හරි පණ්ඩිතයි උඹ
මට උගන්නන්නද හදන්නේ
කවුරුවත් ලොව කියාදුන් දෙය
සැබැයැයි උඹ සිතන්නේ
දෙයක් දුටු විට ඇසුනු විට උඹ
ඒ මෙයැයි මට කියන්නේ
මව මවා රූ පෙන්නුවත් නුඹ
නැතේ රැවටී සිටින්නේ
වර්ණ පමනයි ශබ්ද පමනයි
පෙනෙන්නේ මට ඇහෙන්නේ
කවුරුවත් ලොව කියාදුන් දෙය
සැබැයැයි උඹ සිතන්නේ
මගේ කතාව
- කට කහනවට... (37)
- නව කතාව (32)
- පබැඳුම (74)
- මගේ කතාව (56)
- යථාර්තය සොයා.............. (59)
- සතියේ වදන (200)
Friday, March 29, 2013
Friday, March 22, 2013
50 සතිය
නොදැන වැරදි සියයක් කරන තැනැත්තා දැනගෙන එක වැරැද්දක් කරන කෙනාට වඩා හොදය.
Thursday, March 21, 2013
11 ලිපිය - සතුට 5
පසුගිය ලිපි වලදී අපි සතුට ලගා කරගැනීමේ පළමු ක්‍රමය හෙවත් වෙනත් කෝණයකින් බැලීමේ ක්‍රමය ගැන සාකච්ඡා කලෙමු.
මීට ඉහත ලිපියේ මා යමෙක් බැන්න විට එහි යහපත දැකීම අපහසු බව සදහන් කලත් මගේ මිත්‍රයකු පැවසුවේ තමා ඒ වෙලාවට මෙය නම් මාගේ ඉවසීම පුරුදු කිරීමට ලැබුණු මහගු අවස්ථාවක් යැයි සිතා සතුටු වන බවයි. ඇත්තටම ඒ වාගේ අපි ප්‍රඥාවන්තව ගැටලු දිහා බැලීම තුලින් සතුට ලගා කර ගත හැකිය.
අද මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ සතුට ලබා ගැනීමේ දෙවැනි ක්‍රමයයි. එය අත්හැරීම වේ. මෙය ඉහත ක්‍රමයට වඩා අපහසු ක්‍රමයක් වන අතර මෙම ක්‍රමය වඩා යහපත් වේ.
මෙම ක්‍රමයද ආකාර දෙකකට සිදුකල හැක. එනම්,
කාලය අත් හැරීම
අපි කවුරුත් දන්නා පරිදි කාලය ප්‍රධාන කොටස් තුනකට බෙදිය හැක. එනම්,
නමුත් අප බොහෝ දෙනෙකු කරන්නේ හැකිතාක් අතීතය ගැන දුක්වී හෝ තරහගෙන වැරදි තීරණවලට එලැඹීමයි. සමහරෙක් අතීතයේ වූ සිදුවීමක් නිසා සියදිවි හානි කරගන්නා අතර තවකෙක් මිනී මරයි. එයින් කිසිවිටකත් අතීතය වෙනස් නොවන බව ඔවුන් කල්පනා නොකරයි. අප කල යුත්තෙ යම් සිදුවීමක් වී නම් එය නිවැරදි කරගැනීමට කලහැකි යමක් ඇත්නම් එය කිරීමත් නැතිනම් එය අත්හැර දැමීමත් පමණි.
අතීතයේ යම් සිදුවීමක් ගැන නැවත නැවත දුක් වීම පවකි. එය දිගින් දිගටම පැවතීම අකුසලයකටද හේතු වේ. මේ නිසා අතීතය අත් හැරීම අනාගතයටද යහපත්ය. මා බොහොවිට තරහව නැති කිරීමට මෙම ක්‍රමය භාවිතා කරයි. යමෙක් මට අවැඩක් කල විට මම එය ගනන් නොගෙන සිටිමි. එය මට නැවත ආපස්සට කරකැවිය නොහැක. ඔහුට බැනීමෙන් හෝ ඔහු සමග තරහ ගැනීමෙන් ඔහු කල දෙය නැතිවන්නේ නැත. වන්නේ තව තවත් ගැටලුව වර්ධනය වීමයි. ඒ නිසා මා එය අත්හැර දමමි.
