූපවාහිනිය වගේ වාහනයක දාගෙන යන බඩු විතරයි. ඒ නිසා එක පාරක් විදුලි ස්තිරික්කයයි ප්‍රධාන විදුලි පේනුවයි අරගෙන ගිහින් තිබුණා. හවස ගෙදර එනකොට විදුලියත් නෑ. තව දවසක ඇවිත් අයියාගේ සෙල්ලම් තුවක්කුව අරන් ගිහින් තිබුණා. තව දවසක ගල්ඉන්න අරන් ගිහින්. මේ නිසා දවල්ට ගෙදර කවුරුත් නැති එක ප්‍රශ්නයක් වෙලයි තිබුනේ. අල්ලපු ගෙදර මිනිස්සුත් එච්චර හිතවත් කමක් නොතිබුන නිසා අපේ ගේ ගැන සැලකිල්ලක් දැක්වුවෙත් නෑ. අන්තිමට ටාසන්ට පිං සිද්ධ වෙන්න ටිකක් ඒක නැතිව ගියා.
නමුත් ටික කලක් යද්දි මන්ද මානසික ළමයෙක් අපේ ගෙවල් පැත්තේ ඇවිත් අපේ ගෙදරින් ඉල්ලගෙන කන්න පුරුදු උනා. අපිත් ඒ අයියාත් එක්ක සෙල්ලම් කලා. ඒ අයියාගේ නම බ්‍රසීල්. ඒක ටිකක් අමුතු නමක් හින්දා මට අදටත් ඒ නම හොඳට මතකයි. ටාසන් උනත් ඒ ළමයාට සැලකුවේ පවුලේ කෙනෙක් හැටියටයි. පස්සෙ පස්සේ මේ ළමයා සතියේ දවස්වල අපේ ගෙදර ඇවිත් අපි නැති නිසා ගේ වටේ තියෙන බඩු මුට්ටු අරන් යන්න පුරුදු උනා. මන්ද මානසික ත්තවය නිසා දෙමව්පියන්ටත් බැනලා බය කරලා එලවන්න බැරි උනා. ටික කලක් තරහා වෙලා ඉඳලා ආයෙත් එනවා.
මේ අතරෙම වැට මායිමට රන්ඩු වෙලා සොම්පුල්ලෙ මාමාත් ඉඩං නඩුවක් දැම්මා. තාත්තට ඒකටත් සෑහෙන්න වියදම් කරන්න සිද්ධ උනා. මේ නිසා එක්දහස් නවසිය අනු පහ අළුත් අවුරුද්ද අවසන් වුනේ අපේ පවුලේ වසන්ත සමය ද නිමා කරමිනි.
මගේ කතාව
- කට කහනවට... (37)
- නව කතාව (32)
- පබැඳුම (74)
- මගේ කතාව (56)
- යථාර්තය සොයා.............. (59)
- සතියේ වදන (200)
Saturday, January 31, 2015
Thursday, January 29, 2015
මතකය
ඇයි මා රවටන්නේ බොරු කරලා
මා නුඹ අතහැර යන්නෙමි කියලා
නුඹ මා ගෙන් සමුගත් දා ඉදලා
රැ සිහිනෙන් මා ලග නුඹ රැදිලා
හිරුගේ ලොවෙදි මා හැර ගියමුත්
සදුගේ ලොවෙදි මා වෙත එන්නේ
මා හැර යන්නට බැරි හින්දා දෝ
කියනු සොදුරියේ මා නොරිදා
මටදුන් සියලුම දේ යලි ගත්නුඹ
ඔබගේ රුව හද ඉතිරිකර ගියේ
සදහට වෙන්වනු බැරි හින්දා දෝ
කියනු සොදුරියේ මා නොරිදා
මා නුඹ අතහැර යන්නෙමි කියලා
නුඹ මා ගෙන් සමුගත් දා ඉදලා
රැ සිහිනෙන් මා ලග නුඹ රැදිලා
හිරුගේ ලොවෙදි මා හැර ගියමුත්
සදුගේ ලොවෙදි මා වෙත එන්නේ
මා හැර යන්නට බැරි හින්දා දෝ
කියනු සොදුරියේ මා නොරිදා
මටදුන් සියලුම දේ යලි ගත්නුඹ
ඔබගේ රුව හද ඉතිරිකර ගියේ
සදහට වෙන්වනු බැරි හින්දා දෝ
කියනු සොදුරියේ මා නොරිදා
Thursday, January 22, 2015
123 සතිය
වේදනාව ඇති බව තවකෙකුට සාධනය කොට ඔප්පු කල නොහැක. එය තමා විසින් ම අැති නැති බව ප්‍රත්‍යක්ෂයෙන් දත යුතුය .
