දැන් සියල්ල හමාරය. වෛද්‍යවරුද ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කර ඇත. දරුවා ගැන සියලු බලා පොරොත්තු අත්හැර දැමීමට සිදු වී ඇත. දැන් ඔවුන්ට ඇති එකම සරණ ආගම ධර්මය පමණි. කරුණාරත්න නම් දරුවා පිළිබද ආශාව අත්හලේය. නමුත් අම්මා කෙනෙකුට එය කිසිසේත් කල නොහැක්කකි. ඔහු ද ඒ බව දන්නා බැවින් නන්දා කියන ඕනෑම දෙයක් කිරීමට කරුණාරත්න සහයෝගය දුන්නේය.
නන්දා තම දරුවා වෙනුවෙන් කල හැකි සියලුම දේ කලාය. ඕ දන්නා කියන සෑම පන්සලකටම දේවාලයකටම බඩ ගෑවාය. බෝධි පූජා පැවැත්වූවාය. සෑම රාත්‍රියකම නින්දට පෙර පිරිත් කියා සත්‍යග්‍රහ කළාය. දෛවඥයන් ලවා කේන්දර බලවා කල යුතු සියල්ලක්ම උපදෙස් පරිදි කලාය. ඉන් දරුවා යම් සුවයක් පෙන්වුවද දිනෙන් දින ඇටසැකිල්ලක් බවට පත් විය. මූණ ඉදිමෙන්නට විය.
ඒ දරුවාගේ දෙවන උපන් දිනයයි. නන්දා එදින අලුයම පිබිදී නැවුම් බවකින් යුතුව වැඩෙහි යෙදුනාය. ඊට ප්‍රධාන හේතුවක් වූයේ නන්දාගේ කුසට දරුවකු පිළිසිද ගැනීමයි. මෙයින් ඈ ප්‍රබෝධමත් වූයේ දිනක් දෛවඥයකු පැවසු කරුණක් නිසාය. ඈ දරුවාගේ කේන්දර කොපිය බැලවීමට එක් ස්ථානයකට ගියේ යහලුවකුගේ මග පෙන්වීම යටතේය. එහිදී කේන්දරය බැලූ දෛවඥයයා නන්දාට කිසිසේත් ඇදහිය නොහැකි ප්‍රකාශයක් කලේය . " කවුද කියන්නේ මේ ලමයා ලෙඩෙක් කියලා, මේ ලමයගේ කේන්දරේ හැටියට දැන් ටිකක් කරදර කාලයක් උනාට මේක විශේෂ කේන්දරයක්. මේ වගේ වාසනාවන්ත කේන්දරයක් බොහොම කලාතුරකින් තමයි ලැබෙන්නේ. මේ දරුවා ලෙඩෙක් නෙවෙයි. මේ දරුවා ගෙදර සින්දු කිය කිය නට නටා ඉන්න ඕන ලමයෙක්. නොනාට තව ගැහැණු ළමයෙක් ලැබෙන්න තියෙනවා. ඒ මෙ ලමයා පතාගෙන එන දැරිවියක්. ඈ මේ ලමයගේ වාසනාවටයි උපදින්නේ." මෙයින් නන්දාට එදා ඇති වූයේ තරහවකි. මෙහෙමත් බොරුකාරයෙක් මේ ලමයා ජීවත් කරන්නේ කොහොමද කියලා මං මේ කල්පනා කරන්නේ යැයි ඕ තමාටම කියා ගත්තාය. නමුත් ඉන් එක් අනාවැකියක් දැන් නිවැරදි වී ඇත. ඇයගේ කුසට තවත් දරුවෙකු ලැබී ඇත. මෙදින ද දරුවාගේ උපන්දිනය නිසාද යම් බලාපොරොත්තුවක පෙරනිමිත්තක් හිතට දැනුණු නිසාදෝ හෝයි ඈ කිරිබතක් සෑදුවාය.
එදින රැකියාවට ගොස් ප්‍රබෝධයෙන් වැඩ කල ඈට කෑම පැයේදී තම යහලුවකුගේ බත් පත එතූ පත්තරෙහි තුබූ ලිපියක් නෙත ගැටිණි. එය තම පවුලේ දෛවය වෙනස් කරතැයි ඈ කිසිසේත් නොසිතන්නට ඇත.