තමා අතින් දෝශයක් වූ විටද මෙම ක්‍රමය අනුගමනය කල හැක. සිදුවූ දෙය ගැන දුක්වීමෙන් කිසිවක් දෝශය නිවැරදි වීම පිණිස සිදු නොවේ. ඒ නිසා කල හැක්කේ සමාව ගැනීම හෝ සුදුසු වෙනත් යහපත් කටයුත්තක යෙදීමයි. ඒ නිසා අප අතීතය ගැන සිහිකරමින් දුක් වීම හෝ තරහ ගැනීම කිසිම ප්‍රයෝජනයක් නැති තව තවත් ගැටලු වැඩි වන දෙයක් ලෙස නුවණින් දැක එය අත් හැර දැමීම මගින් සිත සනසා ගතහැකිය.
“ඔබේ කමිසයට තේ කහට වැටුනේ නම් ඔබ කුමක් කලද පෙරැලුනු තේ එක නැවත කෝප්පයට යන්නේ නැත. ඔබ වහාම කමිසය සොදා ගන්නේ නම් අඩුම තරමින් කමිසය හෝ බේරා ගැනීමට හැකිවනු ඇත“

- කාලය අත්හැරීම
- තණ්හාව අත් හැරීම
කාලය අත් හැරීම
අපි කවුරුත් දන්නා පරිදි කාලය ප්‍රධාන කොටස් තුනකට බෙදිය හැක. එනම්,
- අතීතය
- අනාගතය
- වර්තමානය
නමුත් අප බොහෝ දෙනෙකු කරන්නේ හැකිතාක් අතීතය ගැන දුක්වී හෝ තරහගෙන වැරදි තීරණවලට එලැඹීමයි. සමහරෙක් අතීතයේ වූ සිදුවීමක් නිසා සියදිවි හානි කරගන්නා අතර තවකෙක් මිනී මරයි. එයින් කිසිවිටකත් අතීතය වෙනස් නොවන බව ඔවුන් කල්පනා නොකරයි. අප කල යුත්තෙ යම් සිදුවීමක් වී නම් එය නිවැරදි කරගැනීමට කලහැකි යමක් ඇත්නම් එය කිරීමත් නැතිනම් එය අත්හැර දැමීමත් පමණි.
අතීතයේ යම් සිදුවීමක් ගැන නැවත නැවත දුක් වීම පවකි. එය දිගින් දිගටම පැවතීම අකුසලයකටද හේතු වේ. මේ නිසා අතීතය අත් හැරීම අනාගතයටද යහපත්ය. මා බොහොවිට තරහව නැති කිරීමට මෙම ක්‍රමය භාවිතා කරයි. යමෙක් මට අවැඩක් කල විට මම එය ගනන් නොගෙන සිටිමි. එය මට නැවත ආපස්සට කරකැවිය නොහැක. ඔහුට බැනීමෙන් හෝ ඔහු සමග තරහ ගැනීමෙන් ඔහු කල දෙය නැතිවන්නේ නැත. වන්නේ තව තවත් ගැටලුව වර්ධනය වීමයි. ඒ නිසා මා එය අත්හැර දමමි.
තමා අතින් දෝශයක් වූ විටද මෙම ක්‍රමය අනුගමනය කල හැක. සිදුවූ දෙය ගැන දුක්වීමෙන් කිසිවක් දෝශය නිවැරදි වීම පිණිස සිදු නොවේ. ඒ නිසා කල හැක්කේ සමාව ගැනීම හෝ සුදුසු වෙනත් යහපත් කටයුත්තක යෙදීමයි. ඒ නිසා අප අතීතය ගැන සිහිකරමින් දුක් වීම හෝ තරහ ගැනීම කිසිම ප්‍රයෝජනයක් නැති තව තවත් ගැටලු වැඩි වන දෙයක් ලෙස නුවණින් දැක එය අත් හැර දැමීම මගින් සිත සනසා ගතහැකිය.
