පසු ගිය සතියේ නියාම ධර්ම පහෙන් විඥ්‍යානය සම්බන්ධ වන නියාම ධර්ම 2 පිලිබද සාකච්ඡා කලානේ. අද අපි බලමු අනෙක් නියාම ධර්ම තුන කොහොමද ලෝකයේ ක්‍රියාකාරීත්වයට බලපාන්නේ කියලා. ඔබට මතක ඇති මං කිව්වා කොහොමද වැස්ස ඇතිවෙන්නේ කියලා ලෝකයේ ක්‍රියාකාරිත්වය සොයා බැලීමේදී. එහි කර්මයේ සම්බන්ධයක් හෝ සිතුවිලිවල සම්බන්ධයක් තිබුනේ නෑ. ඒක ස්භාවධර්මයේ හේතුඵල දහමට අනුව ක්‍රියාත්මක වන්නක්. එවැනි ස්භාවධර්මයේ සිදුවන ක්‍රියා අධ්‍යයනය කිරීමෙන් සොයාගත් නියම 3ක් තමයි මේ බීජ නියාම, ධම්ම නියාම, හා සෘතු නියාම කියන්නේ.
වැස්ස ඇතිවීම අයිතිවන්නේ ධර්ම නියාම හා සෘතුනියාම දෙකට අනුවයි. නමුත් මං කලින් කිව්වා වාගේ මේ නියාමත් සත්‍ය වන්නේ අනෙක් කාරණා බලනොපාන විටයි. උදාහරණයකින් කිව්වොත් හිරුත් පෘථිවියත් අතර දුර වැනි කාලගුණික තත්ව මත වැසි සමය ග්‍රීස්ම සමය වැනි කාලයන් ඇති වනවා. එය සාතු නියාමය. සාතු නියාමයට අනුව වැසි සමයේහී වැසි ලැබෙනවා. නමුත් මිනිසුන් ගස් කැපීම වැනි පාරසරික හේතුන් මත වැසි නොලැබී යා හැකි. ඒ නිසා සෘතු නියාමය සත්‍යවන්නේ අනෙක් සාධක බලනොපාන විටයි.
බොහෝ දෙනා නියාම ධර්ම දන්නා බැවින් මං කෙටියෙන් සදහන් කරන්නම් ලිපියේ සම්පූර්ණත්වය සදහා. බීජ නියාමයෙන් දැක්වෙන්නේ මව් ජාන ස්භාවය අනුව ඊලග (දුහිතෘ) හට ගැනීමේ ලක්ෂන පහල වන බවයි. සරලව කියතොත් දෙමව්පියන්ගේ ලක්ෂණ දරුවන්ට සම්ප්‍රේෂනය වන බවයි. සමහරු ගායන කුසලතාවක් ඇති විට එය දෙවියන්ගෙන් ලැබුණු දෙයක් සේ සලකයි. පියාටත් එම හැකියාව ඇත්නම් ඒ දෙවියා පියා වේ. නැතිනම් කර්ම ඵලයක් විය හැක. සෘතු නියාම යනු පෘථිවියේ ස්භාවික වෙනස්කම් මත අව්ව වැස්ස සහ අනෙකුත් සෘතු විපර්යාස ඇතිවන බවයි. සමහරෙක් මගේ කරුමෙට වහිනවා යැයි පවසතත් සිදු විය හැක්කේ එහි අනෙක් පැත්තයි. එනම් වහින විට කර්ම ඵලය ලැබීමට පරිසරය සකස් වීමයි. ධම්ම නියාම යනු දුක්ඛ යන යථාස්භාවය නිසා සිදුවන දේවල්ය. සෑම දෙයක්ම ක්‍රමයෙන් විනාශයට ( දිරා යාමට) පත් වන බවමේ නියාම ධර්මයේ කොටසකි.
මේ අනුව අප අවබෝධ කරගත යුත්තේ සියල්ල හේතු ඵල දහමට අනුව ක්‍රියා කරන ස්වයංක්‍රිය පද්ධතියක් බවත් එහි යම් යම් රටා අවබෝධ කරගැනීම තුලින් අනාගතය ගැන අනාවැකි පැවසිය හැකි බවත්ය.මේ අනුව මට පෙනියන කරුණ නම් කිසිවෙකුට අතීතයට හෝ අනාගතයට ගමන් නොකලහැකි බවත් බුදුන් පවා අනාගතය ගැන කීවේ අනාගතයට ගොස් බැලීමෙන් නොව ඉහත දැක්වූ රටාව හදුනා ගැනීමෙන් බවයි. ඔබලාටත් එම යථාර්තය අවබෝධ කරගැනීමට හැකි වේවා.!
බොහොම වටිනා බ්ලොග් සයිට් එකක්....
ReplyDeleteබුදු දහම කියන්නෙ යථාර්ථය....
යථාර්ථය සොයා යනවා කියන්නේ, අපි “ඇයි“ කියන ප්‍රශ්නෙට උත්තරයක් හොයනවාකියන එක නේද?
අනිත් එක අයියේ.....
යථාර්ථය සහ විමුක්තිය කියනිනේ දෙකක් නේද?
ඔය කොයික වෙතත්, යථාර්ථය හොයා ගෙන යනවා කියන්නේ, අපි යථාර්ථය කියන දේ අර්ථයවත් නොදැන ඒ පස්සේ දුවනවා කියන එක නේද?
ඊට පස්සේ අපි “ඇයි“ යථාර්ථය සොයන්නේ? කියන ප්‍රශ්නෙත් එනවා නේද?
සමාවෙන්න මලයෝ... ඔයාගේ කොමෙන්ටුව ස්පෑම්වල තිබිලා අදයි දැක්කේ.
Deleteඔයා හිතන විදිය හොදයි. යථාර්ථය සොයා යනවා කියන්නේ, අපි “ඇයි“ කියන ප්‍රශ්නෙට උත්තරයක් හොයනවාකියන එක තමයි.
බුදු දහම කියන්නෙ යථාර්ථය කියන තැන ඉදල නෙවේ මං මේ බ්ලොගිය ලියන්නේ. එය උපකාර කර ගැනීමයි මං කලේ.
අපි “ඇයි“ යථාර්ථය සොයන්නේ? කියන ප්‍රශ්නෙට උත්තරේ තමයි, යමක් වීමේ නියම හේතුව අපි දන්නව නම්,
1. අපි ගැටළුවක් ආවම කරන්න ඕන මොකක්ද කියලා තේරෙනවා
2. සැකය දුරු වෙනවා
3. ඒ දැනුම බාවිතා කරල අලුත් දේවල් කරන්න පුලුවන්
විද්‍යාඥයන් කරන්නේ ද ඒ දේම තමයි.
මං මේ ගැන පස්සෙ ලිපියක් ලියන්නම්කො.
ස්තූතියි මාලූ යාළු !
ඉතා හොඳ ලිපි පෙලක් !
Deleteමෙය නැවැත්වූයේ ඇයි ?
Sahasdulmina798@gmail.com
මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
ReplyDelete1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය