Saturday, November 7, 2015

මගේ කතාව 2 - සෙල්ලං ලෙල්ලං 1

අයියාගේ ශිෂ්‍යත්ව විභාගය නිසා අම්මාගේ වැඩි අවධානයක් අයියා වෙත යොමු වුනත් අයියා පමණක් පාඩම් කරද්දි අපට රූපවාහිනිය නැරඹීමට හැකියාවක් නොවුනු බැවින් අපටද ඒ කාලය ඉගෙනීමට යෙදවීමට සිදුවිය. මන්ද නිවසේ සියල්ලටම තිබුනේ එක කාමරයක් පමණි.

අයියාත් මමත් පාසැල් වෑන්රියෙන් පාසැල් ගිය බැවින් අපට විවිධ වයස්වල සිසුන් මිතුරන් ලෙස ඇසුරුකිරීමට ලැබුණා. වැඩිහිටි අයියලා පාසැල් වෑන්රිය තුලදී කරන ක්‍රීඩා, කතා වලට අපද සහභාගී විය. කාඩ් සෙල්ලම් කිරීම, වලලු දැමීම, කරන්ට් පාස් කිරීම වැනි ක්‍රිඩා ඒ අතර විය. ඊට අමතරව අසභ්‍ය ගනයේ බයිලා කීම ද, පෙම්වතියන් ගැන කතා කිරීම ද අපට අසන්නට ලැබිණි. පාසැල් ඇරී ගෙදර ආ විට අයියා වැන්රියෙන් බැස මා රැගෙන අල්ලපු ගෙදර ගේට්ටුව අසලට වී වැන්රිය යනතුරු සැඟ වී බලා සිටී. පසුව වැන්රිය නොපෙනී ගිය පසු ගෙදර යයි. පළමුව අයියාගේ මේ හැසීරීම මට ද ප්‍රහෙලිකාවක් විය. පසුව දැනගන්නට ලැබුණේ  අයියා මිතුරන්ට  අපේ ගේ තට්ටු දෙකේ ගෙයක් වූ අල්ලපු ගේ බව කියා තිබූ බවයි.

ඒ ගෙදර විසූ දමිළ පවුල මුලින් අප සමඟ ගනුදෙණු නොකලත් පසුව ඔවුන් අප සමඟ හොඳින් සිංහලෙන් ගනුදෙණු කලේය. ඒ පවුලේ ද පිරිමි ළමුන් දෙදෙනෙක් හා අක්කා කෙනෙක් සිටි බැවින් අපි හැන්දෑවට එම නිවසේ මිදුලෙහි ක්‍රීඩා කළෙමු. එම නිවසේ ඔවුන්ගේ ආච්චී කෙනෙක් ද විසූ අතර අප ක්‍රීඩා කරනවිට ඈ ආලින්දයේ සිට රූපවාහිනිය නරඹමින් සිටී. දිනක් අප ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවනවිට සුපුරුදු පරිදී ඈ රූපවාහිනිය නරඹමින් සිටියා. හදිසියේම අයියා වැරෙන් පන්දුවට පහරදීමට උත්සහ කිරීමකදි පිත්ත ගිලිහීගොස් නිවසේ උළුවස්සේ වැදී ගේ තුලට පියාසර කලා. එකවරටම ආච්චීගේ විළාපයක් ඇසුනා. පිත්ත ගොස්  ඇයගේ හිසමතයි පතිතවී තිබුනේ. එයින් බයට පත් අයියා ගෙට්ටුවෙන් එළියට පැන දිව්වා. වෙනකලයුතු යමක් නොතිබූ මම ද දිවගොස් ගෙයි දොර මුල්ලේ සැංඟී හිටියා. පසුව ආරංචි වූයේ වරද ඒ අයියා බාරගෙන ඇති බවත් ආච්චි අම්මා රෝහල්ගතකර ප්‍රතිකාර කරවූ බවත් ය. ඒ නිසා ඒ සිදුවීම ගැන කිසිම තොරතුරක් අපේ දෙමව්පියන්ට ආරංචි නොවී ය. එය අපේ අයියාගේ අතින් සිදුවූ බව දැනගත්තේ නම් අයියාට අම්මාගෙන් හොඳහැටි ලැබෙන්නට තිබුණි.

මොන සෙල්ලං දැම්ම ද අයියා අවසානයේ යන්තම් හෝ අම්මාගේ බලාපොරොත්තුව ඉෂ්ඨකරමින් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් විය. ඒ එක් ලකුණකිනි. සමත් අවම ලකුණ 113ක් වූ අතර අයියා 114ක් ලබාගෙන තියුණු ජයක් අත්කරගත්තේය. අයියා ගෙදර ලොකුපුතා බැවින් ද එය දරුවකු ලැබූ පළමු අධ්‍යාපන ජයග්‍රහණය නිසා ද අම්මා තාත්තා මෙන්ම අයියා කුඩාකල සිට බලාගත් ගෙදම්මා(ආච්චී) ද සතුටු විය. ගෙදරම්මා (ගෙදම්මා) අයියාගෙන් මොනවාද ඕනේ යැයි ඇසූවිට ඔහු කීවේ “මට තට්ටු දෙකේ ගෙයක් ඕනෑ“ ය කියා යි. 


10 comments:

  1. හෙහ් හෙහ්...... තට්ටු දෙකේ ගෙයක්......... නියමයි.........

    ReplyDelete
    Replies
    1. පොඩි එකාගේ ආසාව නොවෑ. හුන්ඩුවක් වගේ ගේක නොවැ උන්නේ.

      Delete
  2. Replies
    1. අපෝ දැන් ලෝකේ වෙන දේවල් වල හැටියට ඕවාත් වැඩද? හේ හේ

      Delete
  3. ඔබේ " මගේ කතාව 2 - සෙල්ලං ලෙල්ලං 1" කියවීමෙන් පසු සියළුම මගේ කතාව කොටස් එක හුස්මට කියා නිම කළෙමි. කථාවේ අන්තර්ගතය නිස හෝ ඔබේ ලිවීමේ හැකියාවෙ නිසා, මම ඉතා කැමැත්තෙන් කියවීමි. ඔබේ දෙමවුපියන් කල කැපවීමත් සමග දරුවන් තුනක් සිටින මා මොකෙක්දැයි සිතේ. මෙතෙක් කල් ලියූ දේවල් වලට බොහොමයක් ඉස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා. ! දරුවන් හැදීමේ දී අපි ඔවුන්ට දුක දැනෙන්නට අරින්න ඕන. නැත්නම් දවසක ඔවුන් මව් පියන් නොසලකා හරිනු ඇත.

      Delete
  4. තමන්ගේ ගෙදර තට්ටු දෙකේ ගෙදරක් කියලා අනුන්ගේ ගෙවල් පෙන්නන එක ගොඩක් කොල්ලෝ කරන වැඩක්.අයියට තට්ටු දෙකේ ගෙයක් හදලා දුන්නද,නැත්නම් අයියා හදාගත්තද ?

    ReplyDelete
    Replies
    1. ඒක දිග කතාවක්, දැන්නම් අපි ඉන්නේ තට්ටු දෙක හමාරක ගේක. හේ...හේ....

      Delete
  5. මේ කොටස කියෙව්වට පස්සේ මමත් මගේ කතාව ඔක්කොම ටික බලල ඉවර කලා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා...

      Delete