මගේ කතාව
- කට කහනවට... (37)
- නව කතාව (32)
- පබැඳුම (74)
- මගේ කතාව (56)
- යථාර්තය සොයා.............. (59)
- සතියේ වදන (200)
Sunday, August 28, 2011
Saturday, August 27, 2011
4 ලිපිය - කර්මය
අප මෙතෙක් දවස් ලෝකය පිළිබද ගැඹුරින් සහ සරලව සොයා බැලීමක් කලා. නමුත් කෙලින්ම මෙහි ඒ පිළිබද අදහස් දක්වා තුබූයේ බුංජු විසින් පමණයි. කෙසේ නමුත් මෙහි පැමිණෙන අනෙක් අයද මේ ලිපි පෙල කියවනවා යැයි මා සිතමි. ගිය සතියේ අප ලෝකයේ ක්‍රියාකාරිත්වය යටතේ සිත ක්‍රියා කරන්නේ කේසේද යන්න සොයා බැලිමු. එහිදි සිතේ ක්‍රියාකාරිත්වයට ශක්තිය සපයන ප්‍රධාන සාධකයක් ලෙස කර්ම ශක්තිය හදුනා ගතිමු. මේ කර්ම ශක්තියේ ක්‍රියාව ඉතා පැහැදිලිව විස්තර කිරීම ඉතාම අපහසු කටයුත්තක් නමුත් යම් පමණකින් හෝ ඒ පිළිබද සොයා බැලීම සුදුසු යැයි මගේ හැගීමයි. බුදුන් වහන්සේ විසින් සොයා නිම කල නොහැකි අචින්ත්‍යය දෙයක් ලෙස කර්ම විෂය හදුන්වා ඇති බවයි පැවසෙන්නේ. නමුත් අපි පසුගිය ලිපිය අවසන් කල තැනින්ම මෙම ලිපියද ආරම්භ කර අපට හැකි පමණින් මෙම කර්ම විෂය සොයා බලමු.
විඥ්‍යාන ශක්තිය මුල් කරගෙන කෙරෙන ප්‍රතිඵල සහිත ක්‍රියාවක් අපි කර්මය ලෙස හදුන්වමු. වෙනත් ආකාරයකින් කියතොත් චේතනාවක් සහිතව සිදුවෙන ක්‍රියාවක් කර්මය ලෙස හදුන්වමු. මෙවැනි ක්‍රියා කොටස් හතරකට බෙදිය හැක. එනම් කුසල්, අකුසල්, පින් හා පව් ලෙසය. කුසලය යනු කුසලතාවයයි. නැතිනම් හැකියාවයි. එවැනි ක්‍රියාවකින් සිදුවන්නේ හැකියාවක් දියුණු වීමයි. මෙහිදි සාමාන්‍යයෙන් කුසලතා ලෙස දක්වන්නේ නිවනට ප්‍රයෝජනවත් වන හැකියාවන්ය. එවැනි හැකියාවන් නිවනට පමණක් නොව යහපත් ජිවිතයකට ද ප්‍රයෝජනවත් වේ. මෙවැනි හැකියාවන් මොට කරන ජිවිතයට අනර්ථය පිණිස පවතින හැකියාවන් ද ඇත. සමහරුන් උජාරුවෙන් පවසන එවැනි පහත් හැකියාවන් අකුසලතා ලෙස හදුන්වමු. එවැනි අකුසලතා වර්ධනයවන යම් ක්‍රියාවක් වේ නම් ඒවා අකුසල කර්ම වේ. ඊලග කර්ම දෙක නම් පින හා පවයි. නැවත නැවත මතක් කිරීමෙන් සිත සැනසෙන ක්‍රියාවක් වේද එය පුණ්‍ය ක්‍රියාවක් ද සිත පසුතැවෙන ක්‍රියාවක් අකුසල ක්‍රියාවක් ද ලෙස සැලකේ. මෙහිදි පුණ්‍ය ක්‍රියා හා අපුණ්‍ය ක්‍රියා පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධාකාර වේ. මන්ද යම් ක්‍රියාවකින් පසු තැවීම හෝ සතුටු වීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බැවිණි.
මේ අනුව කර්මය සිදුවන ප්‍රධාන ආකාර සතර පිලිබද තව දුරටත් ඉදිරි ලිපියේ දී සාකච්ඡා කරමු. ඔබට නිවන් සුව ලැබේවා!

