මගේ කතාව
- කට කහනවට... (37)
- නව කතාව (32)
- පබැඳුම (74)
- මගේ කතාව (56)
- යථාර්තය සොයා.............. (59)
- සතියේ වදන (200)
Friday, November 8, 2013
75 සතිය
හිඟන්නෙක් උනත් ප්‍රකෝටිපතියෙක් උනත් ආයේ මැරිල උපදිනකොට ඇඟේ නූල්පටක්වත් නෑ.
Saturday, November 2, 2013
13 ලිපිය - පටිච්ච සමුප්පාදය 2
පටිච්ච පමුප්පාද ධර්මය මේ දවස්වල විවිධ පුද්ගලයන් විවිධ අයුරින් විග්‍රහකරමින් සිටින බව පේනවා. මේ නිසාම මිනිස්සු තව තවත් පැටලෙනවා. ඒ නිසා මා නැවතත් කියන්නේ ඔබ ඔබ තුලින් මේ දේවල් දකින්න උත්සහ කරන්න. මා කියන දේ මට තේරුන අයුරින් කරන විග්‍රහයක් පමණක් බැවින් යම් ප්‍රමාද දෝෂයක් වේ නම් එය ධර්මයේ වරදක් නොව මගේ වරදකි.
මම අන්තිමට කිව්වා පටිච්ච සමුප්පාදය දැක ගැනීමට ඇති සුදුසුද ක්‍රමයනම් මේ මොහොතේ සිදුවන දේ පිළිබඳ විග්‍රහකර බැලීම කියලා. ඒ අනුව දැන් මේ ලිපිය කියවන විට සිදුවන දේ විග්‍රහ කරන්න කියලා. මන් මට තේරෙන විදියට විග්‍රහයක් කරනවා, ඒක ඔබේ විග්‍රහය හා සසඳා බලන්න. හිතන්න ඔබ දැන් කියවන්නේ පලමු පේලියේ අවසාන “පේනවා“ යන වචනය කියලා.
අපි ඇස්දෙක පරිගණක තිරය ඉදිරියේ විවෘත කල විට එහි යටිකුරු ප්‍රතිබිම්භයක් ඇසේ දෘෂ්ටිවිතානයේ සෑදෙනවා. නමුත් අපිට පේන්නේ එක වචනයක් හෝ අකුරක් පමණයි. ඊට හේතුව අපි අවධානය යොමු කරන්නේ ප්‍රතිබිමභයේ එක් ලක්ෂයකට විතරක් නිසා. දැන් අපි ඒ වචනයට අවධානය යොමුකිරිමත් සමඟම ඇසේ ස්නායූ පද්ධතිය උත්තේජනය වී සංඥාවක් නිකුත් වෙනවා. අපි ඒ සංඥාව අපේ දැනුමට අනුව හදුනාගන්නවා, ඒ මේ වචනයයි එහි තේරුම මෙයයි කියලා. ඊළඟට අපි ඒ වචනය අපි කියවමින් සිටි වාක්‍යයට සම්බන්ධ කරලා සම්පූර්ණ තේරුම වටහාගන්න උත්සහ කරනවා. ඊළඟට කැමැත්ත පරිදි ඊ ළඟ වචනය බැලීම හෝ වෙනත් දෙයකට අවධානය යොමු කරනවා. මේ දේ තමයි මට තේරෙන විදියට මේ ලිපිය කියවද්දි සිද්ධ වන්නේ.