“ඔබේ කමිසයට තේ කහට වැටුනේ නම් ඔබ කුමක් කලද පෙරැලුනු තේ එක නැවත කෝප්පයට යන්නේ නැත. ඔබ වහාම කමිසය සොදා ගන්නේ නම් අඩුම තරමින් කමිසය හෝ බේරා ගැනීමට හැකිවනු ඇත“
Friday, March 15, 2013
පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 4
“නෑ එදා මං උදේ 3.00ට විතර නැගිටලා, ඇදයට තිබුණු ඇදුම් බැගයත් අරගෙන, පිලිකන්න පැත්තෙන් එලියට බැහැලා, උඩහ කුරුන්දට ගිහින් ළිදෙන් වතුර එකක් ඇදගෙන මූණ හෝදගෙන, ඇදගෙන හිටපු සරමෙන් ම මූණ පිහදලා දික්කලිසමයි බැනියමයි දාගෙන, සරමත් බෑග් එකට ඔබාගෙන හන්දියට ආවේ 3.30 කොළඹ බස් එක අල්ලගන්න. කොහොමින් හෝ බස් එකේ කොළඹට එනකොටත් යන්තම් ඉරපායාගෙන එමින් තිබිණ. මට බඩගින්නයි නිදිමතයි දෙකෙන්ම පීඩා විදින්න වුන බැවින් දෝ බස් නැවතුම්පොලෙහිම පුටුවක ඇහැ පියවී තිබුණි. නැවත මා කාක්කන්ගේ ලතොනියෙන් අවදි වන විට මිනිසුන් තම දෛනික වැඩ ආරම්භ කරමින් සිටියහ.
අවට දක්නට ලැබුනේ කුණු ගොඩවල් වලින් පිරී ගිය මාවත්ය. යාචකයන් තැන තැන ලැග නිදන්නට විය. නගරයට මිනිසුන් පිරෙමින් පැවතිණි. මුලින් එකක් දෙකක් වූ වාහන දැන් දැන් වැල නොකැඩී එන්නට පටන්ගෙන ඇත. වීදියේ කඩ සාප්පුද විවෘත වෙමින් පැවතින. සියලුදෙනා කඩි මුඩියේ එහේ මෙහේ විසි වෙමින් සිටියේ, කිසිවෙකුගේවත් මුහුණේ සිනාවක් දක්නට නොලැබිණ. නගරයේ ඝෝෂාව එන්න එන්නටම වැඩිය. වාහන යටිගිරියෙන් කෑ ගසමින් රිංග රිංගා ඉදිරියට ඇදෙමින් සිටී. මේ සියල්ල ටවුමේ පාරහරහා ඇති පාලම උඩට වී මම බලා සිටියෙමි.
දෑතින් දෑසත් මූණත් පිසදාගත් මම කොණ්ඩයද අතින් එහෙට මෙහෙට කර සකසා ගතිමි. බෑගය ඇර එහි තිබු ෆයිල් කවරයගෙන සියලුම සහතිකපත් පරික්ෂාකොට බැලිමි. එහි පාසලෙන් ලැබුනු ක්‍රිඩා සහතිකද දහම්පාසල් තරග විභාග වලින් ලබාගත් ඒවාද සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සහතික පත්‍රද විය. පන්සලේ ලොකු හාමුදුරුවන් ලියාදුන් චරිත සහතිකයද ඒ අතර තිබිණි. උසස් පෙළ සමත් වූ මට රස්සාවක් ලබා ගැනීම ඒ තරම් දෙයක් නොවේ. ඒත් හොද රස්සා තිබෙන්නේ කොහේදැයි මා නොදැන සිටියෙමි.
පාලම උඩ සිට කෙලින්ම බැලූ විට පෙනෙන උස ගොඩනැගිල්ල දිහා මා ටිකවේලාවක් බලා සිට නොදැනීම වාගේ ඒ ඒ දෙසට ගමන් කලෙමි. දොරටුවෙන් ඇතුල්වූ තැනම නිල් පැහැති නිලඇදුමකින් සැරසුනු පුද්ගලයෙකු මා නතරකර “කාව මුනගැහෙන්නද?“ යැයි විමසීය.
“රස්සාවක් බලන්න“ මට කියැවිණ.
