අම්මාගේ නිගමනයෙන් පසු එදිනෙදා ගමන් බිමන් සඳහා බයිසිකලය භාවිතා කිරීම ද තහනම් විය. ඒකත් පුදුම දෙයකි. ඒ දිනවල බයිසිකලය නිසා අපේ පවුල කොතරම් වැඩකටයුතු පහසු කර ගත්තාද? ඒත් දැන් ඒ බයිසිකලයම පවුලට අපලයක් වෙලා ලූ. කොහොමින් හෝ අවසානයේ මාවත් අයියාවත් පාසැල් වෑන් රථයකට දැමුවේය. තාත්තා බසයෙන් රස්සාවට ගියේ ය. බයිසිකලයට ගැණූම්කරුවකු ලැබෙන තුරු හදිසි අවස්ථාවකට පමණක් එය ගෙයින් පිටතට ගත්තේ ය.
නිවාඩු කාලයට මමත් අයියාත් නංගීත් ගෙදර දමා අම්මත් තාත්තාත් වැඩට යන නිසා අපේ ආරක්ෂාවට එය තර්ජනයක් යැයි සිතූ නිසා දෝ අම්මලා වැඩට යනවිට අපව අර හුන්ඩුවක් වැනි ගෙයි දමා දොර අඟුළු ලා යන්නෝය. අපිට සිදුවන්නේ ගෙයි ඇතුලට වෙලා කරන සෙල්ලමක් කරන්නයි. මමත් නංගීත් කුඩා බැවින් ඒ පිළිබඳ එතරම් ගැටළුවක් නැතත් කොලු වයසට පැමිණ සිටී අයියාට නම් එය දඟගෙයි ලෑමකි. අප ඒ දිනවල ගෙයි ඇතුලට වෙලා කරන සෙල්ලම් ගැන වෙනම ලියන්නට තරම් දේවල් ඇත.
අපේ කූලී නිවසට දකුණු පැත්තේ තිබුනේ දෙමහල් නිවසකි. එහි ජීවත් වූයේ දමිළ පවුලකි. පිටු පසින් පිහිටියේ මැලේ පවුලක් ජීවත් වූ නිවසකි. එහි ගරාජය පිහිටියේ අපේ නිවසට වම් පැත්තෙනි. නාන කාමරය අසලින්ම ඇති එලිමහන් කොටස රෙදි වේලීමට භාවිතා කෙරිණි. එය දෙපැත්තකින් තාප්පයෙන් වට වී තිබුනා. එක් පැත්තක් පාරට ද අනිත් පැත්ත අල්ලපු ගෙදර ගරාජයට ද සම්බන්ධ විය. ගෙයි ඉදිරිපස දොර විවෘත වන්නේ කෙලින්ම පාරට ය. අප හදිසියේ වත් එලියට පැන්නොත් පාරේ යන වාහනයකවත් හැප්පේ වී යැයි දෙමව්පියන්ට හිතෙන්නට ඇත. මේ නිසා නිවාඩූ කාලයේ දී අපට සිදු වූයේ සිංහබාහූටත් සිංහ සීවලීටත් සිදු වූ දෙයයි.
නමුත් අයියාට එය තවදුරටත් දරා ගැනීමේ හැකියාවක් නොවීය. මේ නිසා අයියා ලීයක් තාප්පයට හේත්තු කොට තාප්පය උඩට නැංගේ ය. පාර පැත්තට පැනීමට නොහැකි තරම් තාප්පය උස විය. මේ නිසා සිදු වූයේ අල්ලපු ගෙදර ගරාජයට පැනීමට යි. ඒ ගෙදර අපේ අයියාට වඩා අවුරුද්දක් හෝ දෙකක් වැඩිමල් අයිය කෙනෙක් හිටියා. ඔහු ගේ නම රිචී ය. අයියා ඔහුව මිතුරු කරගෙන ඒ පැත්තෙන් ද පුටුවක් තබ්බවා ගත්තේ ය. ගේට්ටුව ද අරවා ගත්තේ ය. පසුව තාප්පයෙන් පැනගත් අයියා රීචී සමඟ සෙල්ලමට වැටිණි.
