“නෑ එදා මං උදේ 3.00ට විතර නැගිටලා, ඇදයට තිබුණු ඇදුම් බැගයත් අරගෙන, පිලිකන්න පැත්තෙන් එලියට බැහැලා, උඩහ කුරුන්දට ගිහින් ළිදෙන් වතුර එකක් ඇදගෙන මූණ හෝදගෙන, ඇදගෙන හිටපු සරමෙන් ම මූණ පිහදලා දික්කලිසමයි බැනියමයි දාගෙන, සරමත් බෑග් එකට ඔබාගෙන හන්දියට ආවේ 3.30 කොළඹ බස් එක අල්ලගන්න. කොහොමින් හෝ බස් එකේ කොළඹට එනකොටත් යන්තම් ඉරපායාගෙන එමින් තිබිණ. මට බඩගින්නයි නිදිමතයි දෙකෙන්ම පීඩා විදින්න වුන බැවින් දෝ බස් නැවතුම්පොලෙහිම පුටුවක ඇහැ පියවී තිබුණි. නැවත මා කාක්කන්ගේ ලතොනියෙන් අවදි වන විට මිනිසුන් තම දෛනික වැඩ ආරම්භ කරමින් සිටියහ.
අවට දක්නට ලැබුනේ කුණු ගොඩවල් වලින් පිරී ගිය මාවත්ය. යාචකයන් තැන තැන ලැග නිදන්නට විය. නගරයට මිනිසුන් පිරෙමින් පැවතිණි. මුලින් එකක් දෙකක් වූ වාහන දැන් දැන් වැල නොකැඩී එන්නට පටන්ගෙන ඇත. වීදියේ කඩ සාප්පුද විවෘත වෙමින් පැවතින. සියලුදෙනා කඩි මුඩියේ එහේ මෙහේ විසි වෙමින් සිටියේ, කිසිවෙකුගේවත් මුහුණේ සිනාවක් දක්නට නොලැබිණ. නගරයේ ඝෝෂාව එන්න එන්නටම වැඩිය. වාහන යටිගිරියෙන් කෑ ගසමින් රිංග රිංගා ඉදිරියට ඇදෙමින් සිටී. මේ සියල්ල ටවුමේ පාරහරහා ඇති පාලම උඩට වී මම බලා සිටියෙමි.
දෑතින් දෑසත් මූණත් පිසදාගත් මම කොණ්ඩයද අතින් එහෙට මෙහෙට කර සකසා ගතිමි. බෑගය ඇර එහි තිබු ෆයිල් කවරයගෙන සියලුම සහතිකපත් පරික්ෂාකොට බැලිමි. එහි පාසලෙන් ලැබුනු ක්‍රිඩා සහතිකද දහම්පාසල් තරග විභාග වලින් ලබාගත් ඒවාද සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සහතික පත්‍රද විය. පන්සලේ ලොකු හාමුදුරුවන් ලියාදුන් චරිත සහතිකයද ඒ අතර තිබිණි. උසස් පෙළ සමත් වූ මට රස්සාවක් ලබා ගැනීම ඒ තරම් දෙයක් නොවේ. ඒත් හොද රස්සා තිබෙන්නේ කොහේදැයි මා නොදැන සිටියෙමි.
පාලම උඩ සිට කෙලින්ම බැලූ විට පෙනෙන උස ගොඩනැගිල්ල දිහා මා ටිකවේලාවක් බලා සිට නොදැනීම වාගේ ඒ ඒ දෙසට ගමන් කලෙමි. දොරටුවෙන් ඇතුල්වූ තැනම නිල් පැහැති නිලඇදුමකින් සැරසුනු පුද්ගලයෙකු මා නතරකර “කාව මුනගැහෙන්නද?“ යැයි විමසීය.
“රස්සාවක් බලන්න“ මට කියැවිණ.
“රස්සාවක් බලන්න? ඉන්ටවිව් එකකටද?“ ඔහු නැවතත් විමසීය.
“ඔව් ඔව් ඉන්ටවැව් එහෙකට“ මමද පැවසුවෙමි. පාසලේදී ඉංගිසි ඉගෙනගෙන තුබු බැවින් සමහර ඉංග්‍රීසි වචන මම දැන උන්නෙමි.
ඔහු දුරකථනය ගෙන කාටදෝ ඉංග්‍රීසියෙන් කතා කලේය. ඉන් සමහර වචන මට තේරුණ නමුත් ඔහු කුමක් ඇසුවාදැයි මට නොවැටහිණ.
“මේ දවස්වල කාටවත් ඉන්ටවිව් කොල් කරල නෑ මහත්මයා. මොකක් හරි වැරදීමක්. මං හිතන්නෙ ඇඩ්රස් එක වැරදිද කොහෙද“ ඔහු පැවසීය.
මට ලැජ්ජාවක් මෙන්ම අපහසුවක් ද දැනිණ. “සමාවෙන්න සර්“ කියූ මම වහා එතැනින් එලියට ආවෙමි. “එතැන හරියන්නෑ“ මා මටම කියා ගතිමි. එවැනිම වෙනත් ස්ථානයකට ගිය මට ඊට නොදෙවැනි සිදුවීමකට මුහුණ පෑමට සිදුවිය. එබැවින් ඊට ටිකක් කුඩා ආයතනයකට යාමට මා තීරණය කලෙමි.
මම පයින් ඇවිදගෙන ඇවිදගෙන ආවේ සිංහල නමක් ඇති ආයතනයක් සොයාගෙනය. සිංහල නම් සහිත කඩවල් සහ හෝටල් හැර වෙනත් ආයතන කොළඹරටේ සොයා ගැනීම දුෂ්කර කටයුත්තකි. කුමක් හෝ ෆැක්ටරියක් වියහැකි උස තාප්පයකින් වටවූ ගොඩනැගිල්ලක් අසල මා නැවතිණ. නිල්පාට උස ගෙට්ටුව වෙත ගොස් කීපවාරයක් තට්ටු කල විට ගේට්ටුවේ වූ කුඩා කවුලුවකින් මූන පුරා රැවුලක් වවාගත් මූණක් එබී “මොකද?“ යැයි ඇසුවේය.
“රස්සාවක්“ මා කිව්වා පමණි, “රස්සාවක්? යනවා අයිසෙ යන්න තමුසෙලට දෙන්න මෙහේ රස්සා නෑ“ කියා ඒ මිනිහා බුරාගෙන පැන්නේය. මම වහා එතැනින් පිටවී ආවේය.
අව් රස්මියද ටික ටික වැඩිවීගෙන එන්නේය. බඩ දැවිල්ලද එන්න එන්නම වැඩි වන්නේය. අසල කඩයකට ගොඩවූ මා බනිස් ගෙඩියක් කා වතුර ටිකක් බිව්වෙමි. තව මා සතුව ඇත්තේ රුපිල් දෙකකි.
Next chapter - http://asanka-mind.blogspot.com/2013/04/5.html
No comments:
Post a Comment