පෙම් කෙලපල්ලා
අපෙ අප්පා මහන්සියෙන්
හම්බු කොරපු සල්ලි මෙව්වා
අපෙ අම්මා දුක් විඳගෙන
ඉතුරු කොරපු සල්ලි මෙව්වා
ඉල්ලුවාම ඕන තරම්
සොයා දුන්නු සල්ලි මෙව්වා
කෙල්ලේ මන් උඹ වෙනුවෙන්
පූජ කරන සල්ලි මෙව්වා
අපෙ අප්පා ලෝන් ගගහා
රෝල් කරපු සල්ලි මෙව්වා
අපෙ අම්මා නොකා නොබී
ඵකතු කරපු සල්ලි මෙව්වා
උජාරුවට මගේ වගේ
වීසි කරන සල්ලි මෙව්වා
පරපෝෂිත යාචකයින්
පිනුම් ගහන සල්ලි මෙව්වා
හම්බු කොරපු සල්ලි මෙව්වා
අපෙ අම්මා දුක් විඳගෙන
ඉතුරු කොරපු සල්ලි මෙව්වා
ඉල්ලුවාම ඕන තරම්
සොයා දුන්නු සල්ලි මෙව්වා
කෙල්ලේ මන් උඹ වෙනුවෙන්
පූජ කරන සල්ලි මෙව්වා
අපෙ අප්පා ලෝන් ගගහා
රෝල් කරපු සල්ලි මෙව්වා
අපෙ අම්මා නොකා නොබී
ඵකතු කරපු සල්ලි මෙව්වා
උජාරුවට මගේ වගේ
වීසි කරන සල්ලි මෙව්වා
පරපෝෂිත යාචකයින්
පිනුම් ගහන සල්ලි මෙව්වා
Friday, August 26, 2011
මකුණු දැලින් හුලං බැදීම
අපේ විසිතුරු කොල්ලා ඉන්නව නෙව. ඌයි මායි අතොරෙ වුනු කතිකාවක් නිසා ඕං මේං මේක දමාලාපිනාන්ට හිතුනා. බොලාලා දන්නව නෙව නගර සෝභනියන්ව (වෙසගනන්ව) දැන් දිගට හරහට පොලෝසියෙන් කුදලාගෙන යනව නෙව. මං කියෙව්වේ මේ රාජකාරියට නැතුව අහවල් දේකට නොවෙයි. දැන් හැබෑටම ඔය තනන්නේ සිරි ලංකාවේ තුන්වන සික පදය සුරකින්නෙයි. නෑ නෙව. මොකෙයි ඕකුන් කුදලං ගොහින් හත් අට දාහකට ඇප මත මුදා හැරියම උන් ගොහින් පවුලක් පන්සලක් වෙලා හේනක් කුඹුරක් කොරාගෙන ඉන්නවෙයි. රට කරවන කාණ්ඩෙට කීයක් හරි හොයා ගන්නයි, රටේ එවුන්ගේ පරසාදේ දිනාගන්නයි කොරන බූත වැඩ නෙව. උන් ඔය ගාන පැයෙන් දෙකෙන් හම්බු කොර ගනී සුටු ගාලා.
ඔය තහනම් ගහේ ගෙඩි කෑවේ මිනිහා ලෝකේ පහලඋන කාලෙම නෙව. එහෙව් එකේ මොන සක්කරයා ආවත් නවත්තන්ට ඇහැක් එකක් ද ඔය. රට කරවන රාලලාට තියෙන්නේ ඔක නීති ගත කොරලා විදිමත් විදියට කිරියාත්මක කොරවන එකයි. එතකොට ඔය ගබ්සා කොරන්නයි සමාජ රෝග වලට පතිකාර කොරන්නයි ඕනැන්නේ නෑනේ. මාසෙකට සැරයක් චැක් කොරලා ලෙඩ හැදිච්චි එවුන්ගේ බලපත්තරෙ අහෝසි කොරාලා වන්දියකුත් දුන්නනම් අහවරනේ. උන්ගෙන්ම බදු ගහලා ආදායමකුත් හොයාගෙන රට ගෙනියන එක නෙව තියෙන්නේ.
