මගේ කතාව
- කට කහනවට... (37)
- නව කතාව (32)
- පබැඳුම (74)
- මගේ කතාව (56)
- යථාර්තය සොයා.............. (59)
- සතියේ වදන (200)
Thursday, March 30, 2017
184 සතිය
අප යම් ක්‍රියාවක් විනිශ්චය කල යුත්තේ ක්‍රියාව කරන්නා දෙස බලා නොව ක්‍රියාවේ ආදීනව දෙස බලාය.
අඩුවී නැත ආදර හිත ඈ කෙරේ
මලේ සුවඳ විඳ නැත්තෙමි
මලේ පැහැය දැක නැත්තෙමි
මලෙහි මෙලෙක ලැබ නැත්තෙමි
එනමුත් මම ආදරේ
ලඟින් ලංව හිටියත් ඒ කාලයේ
දුරින් ඈත හිටියත් මේ කාලයේ
ආලවන්ත කම් නොකලත් මා කෙරේ
අඩුවී නැත ආදර හිත ඈ කෙරේ
ලමැඳ හිස තබා හිඳ නැත මා ඇගේ
දෑත දෑත බැඳ ගොස් නැත මා ඇගේ
තුරුලේ හිඳ නැලවි නැතත් මා ඇගේ
අඩුවී නැත ආදර හිත ඈ කෙරේ
Saturday, March 18, 2017
183 සතිය
අපි අපේ අවසන් අරමුණ වෙතට ගමන් කලයුතුය. නමුත් අරමුණ වෙත ගමන් කරනා මාර්ගය අපේ අරමුණ නොකරගත යුතුය.
Thursday, March 2, 2017
182 සතිය
කුළියට ගත් වස්තුවක් භාවිතා කරන්නේ යම් සේ ද එසේ සියල්ල පරිහරණය කල යුතුය.
මාගේ දයාබර කුරුල්ලනේ
ඈත ඉදන් දුර සීත රටින් එන මාගේ දයාබර කුරුල්ලනේ
මාගේ සිතේ ඇති ආලවන්තකම ඈට කියාපන් කුරුල්ලනේ
නීල නුවන් ඇති ඈගේ බැලුම් හෙලන ලෙසින් නුඹ මදෙස ඇයි බලන්නේ
ඈ ද කියන් ඒ කෝල බැලුම් හෙලන යුරුන් නුඹලාට කියා දුන්නේ
හීන හඬින් ඇය කෝල කතා මට දොඩන ලෙසින් කිමද ගී ගයන්නේ
ඈ ද කියන් ඒ මිහිරි හඬින් ගී ගයන යුරුන් නුඹලාට කියා දුන්නේ
Friday, February 17, 2017
181 සතිය
අපට නොලැබුන දෙයහි අයහපත ද ලැබෙන්නට තිබෙන දෙයහි යහපත ද දැකීමෙන් පශ්චාත්තාප වීමෙන් වැලැකිය හැකිය.
Saturday, February 11, 2017
180 සතිය
අපව අමතක කර දමන මිතුරන්ට වඩා අපට වෛර කරන අයට ස්තුතී වන්ත වෙමු. මන්ද ඔවන් අපව අමතක නොකරනු ඇත.
Friday, January 27, 2017
සල්ලි හොයනවා තක දොං සල්ලි හොයනවා
ඇති හැටියට හිටි කාලේ - අට පැය වැඩ කල කාලේ
නිමාවෙලා මුළු දවසම සල්ලි හොයනවා
ආර්ථිකේ ගොඩ ගන්නට - මගේ පවුල රැක ගන්නට
මුළු දවසම වෙහෙස වෙලා සල්ලි හොයනවා
මට නිදහසෙ ඉන්න කියා
වැඩපල අඩුවෙන්න කියා
ගෙනා බිරිඳ සනසන්නට සල්ලි හොයනවා
ළමයින් රැක ගන්නට මා සල්ලි හොයනවා
පයින් යන්න බැරිය කියා
වාහනයක් ගත්තු නියා
වාහනයට තෙල් ගහන්න සල්ලි හොයනවා
ලීසිං එක ගෙවාගන්න සල්ලි හොයනවා
ගේ පොඩ්ඩක් හදාගන්න
බැංකු ගියේ ණයක් ගන්න
ණය වාරික ගෙවා ගන්න සල්ලි හොයනවා
ගේ වැඩ අහවර කරන්න සල්ලි හොයනවා
Thursday, January 12, 2017
179 සතිය
තමාට කැමැත්තෙන් තරහා ගෙන්නා ගැනීමට නොහැකි සේම අන් අයටත් තරහ කැමැත්තෙන් ගෙන්වා ගත නොහැක. ඒ නිසා යමෙකු තරහින් ඔබට ක්‍රියාවන් කරයි නම් ඔවුන්ට අනුකම්පා කල යුතුය.
Wednesday, January 4, 2017
178 සතිය
අප යම් ක්‍රියාවක් විනිශ්චය කල යුත්තේ ක්‍රියාව කරන්නා දෙස බලා නොව ක්‍රියාවේ ආදීනව දෙස බලාය.එබැවින්, ප්‍රතික්ෂේප කල යුත්තේ පුද්ගලයා නොව ක්‍රියාවයි
Subscribe to:
Posts (Atom)