යථාර්තය සොයා...............
මගේ කතාව
කට කහනවට...
(37)
නව කතාව
(32)
පබැඳුම
(74)
මගේ කතාව
(56)
යථාර්තය සොයා..............
(59)
සතියේ වදන
(200)
Wednesday, December 27, 2017
ආදරය හා ප්‍රේමය
ආදරය ද මල් උයනකි
මුලු ලෝකෙම සුවද කරන
සතර දෙසින් එන ජනයා
ඒ සුවඳින් මුසපත් වන
මල් සුවඳින් සුවද කවා
වෙළදපලක විකිණී යන
විලවුන් බඳුනකි ප්‍රේමය
එක් මිනිසෙකු මත තැවරුණ
Tuesday, October 24, 2017
193 සතිය
ඕනෑම සංකල්පයක් තම යහපතට යොදා ගැනීමට අප දක්ෂ විය යුතුය. අඥානයාට ලැබුනු පිහිය ඔහුට මෙන්ම අන් අයට ද අනතුරක් කරයිග
Tuesday, September 26, 2017
මෙතෙක් මට අවනතව සිටි සිත
මගේ සිත දුවනවා
නුඹේ ලඟ රැඳෙනවා
නුඹම ගැන කියනවා
කියා මා පෙළනවා
මෙතෙක් මට අවනතව සිටි සිත
මගේ ලඟ මා තබා ගත්තද
ඉඩක් ලද විට දුවයි ඔබ වෙත
කිමද ඔබ කල අරුම කිව මැන
දහක් තරු දැක නොපිපි සියපත
හිරු සදිසි කල පිපී එන ලෙද
නොයෙක් කම් සැප ලදත් මේ සිත
ඔබ වෙතම ඉගිලෙනා අරුමය
Monday, September 25, 2017
192 සතිය
ජාත්යාන්ධන්ට දියමන්ති පෑමෙන් එහි වටිනාකම ඔවුන්ට නොතේරේ. ඌරන්ට රසමසවුලු දුන්නත් අසූචි තරම් නොවටී. එසේම කෙලෙස් වසඟයට පැමිණි පුද්ගලයා ධර්මයෙහි වටිනාකම තේරුම් නොගනී
Thursday, September 7, 2017
191 සතිය
යමක් ලබාගැනීමට ඇති ආශාව යනු ඒ දේට ඇති ආශාව නොව තමන්ගේ හිතේ ඇති අඩුව නැති කිරීමට ඇති ආශාවයි. ඒ දේ ලැබුනු පසුව එම අඩුව නැති වන විට ඊට ඇති ආශාව ද පහව යයි.
Tuesday, August 29, 2017
අර්ථය ලබයි බණ නුවණින් බැලූවොත්
කලල් ගොඩක් මැද තිබිලා ලැබූවත්
මැණිකේ අගය අඩු නොමවෙයි කෙසේවත්
කියනා කෙනා නුහුගුණයෙන් කියූවත්
අර්ථය ලබයි බණ නුවණින් බැලූවොත්
ධර්මය කියා දෙන අය ගරහන්න එපා
බුදුනට නිගා වන ලෙස හැසිරෙන්න එපා
අනුවණ කමින් පව් සිදුකර ගන්න එපා
පරලොව නොයන මෙන් ජීවත් වෙන්න එපා
ධර්මය රකින අය ධර්මෙන් රැක ගන්නේ
ලැජ්ජා භය නිසයි ලෝකය පවතින්නේ
නුවණින් සිතා මැන කටයුතු කරගන්නේ
දෙලොවවට වැඩ සදන සේ දිවි ගෙවපන්නේ
Thursday, July 27, 2017
මුහුණු පොතේ කවියක් ලියා
මුහුණු පොතේ කවියක් ලියා
හැගුමන් සිතේ පා කර යවා
මගෙ ජීවිතේ හැර යයි කියා
සිතුනේ නැතේ සිහිනෙන් පවා
කදුලැල් මතින් විදි වේදනා
දහසක් පැතුම් දෙහදේ දරා
ගොඩනැගූ ජිවිතේ
මොහොතින් නැසී වැලළී ගියා
මාගේ නමින් ගිණුමක් තනා
කවුදෝ අයෙක් රවටා ඔයා
ඔබ මගේ ජීවිතේ
සියතින් නසා මෙලොවින් ගියා
190 සතිය
රූප පෙන්වීමෙන් හෝ ශබ්ද ඇසීමෙන් හෝ සුවද ආඝ්‍රාහනයෙන් හෝ රසවත් දේ කෑමෙන් හෝ පහස ලැබීමෙන් හෝ සතුට නොලැබේ, එය කරනු ලබන්නේ සංඥාවෙනි.
Monday, June 26, 2017
මාගේ මරණය සිදු උනා
මා දමා ඈ ඉගිල ගිය දා
මාගේ හදවත නැවතුනා
මාව අපලේඛණය කල දා
මාගේ මරණය සිදු උනා
සොයා මා ඈ ආව දිනකදි
මාගේ හද යලි ගැහේ වී
ඇගේ සිනහව දුටුව දිනකදි
යලිත් මා පණ ලබාවී
Tuesday, June 6, 2017
189 සතිය
අප ආදරය කල යුත්තේ රන් කූඩුවක දමා ආරක්ෂා කිරීමෙන් නොව නිදහසේ පියඹා යන විට ආරක්ෂාව සැලසීමෙනි.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)