කරන කලට පව් මීරිය මී සේ
විදින කලට දුක් දැඩිවේ ගිනි සේ
කියාලා අපි පවු නොකර හිටියම ඉවරනේ. මොකද,
නැණ මද එකා ගුණ දහමින් වෙලූවත්
උගේ ගතිය ඌ නාරී මැරූවත්.

Thursday, August 25, 2011
14 සතිය
ඔහු හෝ ඇය හමුවන කල් සතුටින් සිටියානම් "ඔයා නැතුව මට ජීවත් වෙන්න බෑ" කියන්නෙ ඇයි?
Sunday, August 21, 2011
13 කොටස
ඩිස්පැන්සරිය වෙත ගෙනගිය දරුවා පරික්ෂා කල වෛද්‍යවරයා මූලික ප්‍රතිකාර කීපයක් කොට කරාපිටිය රෝහල වෙත මාරු කර හැරීය.
එහිදී දරුවා පරික්ෂණ කීපයකට භාජනය කෙරිණි. සවස වැඩ ඇරී ගෙදර පැමිණි න්දාත් කරුණාරත්නත් ආ පයින්ම නැවත කරාපිටිය රෝහලට ගියෝය. එහි ගිය කරුණාරත්න වෛද්‍යවරයා හමුවී දරුවාගේ විස්තර විමසීය.
" ඩොක්ටර් කොහොමෙයි මගෙ දරුවට ?"
" මිස්ටර් දරුවගේ පියා නේද?"
" එහෙමයි"
" මහත්මයා කලබල වෙන්න එපා මෙහෙම කිව්වට. දරුවගේ හාට් එකේ ප්‍රොබ්ලම් එකක් තියෙනවා. අපි කාර්ඩිලොජි ටෙස්ට් එකක් කලා. දරුවා බේර ගන්න නම් පිටරට අරන් යන්න වෙනවා. ලංකාවේ ඒකට ප්‍රතිනාර කරන්න හැකියාවක් නෑ. කලබල වෙන්න එපා, මං බෙහෙතක් ලියලා දෙන්නම්. මං හිතන්නේ අවුරුද්දක් විතර පාලනය කර ගන්න පුලුවන්. මහත්මයා දරුවා ඉන්දියාවේ ගෙනියන්න සූදානම් කරගන්න."
එයින් කරුණාරත්නට හදවතට රෝස කටුවලින් අනින්නාක් මෙන් සියුම් වේදනාවක් සමග හුස්ම හිරවෙන බවක් ද දැනිණි. මොහොතක් වෙලා ගල්ගැසී සිට නැවත පියවි ලොවට පැමිණ "එහෙමයි ඩොක්ටර්" කියා පිට වී ගියේය. දැන් කරුණාරත්නගේ ඔලුව දහසක් ප්‍රශ්න වලින් පිරී ඇත. මේ කාරණාව නන්දාට පවසන්නේ කෙසේ ද? මෙය ඇසූ පමණින් නන්දා මහත් වෙදනාවට පත්වෙනු නිසැකය. දරුවා ඉන්දියාවේ ගෙනියන්න සෑහෙන මුදලක් වැය වන අතර ප්‍රතිකාර වලටද සෑහෙන වියදම් දැරිය යුතුය. ඔහු අත තිබුණු මුදලද යතුරු පැදියක් ගැනීමට වියදම් කර ද තිබිණි.
ඔහු අතේ කඩදාසි තුණ්ඩුවක් තිබිණි. එහි පැරඩෝල් නම් විටමිනයක නමක් ද සස්ටජන් නම් පිටි වර්‍ගයක නමක් ද සදහන් ව තිබිණි. ඒ දෙක රැගෙන නන්දා ද සමග නිවසට පැමිණි නමුත් නන්දාට පැවසුවේ තවම රෝගය සොයා නොගත් බවයි. දරුවාගේ අසනීප ගතිය නැතිවන තුරු දවස් කීපයක් රෝහලේ නවත්වා ගත්තේය.
දින දෙකකට පසුව නැවතත් සුදු පුතා ගෙදර පැමිණියේය. නමුත් සෑම සති දෙකකට වරක් ක්ලිනික් සදහා කරාපිටි ගියේය. ඒ සෑම අවස්ථාවකම කිසිම ප්‍රතිකාරයක් නොකල අතර යථෝක්ත විටමිනයත් පිටි වර්‍ගයත් පමණක් දීමට අනුමත කලේය.