දැන් අපි ඔය සිද්ධිය අප දන්නා පටිච්ච සමුප්පාදයට යොදා බලමු. මුලින්ම ඇසේ ඡායාව හටගත්තා. අවධානය යොමු කිරීම නැත්නම් මනසිකාරය මගින් එක් ලක්ෂයක් අල්ලා ගත්තා. ඒතකොට ඒකට කියනවා ස්පර්ෂය කියලා. මේ ස්පර්ශයත් එක්කම හටගත්තු උත්තේජනයට කියනවා වේදනාව කියලා. ඒ සමඟම ඇතිවන “පේනවා“ කියන වචනය අදුනා ගැනීමට සංඥාව කියන්න පුලුවන්. අපේ දැනුමට අනුව එහි තේරූම දැන ගැනීමට සංස්කාරය නැතිනම් චේතනාව කියන්න පුලුවන්. මේ එක් එක් අවස්ථා වලදී එනම් මනසිකාරය, වේදනාව දෑනීම, සංඥාව දැනීම, ඒ අනුව චේතනාව ඇති කිරීම යන දැන ගැනීමේ ක්‍රියාවන් සිදුකල ශක්තියට විඥ්‍යානය කියන්න පුලුවන්. මෙහි දී මනසිකාරය නැතිනම් අවධානය යොමු කිරීම නැතිව ඉතුරු ක්‍රියාවන් සිදු නොවන බවනම් මා ප්‍රත්‍යක්ෂයෙන්ම දන්නා කරුණකි. ඊට අමතරව මට තේරෙන ලෙසට නම් ස්පර්ශය සිදුවන මොහෝතේම ඒ හේතුවෙන් වේදනාව ඇතිවන අතර සංඥාවද ඇතිවන්නේ ස්පර්ශයත් සමඟම මිස වේදනාව නිසා හටගන්නක් නොවේ. මොකද කටුවකින් ඇන්නත්, මදුරුවෙකු ඇන්නත් දැනෙන වේදනාව සමානයි. නමුත් සංඥාව වෙනස්.
දැන් මගේ විග්‍රහය ඉවරයි. එය ඔබේ විග්‍රහය හා ගැලපෙනවද බලන්න. නැතිනම් ඒ බව මෙහි දන්වන ලෙස මා ඉල්ලා සිටිමි. අපි සාකච්චා කල කොටසට පටිච්ච සමුප්පාදයේ, ඵස්ස පච්චයා වේදනා කියන කොටස ඇතුලත් බව නම් පේනවා. එතකොට අනෙත් කොටස් සම්බන්ධ වන්නේ කොහොමද? ඒ ගැන අපි ඊ ළඟ ලිපියෙන් සොයා බලමු.
ඔබට නිවන් සුව ලැබේවා !

Friday, November 1, 2013
74 සතිය
යමක් හෝ කෙනෙක් ගැන සිතිය යුත්තේ මම එහි භාරකරු මම එයාගෙ තාත්තා, මම එයාගෙ පුතා,මම එයාගෙ බිරිඳ, මම එයාගෙ සහෝදරයා යනා දී වශයෙනි.
Sunday, October 27, 2013
සරසවි මිතුදම
අවුරුදු තුනක් අසුරූ සැනින් - නොදැනීම වාගෙයි ගෙවිලා ගියේ
නොමැතත් සැකක් පුදුමයි ඉතින් - අද ඊයේ වාගෙයි අප හමුවුනේ
තරහා වුනත් නිකමට වගේ - වෙන්වන්නෙ නෑ හදවත් අපේ
බැදුනා යලිත් රන්රස වගේ - බිදලන්න බෑ සමගිය අපේ
එක්වී අපි කල සෑමදේ - සරසවි බිමේ පවතී සදා
වෙන්වී අපි ගියමුත් රැදේ - මිතුදම අපේ මියෙනා තුරා

Friday, October 25, 2013
73 සතිය
ඔබේ වගකීම් යුතුකම් යැයි සලකන්න. එවිට එය ඔබට කරදරයක් නොවනු ඇත.
Saturday, October 19, 2013
පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 15
"ඩිපොසිට් ෆයිව් රුපීස් තියල යන්න මිස්ටර්. පැයකට වැඩියෙන් ඉන්න හැම පැය භාගයකටම වන් රුපී ඇඩ් වෙනවා. එහෙමයි මෙහෙ විදිය“ කියලා ඒ ගැනී කිව්වා. මං හොල්මන් වෙලා ගියා. “නෑ නෑ මට එයාව විනාඩි පහකට මුණ ගැහෙන්නයි ඕන“ මං කිව්වා. ඒ පාර ඒ ගැනී ඇහි බැම අකුලලා යටැහින් මා දිහා ටිකක් වෙලා බලා හිටියා. ඊට පස්සෙ “ ඕ... එහෙමද එහෙනම් ඔය ටේබල් එකෙන් වාඩි වෙලා ඉන්නකො“ කියලා එතන උන්නු මනුස්සයෙක්ට කතා කරලා “විල්බට් අර විස්ස කාමරේ ඉන්න ගර්ල්ට කියනවා පොඩ්ඩක් පහලට එන්න කියලා“ කිව්වා.
