ගං තෙරේ හැමදාම දිය දහර ගැලුවාට
ළිං පතුල තාමත් ඉරි තලයි දිය නොඑන
තුන්යාමේ සිහිනයක නුඹ මාව සිම්ඹාට
කන්වයින තාමත් තනිකඩය නිදි යහන
කතර ගඟුලක් වේද මල් තුහින වැස්සාට
මලේ පැණි රස වේද සමනළුන් වැසුවාට
සඳේ ලප නැතිවේද වළාවෙන් පිස්සාට
තාම මං තනිකඩය නුඹ ලඟින් හිටියාට
සයුර මට හිමිවේද රළ පතුල් තෙමුවාට
පැලේ තනි නැතිවේද නුඹ ගැනම සිතුවාට
ලඳේ නූඹ මගෙ වේද තුටු වදන් දෙඩුවාට
ප්‍රේම රන් මන්දිරය ඇරෙන්නේ කවදාට
හ්ම්ම් තනිකඩය නේන්නම්
ReplyDeleteකවි ගී ලියා පද වැල් ලිව්වාට
ReplyDeleteගලනා ඇළ දොළට උපමා බැන්දාට
අහසේ තරු කැට වලින් ආලය යැද්දාට
පිළියම් ලැබෙද පෙලෙනා මෙම තනිකමට.. :-D
කවි ගී ලිව්වේ සිත තනිකම හැරගන්ට
Deleteඕනේ නොමැත මට බන්ධන කරගන්ට
ඕනැ කමක් ඇත්නම් මට හිරගන්ට
දන්නෙමි ක්‍රමය මං තරුණියො අරගන්ට :D
ලස්සනයි කවි ටික
ReplyDeleteස්තූතියි !
Delete