“රස්සාවක් බලන්න? ඉන්ටවිව් එකකටද?“ ඔහු නැවතත් විමසීය.
“ඔව් ඔව් ඉන්ටවැව් එහෙකට“ මමද පැවසුවෙමි. පාසලේදී ඉංගිසි ඉගෙනගෙන තුබු බැවින් සමහර ඉංග්‍රීසි වචන මම දැන උන්නෙමි.
ඔහු දුරකථනය ගෙන කාටදෝ ඉංග්‍රීසියෙන් කතා කලේය. ඉන් සමහර වචන මට තේරුණ නමුත් ඔහු කුමක් ඇසුවාදැයි මට නොවැටහිණ.
“මේ දවස්වල කාටවත් ඉන්ටවිව් කොල් කරල නෑ මහත්මයා. මොකක් හරි වැරදීමක්. මං හිතන්නෙ ඇඩ්රස් එක වැරදිද කොහෙද“ ඔහු පැවසීය.
මට ලැජ්ජාවක් මෙන්ම අපහසුවක් ද දැනිණ. “සමාවෙන්න සර්“ කියූ මම වහා එතැනින් එලියට ආවෙමි. “එතැන හරියන්නෑ“ මා මටම කියා ගතිමි. එවැනිම වෙනත් ස්ථානයකට ගිය මට ඊට නොදෙවැනි සිදුවීමකට මුහුණ පෑමට සිදුවිය. එබැවින් ඊට ටිකක් කුඩා ආයතනයකට යාමට මා තීරණය කලෙමි.
මම පයින් ඇවිදගෙන ඇවිදගෙන ආවේ සිංහල නමක් ඇති ආයතනයක් සොයාගෙනය. සිංහල නම් සහිත කඩවල් සහ හෝටල් හැර වෙනත් ආයතන කොළඹරටේ සොයා ගැනීම දුෂ්කර කටයුත්තකි. කුමක් හෝ ෆැක්ටරියක් වියහැකි උස තාප්පයකින් වටවූ ගොඩනැගිල්ලක් අසල මා නැවතිණ. නිල්පාට උස ගෙට්ටුව වෙත ගොස් කීපවාරයක් තට්ටු කල විට ගේට්ටුවේ වූ කුඩා කවුලුවකින් මූන පුරා රැවුලක් වවාගත් මූණක් එබී “මොකද?“ යැයි ඇසුවේය.
“රස්සාවක්“ මා කිව්වා පමණි, “රස්සාවක්? යනවා අයිසෙ යන්න තමුසෙලට දෙන්න මෙහේ රස්සා නෑ“ කියා ඒ මිනිහා බුරාගෙන පැන්නේය. මම වහා එතැනින් පිටවී ආවේය.
අව් රස්මියද ටික ටික වැඩිවීගෙන එන්නේය. බඩ දැවිල්ලද එන්න එන්නම වැඩි වන්නේය. අසල කඩයකට ගොඩවූ මා බනිස් ගෙඩියක් කා වතුර ටිකක් බිව්වෙමි. තව මා සතුව ඇත්තේ රුපිල් දෙකකි.
Next chapter - http://asanka-mind.blogspot.com/2013/04/5.html

Monday, March 11, 2013
49 සතිය
වචන වලට ප්‍රාතිහාර්යය කල හැක. නමුත් වචන වලට නොවේ කියන්නාගේ හදවතට සවන් දෙන්න.