මං එතන තිබුනු ටේබල් එකේ වාඩිවෙලා ඉන්නකොට අර දොරින් අනූ එලියට ආවා. මට හිතා ගන්න බැරිඋනා ඇත්තටම ඒ එදා මං දැකපු එක්කෙනාමද මේ කියලා. මොකද එයා ඇදන් හිටපු ඇදුමටම එයාට තිබුනේ පුදුම කාමුක පෙනුමක්. දණහිසට දිග රතුපාට සායක් ඇදලා හිටියට ඒක දෙපැත්තෙන්ම පලලා තමයි තිබුනේ. ඇවිදගෙන එන කොට දූරියන් ගෙඩියක ඇටේ පාට කලව දෙක හොදට පෙනුණා. උඩට ඇදලා තිබුනු හැට්ටයෙ නූල තදට ගැට ගහලා නෑ කියලයි මට හිතුනේ. ඊට උඩින් දුහුල් සලුවක් පොරවගෙන හිටියත් රතු පාට බල්බ් එලියට දුහුල් සලුව යටින් හැට්ටයෙන් එලියට පනින්න දඟලන හන්ස යුවලක් වැනි ලැම දිලිසෙමින් තිබුනා. ඇය මං ලඟට එනකන්ම මට තේරුනේ නෑ.
“ඇයි මහත්තයා, ජයසිංහ මුදලාලීගේ පනිවිඩේකටද? “ කියලා අහනකන්ම මං හිටියේ එයාගේ ඇස් දෙකේ අතරමං වෙලා වගේ. ඒ තරම්ම ඒ ඇස් දෙකේ අමුතු සුන්දරත්වයක් තිබුණා. එදා ඈතට දැක්කට එවෙලෙනෙ ලඟට දැක්කේ. කම්මුල් දෙකේ රෝසපාට ගාලා කොණ්ඩේ සූරියකාන්ත මලක් වගේ කොණ්ඩ කටුවක් ගහලා විසිරෙන්න නොදී හිර කරලා තිබුණා. බුලත් කහට නිසා තොල් දෙක රතුම රතු පාටයි. සුවඳ විලවුන් වල සුවඳට නහය කඩාගෙන යනවා. ඉතින් කරූ මං මගේ ශරීරය පාලනය කරගත්තෙ කොච්චර අමාරුවෙන්ද? අරහෙම ඇහුවම තමයි ඒ දැහැනින් මං බිදුනේ.
“ආ...ඕඕ..නෑ නෑ මං මේ ආවේ ඔයාගෙන් යමක් දැනගන්න“ මං කිව්වා. ඊට පස්සෙ එයා ටේබල් එක ලඟ අනිත් පුටුවකින් වාඩි උනා. “ඔයැයි අපේ සර්රුයි අතරෙ තියෙන සම්බන්ධය මොකක්ද?. ඇයි ඔයැයි වගෙ කෙනෙක් අතේ අපේ සර්ට පණිවිඩ එවන්නේ“ කියලා මං එකපාරටම මගේ හිතේ තිබ්බ දේ කෙලින්ම ඇහුවා. ඒක ඇහුව ගමන් ගෑනි අප්සෙට් ගියා. ඒකි මට කියනවා “ මහත්තයට මොකොටෙයි ඒ වගක්. මහත්තය ආව වැඩේ කරගෙන යන්න මහත්තයා යන්න, ආවා මෙතන තෝම්බුව හොයන්න“ කියලා. ඒ පාර මටත් ටිකක් කේන්ති ගියා. මං කිව්වා “අපේ මහත්තයා වැදගත් මහත්තයෙක් ඔහේ වගේ ගෑණූ අතේ අපේ මහත්තයට පණිවිඩ ගෙනාවම මිනිස්සු ඒ මනුස්සයට කතා හදනවා. ඒ මහත්තයා දන්නෙත් නැතුව ඇති ඔහේ මේ වගේ රස්සාවකුත් කරනවා කියලා. මට ඔයැයිගේ තෝම්බුවක් ඕන නෑ. ඒත් අපේ මහත්තයට කතා හැදෙනවට මං කැමති නෑ“ කියලා. ඒ පාර ඒකී බයවෙලා වගේ මං දිහා බලං ඉදලා “වැදගත් හාහ් හා හා.. වැදගත්“ කියලා හිනා වෙලා ආයෙ අඩන්න පටන් ගත්තා. “මං දන්නවා මුලු ලොකෙම මිනුස්සුන්ට පෙන්නේ අපේ වැරුද්ද, අපිව මේ තත්වෙට ඇදලා දාපූ අපේ රීරි මාංසෙ හූරන් කන හැත්තට වැදගත් මහත්තැන්ලා විදියට සලකනවා. මට මගේ පාඩුවේ ඉන්න දීලා යන්ඩ මහත්තයා යන්ඩ මෙතනින්“ කියලා අත් දෙකෙන් මූණ වහගෙන ඉකි ගහන්න ගත්තා. හොද වෙලාවට එතන ටිකක් කරුවල තැනක්.