මෙසේ කාලය ගෙවී ගියේය. කරුණාරත්නට දරුවා ඉන්දියාවේ ගෙනයාමට අවශ්‍ය මුදල් සොයා ගැනීමටද නොහැකි විය. නිතර ගමන් බිමන් යෙදුනු බැවින් යතුරුපැදිය විකුණා දැමීමට ද නොහැකිය. ඉඩම උගස් තැබුව ද බඩු විකුණා දැමුවද ප්‍රමාණවත් මුදල සොයා ගත නොහැක. මාස හයක් පමණ ගිය කල දිනක් නැවත දරුවා ක්ලිනික් රැගෙන ගියේය.
" මහත්මයා තරහ වෙන්න එපා මෙහෙම කියනවට. දරුවා බේරා ගන්න සෑහෙන මුදලක් යනවා. දරුවා රට ගෙනියන්න තරම් වත්කමක් නැති බවත් ඇත්තයි. අපිට කරන්න පුලුවන් හැම දෙයක්ම අපි කරනවා. ඒත් මෙහෙම ලමයි බොහොම කලාතුරකින් තමයි ලැබෙන්නේ. ඔබට තව දරුවෙක් ඉන්නව නේද?. දැන් තියෙන්නේ හිත හදාගන්නයි. හැමදාම බෙහෙත් කර කර තියා ගත්තත් අවුරුදු තුනකට වඩා දරුවා ජීවත් වෙයි කියලා හිතන්න අමාරුයි. මේ පාර විටමින් එකත් පිටි එකත් මං නිකන් දෙන්නම්. ආයෙත් ක්ලිනික් එන්න අවශ්‍ය නෑ."

Saturday, August 20, 2011
3 ලිපිය - අවසානය
අපි ගිය සතියේ සොයා ගත්තා යම් ක්‍රියාවක් කිරීමේදී අරමුණක් ඉන්ද්‍රියක ගැටුනු විට ඊට අදාලව සිතුවිලි ක්‍රියාත්මක වෙන ආකාරය. ඒවා චෛතසික කියමුකෝ. මෙම චෛතසික ඉපදවීමේ ශක්තිය තිබෙන්නේ විඥ්‍යාන ධාතුවේ බවත් අපි දන්නවනේ. ඒ වගේම අපි දන්නවා යම් ශක්තියක් ක්‍රියා කිරීමේ දී ශක්තිය හීන වන බව. එතකොට මේ විඥ්‍යාන ධාතුවට ශක්තිය ලැබෙන්නේ කොහෙන්ද?. මෙන්න මේ ශක්තිය ලැබෙන්න ඕන කර්මයෙන්.
දැන් බලන්න මල ස්පර්ශ වූ විට එය මලක් බව හදුනා ගන්නේ මතකයෙන්. එනම් අපි මලක් ගැන කලින් ඉගෙන ගෙන දැකලා තිබෙන නිසයි ඒක මලක් කියලා හදුනා ගත්තේ. හැබැයි කවදාවත් දැකල නැති දෙයක් දැක්කොත් අපිට ඒක හදුනගන්න බෑ. නමුත් ඒ දේ දුටු විට අපේ ඇසේ විඥ්‍යානය පහල වෙනවා. එනම් කර්මයක් සිදු වෙනවා. එතකොට පැහැදිලි වෙනවා විඥ්‍යාන ධාතුව හැදෙන්නේ කර්මයෙන් බව. මේ කර්මයන් සිදු කරන්නේ සලායතන හෙවත් ඉන්ද්‍රිය ඇසුරු කරගෙන. එම නිසා ඒ ඒ ආයතනයට අදාලව විඥ්‍යාන පහල වෙනවා. නාමරූප ඇසුරින් විඥ්‍යානය පහලවේ කියන්නේ ඒකයි. කෙනෙක් මැරෙනකොට මේ ආයතන හයෙන් පංචේන්ද්‍රිය හැර යන නිසා ඊට අදාල විඥ්‍යාන පහද නැති වෙනවා. නමුත් ශක්තියක් අතුරුදහන් වෙන්නේ නැති නිසා (ශක්ති සංස්තිති නියමය) මේ ශක්තිය මනෝ විඥ්‍යානයට එකතු වෙලා ඊලග භවයට ගෙන යනවා. නමුත් ඒ ශක්තිය පංචේන්ද්‍රියෙන් නූපන් බැවින් පෙර භවයේ මලක් දැක ඇතත් හදුනා ගැනීමක් සිදු වෙන්නේ නෑ. නමුත් සමහර විට මනෝ විඥ්‍යානයේ ඒ රූප හදුනා ගැනීමේ ශක්තියක් තිබෙනවා. ඒ නිසයි සමහර පෙර භවයේ ඇසුරු කල දේවල් නැවත ගැටුනු විට හුරු පුරුදු ගතියක් දැනෙන්නේ.
