මගේ අත මටත් නොදැනීමයි එයාගේ මූණේ තිබුනු කදුලු පිහදැම්මේ. මං කිව්වා "අඩන්න එපා අනූතී මං කොහොමහරි ඔයාව මේ නරාවලින් ගොඩ ගන්නවා" කියලා. එහෙම කියනකොට එයා එයාගේ මූණේ තිබුනු මගේ අතින් අල්ලලා කිව්වා "මට අනූති කියන්න එපා මහත්තයා, මං ඒ නමට කොහොමත් ම කැමති නෑ. මගේ නම අනුලාවති, මෙහෙට අවට පස්සෙ තමයි අනූති කියලා දැම්මේ"කියලා. ඉතින් මං කිව්වා "එහෙනම් මං අනුලා කියලා කියන්නම්" කියලා.අනූ මගේ ඇස්දෙක දිහා බලලා එකපාරටම මගේ කමිස කරෙන් අල්ලලා එයාගේ පැත්තට ඇද්දා. එහෙම අදිනගමන් "මහත්තයා මට අනූති නැතිව ඕන නමක් කියන්න මහත්තයා" කියලා හැගුම්බර විදියට කිව්වා.
මාව එකපාරටම තුශ්නි:භුත වෙලා ගියා. මට හිතා ගන්න බැරි උනා මේ මොකක්ද මේ වෙන්න යන්නේ කියලා. මාව කාන්දමක් වගේ එයාගේ පැත්තට ඇදුනේ. මට මාවම පාලනය කරගන්න බැරිඋනා. එයාගේ මූණ දිහාට මගේ මූණ ඇදිල ගිහින් එයාගේ තොල්පෙති මත මගේ තොල්පෙති පතිත උණා. ඒ තොල්පෙති වල අමුතුම මිහිරක් තිබුනේ. බුලත් කහට නිසාද කොහෙද ඒවායේ මිහිරි රසයක් තිබුනේ. එත් සුලු මොහොතකින් මං ආයේ පියවි ලෝකෙට ආවා.
මං මේ මොකක්ද කරන්නේ, මං මේවෛශ්‍යාවක් නේද සිපගන්නේ කියලා එකපාරටම සිතට ආවා. මං ඉක්මනට එයාගෙන් ඉවත් උනේ දුන්නක් දිගඇරෙන්න වගේ. ඒ පාර එයත් ගැස්සිලා ගියා. "ඇයි මහත්තයා මොකද උනේ" කියලා අනූ මගෙන් ඇහුවා. "නෑ නෑ අනුලා මට ඔයාට මෙහෙම කරන්න බෑ. මං කොහොමද ඔයාට මෙහෙම රිදවන්නේ" කියලා මං ඇහුවා. එතකොටම එයා හිනාවෙලා කියනවා "නැව් යන සාගරේ බොට්ටුවක් ගියා කියලා පාර හිටින්නෑ මෝඩයෝ " කියලා මං දිහා සරාගී විදියට බලලා ඇස් දෙකෙන් මට ආරාධනාවක් කලා.
උඹට කියන්න කරූ ඒ වෙලාවේ එයා මං දිහා බලපු විදියට මට පිස්සු හැදිච්ච නැති එක විතරයි. එයා ඇදට බර වෙද්දී මාත් ඒ පැත්තට බර උනේ කවුරුහරි මගේ බෙල්ලෙන් අල්ලලා බලෙන් මාව පාත් කලා වගේ.
එතනින් එහාට සිද්ධ උන හැම දෙයක්ම වගේ අරවින්ද මට කියාගෙන කියාගෙන ගියේ අද ඊයේ චෙච්ච දෙයක් කියන්න වගේ. නමුත් ඒ සියල්ල මෙහි සදහන් කිරීම නුසුදුසු යැයි හැගෙන බැවින් සදහන් නොකර ඉමි. ඒ විදියට අරවින්දත් අනුලාත් මුලින්ම ලොකාස්වාදභිරතියෙහි යෙදුනු හැටි මට විස්තර කරගෙන ගියා.
අන්තිමට එයා මගේ පපුවට ඔලුව තියාගෙන වැතිරිලා හිටියා. "හුග කාලෙකින් තමයි මහත්තයා මෙච්චර සතුටක් මට ලැබුනේ" කියලා අනූ මගේ අත දිගේ ඇගේ දඹරැගිල්ල දුවවන ගමන් කිව්වා. මාත් ටිකක් වෙලා හාන්සිවෙලා ඉදලා "මං දැන් යන්න ඕන අනුලා" කියලා නැගිටලා බාත්රූම් එකට ගිහින් ඇගපත හෝද ගත්තා. අන්තිමට ඇගේ අතින් රුපියල් දෙකේ කොලයක් ගුලිකරලා " මං ඔයාව මෙතනින් බේරගන්නවාමයි අනූලා " කියලා එතනින් පිටවෙලා ආවා. මට තව රුපියල් දෙකක් කවුන්ටරේටත් ගෙවන්න උනා.
Next chapter - http://asanka-mind.blogspot.com/2014/03/24.html
No comments:
Post a Comment