“හරි හරි ළමයෝ අඩන්න එපා. මට සමා වෙන්න. මට ටිකක් තරහ ගියා. ඇත්තටම ඇයි ඔයා නංගි මේ වගේ රස්සාවක් කරන්නේ“ කියලා මං කරුණාවන්ත ස්වරයෙන් ඇහුවා. මොකද අනූ අඩනවා බලන් ඉන්න බැරිතරමටම දුකයි. ඒ ඇඬීමට මගේ පපුව හෝස් ගාලා ගියා. ඊට පස්සෙ එයා අඬන ඒක නවත්වලා ටිකක් වෙලා බිම බලන් ඉදලා ආයේ මං දිහා බලලා ආයෙත් බිම බලාගෙන “ ඒක දිග කතාවක් මහත්තයා“ කියලා තමාටම කියා ගත්තා.
“මං ආසයි ඒ කතාව අහන්න“ මං කිව්වා.
“ඒක මෙහෙම කියන්න පුලුවන් කතාවක් නෙවේ“ කියලා අනූ එකපාරටම මං දිහා තියුණු බැල්මක් දාලා “මගේ රූම් එකට යන්ද“ කියලා ඇහැව්වා. ඒ බැල්මට මාව පිස්සු වැටුනා.
“ නෑ නෑ මං වෙන වෙලාවක එන්නම් ඒ කතාව අහන්න, මට දැන් ඉක්මනටම යන්න ඕන. මුදලාලී බලාගෙන ඇති“ කියලා මං ඔරලෝසුව දිහා බලලා නැගිට්ටා. නැගිටලා සාක්කුවෙන් රුපියල් දෙකේ කොලයක් අරන් එයාගෙ අතින් තියලා “මං අනිවාර්යයෙන්ම ඔයාගෙ කතාව අහන්න එනවා“ කියාගෙන එතනින් පිටවෙලා ආවා.
Next chapter - http://asanka-mind.blogspot.com/2013/11/16.html

Thursday, October 17, 2013
72 සතිය
මං ඔයාට ආදරෙයි. ඒත් මට ඔයාව මගේ කර ගන්න ඕනෙ නෑ. මොකද ඔයා වෙන කාටවත් අයිති කර ගන්න බැරි නිසා.
Sunday, October 13, 2013
13 ලිපිය - පටිච්ච සමුප්පාදය
බුදු දහමේ එන “පටිච්ච සමුප්පාදය“ එහි හරය ලෙසද සමහර තැන්වල දැක්වෙන අතර යමෙක් පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීමෙන් සෝවාන් වන බවත් දැක්වෙනවා. ඒ අනුව බලන කල පටිච්ච සමුප්පාදය යනු ඉතා ගැඹුරු ධර්මයකි. එබැවින් මෙම ලිපියෙන් මා ඉදිරිපත් කරන කරුණු 100% ක් නිවැරදි දැයි මා නොදනිමි. මෙහිදි මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ මා අසා ඇති පරිදි හා මා විසින් තර්කානූකූලව දැනගත් කරුණු පමණි. මෙහි සමහර කරුණු මා ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කරගෙන ඇති අතර ඒවා ඒ ඒ තැන්හී දී ඉදිරිපත් කරමි.
මා ඔබගෙන් ඉල්ලා සිටින්නේ නිතරම මා සැක කොට ඒ සැක දුරු කර ගන්නා ලෙසය. ඒ සදහා මා ඉදිරිපත් කරන කරුණු විවේචනය කිරීමේ පූර්ණ අයිතිය ලබා දෙන අතර එම විවේචනයන් ද්වෙශයෙන් හෝ රාගයෙන් හෝ නොකරන ලෙසද ඉල්ලා සිටිමි.