Sunday, March 3, 2013
11 ලිපිය - සතුට 4
පරාර්ථකාමීව බැලීම
පසුගිය ලිපියෙන් සදහන් කලේ කොහොමද සුභවාදීව බැලීම තුලින් (සමහර ධනාත්මක චින්තකයෝ කියන අනාගතය දෙස බලන විදියට නොවේ) දුක මගහරවා ගන්නේ කියලා. සමහර අවස්ථා වලදි අපට එහෙම හිතල දුක වේදනාව හෝ තරහව හෝ නැති කරන්න අමාරුයි. දැන් සමහර වේලාවට අපි නොකල වැරද්දකට බැනුම් ඇහුවොත් මොකද කරන්නේ? ඒ වගේ වෙලාවක අපිට සුභවාදීව බලන්න අමාරුයි. ( මට අලුතින් සිංහල වචන ටිකක් අහන්න ලැබුනා කියල හිත හදාගන්නයි වෙන්නේ )
ඒ වගේ වෙලාවට අපිට පුලුවන් පරාර්ථකාමීව බැලීම තුලින් හිත හදා ගන්න. සාමාන්‍යෙයන් කෙනෙක් අපිට නිකන් බනින්නේ නෑ නේ. මොකක් හරි හේතුවක් ඇති. අඩුම ගානේ එයාගේ හිත රිදිල නෙ තරහගන්නේ. අපිට පුලුවන්නම් කරුණාවෙන් ඒ පුද්ගලයා දිහා බලන්න අපිට හිත හදාගන්න හරි ලේසී. බලන්න අම්මාට කොච්චර බැන්නත් ගැහුවත් අම්මලා කියන්නෙ මොකක්ද? “ඒකා හය හතර නොතෙරෙන එකා නෙව“. (වෙන විදියකින් නියනවනම් මෝඩ කමට මොනා කරන්නද? ඒකා මෝඩයනේ. )
මෙන්න මේ විදියට අපි අනෙත් පුද්ගලයාගෙ පැත්තෙන් හිතන්න පුරුදු උනොත් අපිට පුලුවන් ඕනෑම කෙනෙකුට සමාව දෙන්න. මං කලින් ලිපියෙ සදහන් කල පරිදි කෙනෙක් මැරුණ විටත් අපිට පුලුවන් එයාගෙ යහපත ගැන හිතල හිත හදාගන්න. “මෙහෙ දුක් විදිනවට වඩා මැරිල හොද තැනක ඉපදෙන එක හොදයි“ කියලා ගම්වල මිනිස්සු හිත හදා ගන්නවා මං දැකලත් තියෙනවා.
මං දැකල තියෙනවා ළමයි පොඩිකාලේ මේසෙක පුටුවක කකුල වැදිල අඩනකොට ඒක නවත්තන්න ළමයට පේන්න පුටුවට හරි මේසෙට හරි ගහනවා “අපේ ළමයාට රිද්දුව නේද“ කියලා. මේක බොහොම නරක දෙයක්. ඒකෙන් ළමයි පලිගන්න පුරුදු වෙනවා. පරාර්ථකාමිව හිතන්න බැරි වෙනවා. “බබාට රිදුනද? පව්නේ බබාට වගේම පුටුවටත් රිදෙන්න ඇති“ කියලා පුටුව අතගාන්න ළමයාව පුරුදු කලානම් ඒ ළමයා පුරුදු වෙනවා අනිත් කෙනා ගැනත් හිතන්න.
කෙනෙක් බැන්නත් “ඒකා මට බැන්නා“ කියලා තරහ ගන්නැතුව “අනේ පව් එයාට හොදටම හිත රිදිලා ඒකයි මට බැන්නේ“ කියලා හිතන්න පුරුදු වෙනවනම් අපිට තරහව හුගක් පාලනය කරගන්න පුලුවන්.
තරහව, දුක විතරක් නොවේ ආසාව, ඊර්ෂ්‍යාව පාලනය කරගන්නත් මේ ක්‍රමය භාවිතා කරන්න පුලුවන්. අනිත් අය දියුණු වෙනවා දැකලා සතුටු වෙන්න, තමා ආස කරන දෙයකට ආසා කරන කෙනෙකුට ඒක දීලා එයාගෙ සතුට දැකල සතුටු වෙන්න අපිට පුරුදු වෙනවනම් ගොඩාක් දුක වේදනාව තරහව පාලනය කරගන්න පුලුවන් වෙනවා.
වෙනත් කෝණයකින් ගැටලු දිහා බැලීමෙන් දුක නැති කරගන්න ආකාරය ඔබට පැහැදිලි ඇතැයි සිතමි. අනෙත් ආකාර දෙක ගැන ඉදිරියෙදී සාකච්ඡා කරමු.

Saturday, March 2, 2013
48 සතිය
ඔබේ සතුරාට සමාව දීමෙන් ඔබට ජය ලැබේ.
Subscribe to:
Posts (Atom)