මා තුරුලට වී උණුසුම් වන්නට
ඔබ එනතුරු මා බලා සිටින්නේ
මා යෞවනියේ මා පෙම්වතියේ
මා යෞවනියේ මා පෙම්වතියේ
ඔබ එනතුරු මා බලා සිටින වේලේ
ඔබ එනතුරු මා බලා සිටින වේලේ
දූවිලි වර්ෂා කලු දුම් අතරේ
නැහැවී නැහැවී ඔබ සිපගන්නට
ඔබ එනතුරු මා බලා සිටින්නේ
මා මියුලැසියේ මා සුමිහිරියේ
නැහැවී නැහැවී ඔබ සිපගන්නට
ඔබ එනතුරු මා බලා සිටින්නේ
මා මියුලැසියේ මා සුමිහිරියේ
මා මියුලැසියේ මා සුමිහිරියේ
ඔබ එනතුරු මා බලා සිටින වේලේපෙර දා වාගේම ඔබ හා ලං වී
පෙම්බස් සමඟින් දොඩමළු වන්නට
බස් රථයක හිඳ කෙලවර අසුනේ
එන්නෙ ද මා වෙත කියනු සොදුරියේ
එන්නෙ ද මා වෙත කියනු සොදුරියේ
ලොවම අපදිහා බලා සිටින වේලේ
උන්නලු යෞවන ප්‍රේමවන්තයෝ
ගංඟා ඉවුරක තුරු සෙවනක් යට තරු කැට දෙක තුන එබෙනා යාමේ
නොසිත සොඳුරියේ නොඅස බොලැඳියේ
නොසිත සොඳුරියේ නොඅස බොලැඳියේ
මුසා බසකි ඒ කවියන් මුමුණන්නේ
No comments:
Post a Comment