දැන් අපි හොයා ගත්තා කර්ම ශක්තිය මගින් විඥ්‍යාන ධාතුව ක්‍රියා කරන බවත් විඥ්‍යාන ධාතුවේ ඇති ශක්තිය මගින් චෛතසික උපදනා බවත්. එම චෛතසිකත් නාම රූපත් ක්‍රියා කිරීමෙන් නැවත කර්ම සිදුවන බවත් එම කර්ම ශක්තිය නැවත විඥ්‍යාන ධාතුවට හේතු වන බවත් අපිට පැහැදිලි. දැන් මේ ලෝකයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි. සියල්ල චක්‍රාකාරව හේතු පල දහමට අනුව සිදුවේ. එය අචේතනික සචේතනික යන සියලු දේට පොදු වේ. (ඹබේ අදහස් දක්වන්න. එය නිවැරදි මග යාමට උපකාර වේ. නිවන් සුව ලැබේවා!).

Friday, August 19, 2011
හිසේ ඇම්මට කොට්ට මාරු කිරීම
බොලාලට කියන්න ඕං අපේ හාන්දුරුවරු යස වැඩක් කරාපිනාලලු වාහන අනතුරු නවත්තන්ට. කොහේදෝ මංදා පාරක ඇක්සිඩොන්ට් වැඩිය කියාලා පාර දිගේ පිරිත් පැන් ඉහගෙන යනවා මං දැකපිනා ඔය ටෙලිවිසොන් එකේ. විපරීත කාලේන කඡ්ඡේන පුහුලං කියාපි.
" පිංවතුනේ සියල්ලටම හේතු තියෙනවා, හේතු ඇති කල්හී පල ඇති වෙනවා හේතු නැති කිරීමෙන් පල නැති වෙනවා " කිලා බන දේසනා කොරන හාන්දුරුවෝ ඇක්සිඩොන්ට් නවත්තන්න පාර දිගේ පිරිත් පැන් ඉහිනවා.
ඇක්සිඩොන්ට් නැති කරන්න මක්කෙයි කරන්ට ඕනැන්නේ. රියදුරන් මගීන් දැනුවත් කොරන්ට ඕනෑ. උන්ගේ විනය තනන්ට ඕනෑ. මාර්ග පද්දොතිය හරියට හදලා සංඥා බෝඩ් හරි හමන් විදියට පුදර්ශොනය කොරන්ට ඕනෑ. නීතිය අකුරට කිරියාත්මක කොරන්ට ඔනෑ. ඇයි හත්වලාමේ ඕකෙන් මේකෙන් වෙන්ටේ බුදු දහම හෑල්ලුවට ලක් වෙන එකනෙව.
පිරිතෙන් ආරක්සාව ලැබෙන්නේ වෙන වෙන විදි වලින් නෙව. නැතිව ගෙයි දොරවල් ජනෙල් හායි ගාලා ඇරල තියෙලා පිරිත් බෝතලයක් ගෙයි දොරකඩින් තියෙව්වට ආරක්ෂාව ලැබෙන්නෑ නෙව.
ඕකත් හරියට වැවට පිරිත් කියලා වැවේ වතුර පිරිසිදු කොලා වගේ වැඩක් නෙව.

13 සතිය
දුක් වීමට හෝ තරහ ගැනීමට කිසිම සාධාරණ හේතුවක් නොමැත.