Monday, January 12, 2015
122 සතිය
මේ ලෝකේ සැපයැයි කියන සියලු දේ අයිසිං කල අසූචි වැනිය. ඉවසීමත් සිහි කල්පනාවත් නොමැති වුවහොත් අසූචි කෑමට සිදුවේ.
Saturday, January 3, 2015
121 සතිය
කොපමණ කාර්යක්ෂම සහ වේගවත් යන්ත්‍ර සෑදුවත් විවේකය ලබා ගත නොහැක. මේ මොහොත තුල හුදකලා වූ විට අපට චිත්ත විවේකය ලැබේ.
Wednesday, December 31, 2014
මගේ කතාව 2 - අනුරාධා
දිස්නා අක්කාලහා ඇරුණම අපි සෙල්ලම කරන්නට ගියේ අපේ අල්ලපු ගෙදරටයි. සාමී පුල්ලේ මාමා දෙමළ කෙනෙක් නෙවේ. නමුත් එයාගේ නම නම් ඒ වගේ තමා. සාමි පුල්ලෙ මාමා අපේ පවුලත් එක්ක ඒ කියන්නේ අපේ දෙමව්පියන් එක්කනම් එච්චර හිත හොදින් නෙවේ උන්නේ. නමුත් එහෙම තරහක් පෙන්නුවෙත් නෑ. ගම්වල ඉතින් ඔයවගේ දේවල් කොහොමත් අල්ලපු ගෙදරත් එක්ක තියනවනේ. මොකද දෙගොල්ලන්ටම තියෙන්නේ එක වැට මායීමයිනේ. සමහර දේශසීමාවල වගේ වැටමායිම් දෙකක් නෑනේ.
වැඩිහිටියන්ගේ අමනාපකම් වලින් අපිට ඇති වැඩක් නෑනේ. මාමට ලස්සන දුවෙක් ඉන්නවානම් ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න අපිට එකතුවෙලා සෙල්ලම් කරන්න බාධාවක් කරගන්නේ මොකටද?. ඉතින් ඒ දුව තමා අනුරාධා කියන්නේ. කම්බි වැට යටින් රිංගලා අනුරාධාලගේ දිහා ගිහින් සෙල්ලම් කරන එක නිවාඩු කාලෙට අපේ පුරුද්දක්. හැබැයි ඉතින් එයාට නම් අපේ ගෙදර තියා වත්තටවත් එන්න එයාගේ අප්පච්චි ඉඩ දුන්නේ නම් නෑ. අපිත් එක්කනම් සාමි පුල්ලේ මාමාට ගැටළුවක් තිබුනෙම නෑ. ඉතින් එයාගේ ගෙදර ස්තෝප්පුවේ කඩයක්, සෙල්ලම් ගෙයක්, නැත්නම් කැටපිලක් දානවට මාමාගේ විරුද්ධත්වයක් තිබුනේ නෑ.
නිවාඩු දවසට මමයි නංගියි එහේ යනවා. අයියා සමහර දාට තමා එන්නේ. මොකද එයා කැමති කොල්ලො කරන වැඩ කරන්න ලු. සෙල්ලම් ගෙවල් දාන්නේ ගෑනු ලමයි ලු. ඉතින් එයා කරන්නේ බයිසිකල් පදින එක, නැත්නම් ක්‍රිකට් ගහන එක, එහෙමත් නැත්නම් ටාසන් එක්ක දඩයමේ යනඑක. ඒත් එයාට සෙල්ලම් කරන්න කවුරුත්ම නැත්නම් අපිත් එක්ක සෙල්ලම් ගෙයක් දාන්න, කැට ගහන්න එහෙම එනවා. ඒ ආවත් වැඩිවෙලා සෙල්ලම් කරන්නෙ නැතුව ඔක්කොම කඩාකප්පල් කරලා දාලා යනවා යන්න මෝඩයා.
සෙල්ලම් ගෙයක් දැම්මම නංගි අම්මා, මමයි අනුරාධායි දරුවෝ. නැත්නම් මායි නංගියි හරි, මායි අනුරාධායි එක පවුලක් ඉතුරුවෙන කෙනා අනෙක් පවුල. එහෙමත් නැත්නම් අනුරාධායි නංගියි දෙන්නම අම්මලා, මම තනියෙන් හෝ මමයි අයියයි තාත්තලා. අනුරාධා මගේ වයසමයි. හැබැයි අනුරාධාට වඩා බාල චරිතයක් වෙන්න නංගි කැමති උනේ නෑ. හතර දෙනාම ඉන්න දවසට මායි අයියයි බයිසිකලෙන් වැඩට යනවා. නංගීයි අනුරාධායි ළමයි බලා ගන්නවා. අපි දෙන්නා වැඩට ගිහින් එන ගමන් කඩෙන් බඩු ගේනවා උයන්න. මස් වෙනුවට රෝස පාට ගල්, එලවලු වෙනුවට දෙල් පට්ටා, මල්ගස් වල කොල වර්ග, හාල් වෙනුවට වැලි, සල්ලි වෙනුවට කාසී වැල්වල* කොල අරගෙන ගෙදර ආවම අම්මලා දෙන්නා උයලා අපිට කන්න දීලා ළමයින්ටත් කවනවා.
