කලල් ගොඩක් මැද තිබිලා ලැබූවත්
මැණිකේ අගය අඩු නොමවෙයි කෙසේවත්
කියනා කෙනා නුහුගුණයෙන් කියූවත්
අර්ථය ලබයි බණ නුවණින් බැලූවොත්
ධර්මය කියා දෙන අය ගරහන්න එපා
බුදුනට නිගා වන ලෙස හැසිරෙන්න එපා
අනුවණ කමින් පව් සිදුකර ගන්න එපා
පරලොව නොයන මෙන් ජීවත් වෙන්න එපා
ධර්මය රකින අය ධර්මෙන් රැක ගන්නේ
ලැජ්ජා භය නිසයි ලෝකය පවතින්නේ
නුවණින් සිතා මැන කටයුතු කරගන්නේ
දෙලොවවට වැඩ සදන සේ දිවි ගෙවපන්නේ
මගේ කතාව
- කට කහනවට... (37)
- නව කතාව (32)
- පබැඳුම (74)
- මගේ කතාව (56)
- යථාර්තය සොයා.............. (59)
- සතියේ වදන (200)
Tuesday, August 29, 2017
Thursday, July 27, 2017
මුහුණු පොතේ කවියක් ලියා
මුහුණු පොතේ කවියක් ලියා
හැගුමන් සිතේ පා කර යවා
මගෙ ජීවිතේ හැර යයි කියා
සිතුනේ නැතේ සිහිනෙන් පවා
කදුලැල් මතින් විදි වේදනා
දහසක් පැතුම් දෙහදේ දරා
ගොඩනැගූ ජිවිතේ
මොහොතින් නැසී වැලළී ගියා
මාගේ නමින් ගිණුමක් තනා
කවුදෝ අයෙක් රවටා ඔයා
ඔබ මගේ ජීවිතේ
සියතින් නසා මෙලොවින් ගියා
හැගුමන් සිතේ පා කර යවා
මගෙ ජීවිතේ හැර යයි කියා
සිතුනේ නැතේ සිහිනෙන් පවා
කදුලැල් මතින් විදි වේදනා
දහසක් පැතුම් දෙහදේ දරා
ගොඩනැගූ ජිවිතේ
මොහොතින් නැසී වැලළී ගියා
මාගේ නමින් ගිණුමක් තනා
කවුදෝ අයෙක් රවටා ඔයා
ඔබ මගේ ජීවිතේ
සියතින් නසා මෙලොවින් ගියා
190 සතිය
රූප පෙන්වීමෙන් හෝ ශබ්ද ඇසීමෙන් හෝ සුවද ආඝ්‍රාහනයෙන් හෝ රසවත් දේ කෑමෙන් හෝ පහස ලැබීමෙන් හෝ සතුට නොලැබේ, එය කරනු ලබන්නේ සංඥාවෙනි.
Monday, June 26, 2017
මාගේ මරණය සිදු උනා
මා දමා ඈ ඉගිල ගිය දා
මාගේ හදවත නැවතුනා
මාව අපලේඛණය කල දා
මාගේ මරණය සිදු උනා
සොයා මා ඈ ආව දිනකදි
මාගේ හද යලි ගැහේ වී
ඇගේ සිනහව දුටුව දිනකදි
යලිත් මා පණ ලබාවී
මාගේ හදවත නැවතුනා
මාව අපලේඛණය කල දා
මාගේ මරණය සිදු උනා
සොයා මා ඈ ආව දිනකදි
මාගේ හද යලි ගැහේ වී
ඇගේ සිනහව දුටුව දිනකදි
යලිත් මා පණ ලබාවී
Tuesday, June 6, 2017
189 සතිය
අප ආදරය කල යුත්තේ රන් කූඩුවක දමා ආරක්ෂා කිරීමෙන් නොව නිදහසේ පියඹා යන විට ආරක්ෂාව සැලසීමෙනි.
Friday, May 26, 2017
නුඹ හිනැහේ නම් - මා සැනසෙන්නම්
සඳට එහා හිරුට එහා
මට නොපෙනෙන ඈත රටක
නුඹ හිනැහේ නම් - මා සැනසෙන්නම්
නීල පළිඟු මුතු අතුරා
ඒ මත යහනක් කරවා
පුළුන් වලා සේද මතින්
නුඹ සැතපේ නම්
පන් පැදුරක සීත රැයක
මා සැනසෙන්නම්
බෝ සත් ගුණ සිත පුරවා
නුඹ අසලින් හිඳින නුරා
සඳ කිඳුරකු ඔබ සනහා
සෙවන සදයි නම්
මං තනිකඩ කුරුළු රජකු
සේ සැනසෙන්නම්
Tuesday, May 23, 2017
188 සතිය
අපට ගඟක් හැරවීමට උවමනා නම් කල යුත්තේ ඒ දෙසට පල්ලම සකස් කිරීම යි.
Saturday, April 29, 2017
187 සතිය
අනිවාර්යයෙන්ම
අම්මා මැරෙයි, තාත්තා මැරෙයි, පෙම්වතා පෙම්වතිය මැරෙයි. ඊට පස්සෙ ජීවිතේට
මුහුණ දෙන්න අපි සූදානම් ද? නැත්නම් ඒ ප්‍රශ්න දැන්ම හිතන්න ඕනේ නැද්ද?
එහෙනම් ඇයි රස්සාවක් ලැබෙයිද?, ස්ථිර වෙයිද?, ඇත්ත කිව්වොත් තරහවෙයිද?, එයා බෑයි කියයිද? වගේ අනියත ප්‍රශ්න ගැන හිත හිත බය වෙන්නේ, ආතතියට පත් වෙන්නේ ?
එහෙනම් ඇයි රස්සාවක් ලැබෙයිද?, ස්ථිර වෙයිද?, ඇත්ත කිව්වොත් තරහවෙයිද?, එයා බෑයි කියයිද? වගේ අනියත ප්‍රශ්න ගැන හිත හිත බය වෙන්නේ, ආතතියට පත් වෙන්නේ ?
Wednesday, April 26, 2017
පරවී යන මල හිමිකම් නෑ
පර සතු උයනේ පිපුනු මලේ
පැහැය විඳින්නට තහනම් නෑ
සුවඳ විඳින්නට තහනම් නෑ
ඈත ඉඳන් එන සමනලුනේ
මල් අයිතිය මල් කරුවාටයි
නෙලා ගන්න අයිතිය ඔහුටයි
එනමුත් ඒ මල වට ඉගිලෙන්නට
තහනම් නෑ
මෙහා ඉමේ මා තනිවී ඉන්නෙමි
මලේ සුවඳ හා රුව විඳ ගන්නෙමි
නෙලුවත් මා ඒ පරවී යන මල
හිමිකම් නෑ
Saturday, April 22, 2017
186 සතිය
පරාර්ථකාමයේ අඩිතාලම විය යුත්තේ අල්පේජ්ජතාවයයි.
Subscribe to:
Posts (Atom)