Saturday, August 13, 2011
12 කොටස
ඔහු රන්වන් තලෙලු සමක් ඇති, තඹ වන් කෙස් කීපයක්ද ඇති නීරෝගී දරුවෙකි. අසල සිටී හෙදිය දරුවා ගෙන ටික දුරක් ගොස් "ඩොක්ටර් ඩොක්ටර් ...." කියා කෑ ගැසීය. දොස්තර මහතා පැමිණෙන විට දරුවා නැහැයෙන් කටින් සෙම දමමින් සිටියේය. දරුවා වහා හදිසි ප්‍රතිකාර අංශය වෙත යොමු කෙරිණි.
දවස් දෙකක් එහි ප්‍රතිකාර ලැබීමෙන් පසු දරුවා මවට බාර කෙරිණ. දැන් නන්දාටත් කරුණාරත්නටත් ඊට වඩා දෙයක් නොවීය. දැන් ඔවුන්ට පිරිමි දරුවන්ම දෙදෙනෙකි. ඔවුන්ද නීරෝගී යහපත් දරුවන් දෙදෙනෙකි. පළමු දරුවා කළු බැවින්ද මේ දරුවා සාපේක්ෂව පැහැපත් බැවින්ද ඔවුන්ගේ චූටි පුතා ලොකු පුතා ද දෙවැනි දරුවා සුදු පුතා ද විය.
දැන් දරුවන් දෙදෙනාම වැඩෙන්නේ නන්දාගේ දෙමව්පියන් ලගය. දෙදෙනාම හොද ළමයි දෙදෙනෙකි. ඔවුන් දෙදෙන තම ගෙදරම්මාට කරදරයක් නොවීය. නිතරම හඩන්නේ නැත. තම ඇගේ චූ කරගත්තානම් ඒ බොහොම කලාතුරකිනි. නන්දා විසින් හැමදාම උදේටත් රෑටත් ඔවුන්ට මුත්‍රා කිරීමට හුරු කලාය. ඒ නිසා ඔවුන් රාත්‍රියට ද තෙමා ගත්තේ කලාතුරකිනි.
කෙමෙන් කෙමෙන් කාලය ගතවිය. මේ පවුල තම කුඩා පැල්පතේ සතුටින් ගත කලේය. කුඩා දරුවන් සිටින පවුලක පවතින ගැටලු ඔවුන්ට නොතිබුනාම නොවේ. නමුත් සුදු පුතාට අවුරුදු එක හමාරක් ගතවන තුරුම ඔවුන් සතුටින් ගත කලේය. ඉන් පසු නැවතත් ඔවුත්ගේ අවාසනාව ඔවුන් සොයා එන්නට විය.
ටික ටික දෙවන දරුවාගේ වෙනස්කම් ඔවුන්ට දක්නට ලැබිණ. දරුවා නිතරම අසනීප වන්නට පටන් ගත්තේය. නිතරම උණ ගත්තේය. වෛද්‍යවරුන් ද උණට සෙමට බෙහෙත් කලා මිස නිතරම අසනීප වීමට හේතුවක් සෙව්වේ නැත. ටික ටික දරුවාගේ නිය හා තොල් දම් පැහැයට හැරෙමින් පැවතුනි. හිසේ තුබු තඹවන් කෙස් සියල්ල හැලී ගියේය.
කෙසේ වෙතත් ඔවුන්ගේ ජීවිකාව සුපුරුදු පරිදිම පවත්වාගෙන ගියේ ඔවුන්ට තිබූ එකම ආදායම් මාර්ගය ඔවුන්ගේ රැකියාවන් වීම නිසාය. දිනක් දරුවන් දෙදෙන මහ ගෙදර අත්තම්මා අතේ සුරතල් වෙමින් සිටියේය. ඒ අතර සුදු පුතාට නැවතත් උණ ගැණිනි. නිතරම වාගේ උණ ගන්නා බැවින් එය එතරම් ගණනට නොගෙන පැනඩෝල් භාගයක් දියකොට පොවා දරුවා නිදි කරවිය. නමුත් දරුවා නිදි නොගෙන දිගින් දිගටම හඩන්නට හොත්තේය. ටික වේලාවක් ගතවන විට දරුවා වෙවුලන්නට පටන් ගත්තේය. දරුවාගේ දතකට පූට්ටු වී ෆිට් එක සෑදිණි. එයින් බිය ගත් මිත්තනිය හැදිවත පිටින්ම දරුවා වඩාගෙන ඩිස්පැන්සරිය වෙත පයින්ම පාරදිගේ දිව ගියාය.

Subscribe to:
Posts (Atom)