අපිට තිබුනේ රෝද තුනේ බයිසිකලයක්. ඒකේ පිටිපස්සෙත් ආසනයක් තිබුනා. අයියා මායී නංගියි පස්සේ දාගෙන ඒක පදිනවා. අයියා ටිකක් ලොකු වෙනකොට එයාට ඕන උනේ රෝද දෙකේ බයිසිකලයක්. ඒක නිසා රෝද තුනේ බයිසිකලේ මට සින්නක්කරේටම දීලා එයා තාත්තාගේ බයිසිකලේ තල්ලු කරගෙන ටික දුරක් දුවගෙන ගිහින් එක පැඩලයක නැගිලා ටිකක් දුර යනවා. පස්සේ පස්සේ එයා පොල්ල යටින් කකුල දාලා පැඩලය පොඩ්ඩ පොඩ්ඩ පාග පාග පදින්න පුරුදු උනා. එයා ඒ විදියට හන්දියේ කඩේටත් ගියා. එයාට හැමදාම ඕන උනේ ලොකු මිනිස්සු කරන වැඩ කරන්න. විශේෂයෙන්ම පිරිමි කරන වැඩ. ඒක නිසා අපේ කල්ලියට එයා එච්චර පෑහුනේ නෑ. ඒ නිසා අනුරාධාගේ එකම පිරිමි යාලුවා වෙන්න මට පුලුවන් උනා. පස්සේ පස්සේ ගෙවල් දෙක අතර තිබුනු ප්‍රශ්න උග්‍ර වෙන්න ගත්තා. ඒක අපේ සෙල්ලම් වලටත් බලපෑවා. ඒත් අපිව නවත්තන්න නම් බැරි උනා. අපේ වැටමායීමේ අනුරාධලගේ පැත්තේ තිබුනු බූල් ඇපල් ගහේ හෙවන වතු දෙකටම වැටුනු නිසා අපේ සෙල්ලම් ගේ ඒ ගහ යට දාන්න අපිට පුලුවන් උනා.
* - පොල් ගස්වල හැදෙන පරපෝශී ශාකයක්. රවුම් හැඩයක් ගන්නා සතයේ කාසියක් පමණ පත්‍ර ඇති වැලකි.

Friday, December 26, 2014
සොරකම
දුටු විගස මා බසයෙ දී නුඹ හිනැහුනේ ඇයි කුමරියේ
හිනැහුනේ මා ඔබත් සමගින් කවුරුදැයි නුඔ නොදැනමයි
සෙනග අතරින්පැමිණ මා ලඟ නැවතුනේ ඇයි කුමරියේ
තෙරපුනේ මා ඉඩක් දීමට කවුරුදැයි නුඔ නොදැනමයි
බලා මා දෙස නෙත් අඟින් දොඩමලු වුනේ ඇයි කුමරියේ
කතා කෙරුවෙත් ඔබත් සමගින් කවුරුදැයි නුඔ නොදැනමයි
හී සැරක් මෙන් හැරදමා මා බැසගියේ ඇයි කුමරියේ
දැනගතිමි නුඹ හිත් හෙරක් වග ඒත් දැන් මා අසරණයි

Tuesday, December 23, 2014
120 සතිය
සියල්ලන්ටම ආදරය කිරීමටත් කිසිවකුට ප්‍රේම නොකිරීමටත් උත්සහ කරන්න
Saturday, December 13, 2014
119 සතිය
කොයිවෙලේ දාලා යන්න වෙයිද දන්නෙ නැති මැරුණම සත පහක් නොවටිනා ශරීරය
වෙනුවෙන් අපි කොච්චර දේවල් කරනවද ? ඒත් සංසාරය පුරාවට ගෙනයන සිත වෙනුවෙන්
අපි මොනවද කරන්නෙ?
Wednesday, December 3, 2014
118 සතිය
අන්අය වැරදි කිරීම, තමා කල වැරැද්දට නිදහසට කාරණයක් නොවේ.
Subscribe to:
Posts (Atom)