රිචී ගෙදර නැති දවසට අයියා අමාරුවෙන් ගේට්ටුව දිගේ පහළට බඩ ගා එළියට පැන ගනී. ඉන් පසු අසල් වැසි කොල්ලන් සමඟ රස්තියාදු වේ යන්නේ ය. මෙසේ අයියා ලෙනින් පැන ගත් නමුත් මටත් නංගීටත් කල හැක්කක් නොවී ය. මේ නිසා අපිට සිදු වූයේ සෙල්ලං ගෙවල් හදන්නට පමණි. නමුත් අපි අලුත් වැඩක් ද මේ අතර පටන් ගත්තා. මමත් නංගීත් පෙට්‍රල් සුවඳ ට දැඩි කැමැත්තක් දැක් වීය. මේ නිසා ගෙදර තිබූ බයිසිකලයේ තෙල් ටැංකිය බාගෙට හැර එහි සුවඳ ආග්‍රහනය කරන්නට පටන්ගත්තෙමු. මෙයින් සිදු වූයේ අපව මත් වීමයි. මට විවිධ රූප, පාට සහ විකාර පෙනෙන්නට පටන් ගත්තේ ය. මං එතනින් එහාට සිදුවන්නේ කුමක් දැයි නොදනිමි. නමුත් හවස අම්මා ගෙදර එනවිට අප තැන තැන වැටී නිදා උන්නෙමු. අම්මා සිතන්නේ අප නිදිමතට මෙසේ වැටි නිදා ගන්නවා කියාය. අම්මා “පව් පොඩි එවුන් “ යැයි කියනු ද මට ඇසී ඇත.
මෙසේ අපේ ජිවිත හුදකලාවේ වැඩිහිටියකුගේ ආරක්ෂාවකින් තොරවම වැඩිවියට පත්විය. ඒ වන විට අයියා පහ වසරේ ද මං තුන වසරේද නංගි පළමු වසරේ ද විය.
මේක කියවල පෙට්ට්‍රල් වාශ්ප අල්ලන්න ගනීද දන්නේ නැ, එහෙම එවුවොනෙ ඉන්නෙ
ReplyDeleteඔව් ඔව් මොලේ වැඩිච්ච නැති අය එහෙම දේවල් කරනවනේ. මේ අපි කලා වගේ. හේ..හේ..
Deleteමගේ කුඩා පුතත් ඔය වගේ භයානක වැඩක් කළා...මගේ මෝටර් බයික් එකේ petrol cup එක ගලවලා...පෙට්රෝල් තියේද කියා බලන්න ..ගිනි කුරක් ගහන කොටම..අම්මා දැකලා...අතට ගහල තමා විනාශය වලකාගෙන තියෙන්නේ..
DeleteThis comment has been removed by a blog administrator.
Deleteළමයි අපේ හිත් වගේ. පොඩ්ඩක් කල්පනාව නැති උනොත් ඒ අයට හිතෙන හැමදේම කරන්න යනවා.
Deleteහපොයි පොඩි උන්..ඔයත් අයියගෙ වයසට එද්දී ඔය වගේ අංකූරු වැඩ කරන්න ඇති
ReplyDeleteඅනේ නෑ. මං හරි අහිංසකයි. ඇල් වතුරත් කූල් කරලා බොන්නේ
Deleteමාරම සින් එකක් .අෙපෙේ ෙසෙෙදෙන්නට ෙමෙෙහෙම ෙනෙොකරන්න අපි මාර කට්ටක් කන්‍ෙනෙ
ReplyDeleteඅපෝයි ඔව් ! ඔව්වා හිතන තරම් ලේසි නෑ
DeleteHuta.. Yako ube podi wayasata karala thiyena de amden wath karala nethiwa ethi.. Hikz..
ReplyDeleteඅපිනං ඕවට නෑ. මේ අයියා තමා. හ්ම්
Delete