කාටත් නොපෙනෙන කවුරුත් නොහඳුනනා
හද තුල තෙරපෙන උතුරා ගොඩගලනා
ඒ ආදරයයි - ඔබගේ ආදරයයි //
සඳකට සැගවී මා වෙත සුව ගෙනෙනා
මා සතුටේ උල්පතටත් දිය බෙදනා
සිහිනෙන් ඇවිදින් මා සුරතල් කරනා
ඒ ආදරයයි - ඔබගේ ආදරයයි
හිරු ඇහැරෙන සඳ නිවසින් පිය මනිනා
මට නොපෙනෙන දුර ඈතක බර අදිනා
නුඔමයි කඩ ඇණ ගමනට මඟ සදනා
ඒ ආදරයයි - ඔබගේ ආදරයයි
හිත උදුරා ගත්තා
ReplyDeleteඅනේ සොරි වෙන්න ඕනි. වරදක් කලත් සිතකින් නොවේ. මං එහෙම අනුන්ගේ දේවල් උදුරගන්න කෙනෙක් නෙවේ. හී....
Deleteස්තුතියි සහෝ...