පළමුව පටිච්ච සමුප්පාදය කවුරුත් දන්නා පරිදි ඉදිරිපත් කර පසුව එක් එක් කාරණා ගැඹුරින් සලකා බලමු.
සංස්කාර ඇතිවීමට අවිද්‍යාව ද හේතු වේ.
විඥානය ඇතිවීමට සංස්කාර ද හේතු වේ.
නාම රූප ඇතිවීමට විඥානය ද හේතු වේ.
සලායතන ඇතිවීමට නාම රූප ද හේතු වේ.
ඵස්ස ඇතිවීමට සලායතන ද හේතු වේ.
වේදනා ඇතිවිමට ඵස්ස ද හේතු වේ.
තණ්හාව ඇතිවීමට වේදනා ද හේතු වේ.
උපාදාන ඇතිවීමට තණ්හාව ද හේතු වේ.
භව ඇතිවීමට උපාදාන ද හේතු වේ.
ජාති ඇතිවීමට භවය ද හේතු වේ.
ජරා මරණ ඇතිවීමට ජාතී ද හේතු වේ.
මෙහි මා සාමාන්‍ය ක්‍රමයට ටිකක් වෙනස් විදියට එය ඉදිරිපත් කලේ ඒ ඒ ප්‍රතිඵල ලැබීමට ඇති එකම හේතුව එහි සදහන් දෙය නොවන බැවිනි. අපිට වැටහෙන සරළ උදාහරණයකින් කීවොත් ස්පර්ෂය ඇති වීමට සලායතන පමණක් නොව භාහිර රූපද විඥානය ද හේතු වන බැවිනි. ඒ අනුව එස්ස ඇතිවිමට විඥානය හේතු වේ කීවත් වරදක් නැත.
පටිච්ච සමුප්පාදය දැන ගැනීමට ඇති සුදුසුම ක්‍රමය ලෙස මා දකින්නේ මේ මොහොතේ සිදුවන දේ ගැන විමර්ශනාත්මකව බැලීමයි. ඔබත් මේ මොහොතේ සිදුවන යම් සිද්ධියක්, ඒ කියන්නේ භාහිර ලොකේ සිදුවන දෙයක් නොව තමා තුලම සිදුවන සිද්ධියක් ගැන අවබෝධයෙන් යුතුව බලා හිද ඒ ඒ අවස්ථාවේ වන දේ හේතු ඵල වශයෙන් දකින්න. උදාහරණයකින් කීවොත් ඔබ දැන් මෙම ලිපියේ අකුරු දැකීමේ සිට එහි අර්තය තේරුම් ගැනීම දක්වා වන දේ විග්‍රහ කර බලන්න.
ඊ ළඟ කොටසින් මා ඒ විග්‍රහ කරන විට ඔබේ විග්‍රහය ඊට වඩා වෙනස් විය හැක. එවිට ඔබ නිවැරදි යයි දැනුනොත් එය මට දන්වන්න. මන්ද මට අවශ්‍ය මා නිවැරදී කියන්න නොව මගේ මිත්‍යා විශ්වාසයන් බිද ගැනීමටයි.

Tuesday, October 8, 2013
71 සතිය
ඔබ ආදරය කරන අයට ඔබ පැවසිය යුත්තේ මං කවදාවත් වෙනස් වෙන්නෑ කියා නොව, මං කොයි වෙලේ වෙනස් වෙයිද දන්නෑ කියාය.
Saturday, October 5, 2013
පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 14
මිනිහගේ කතාව මට එච්චර ඇල්ලුවෙ නෑ .මට සැකයක් ආවා මෙතන මොකක් හරි හුටපටයක් තියෙනවා කියලා. මොකද මිනිහගෙ මූණ හනිකට වෙනස් වුනා ,මට තේරුනා මිනිහා අමාරුවෙන් බොරු හිනාවක් දැම්මා කියලා. ඒත් මට ආයෙ හිතුනා මගේ හිතේ සැකෙන් බලපු නිසා එහෙම පෙනුනදෝ කියලා. මොකද ඒ ගෑණි ගණිකාවක් උනාට වැඩ කරන්නෙ ප්‍රසිද්ධ කොම්පැණියකටනේ, ඉතින් ඔය ඩෙල්සි නොනා ඒකේ කවුරුහරි වෙන්න ඇති කියලත් හිතුනා. අපේ මුදලාලි මහත්තයත් ලොකු ලොකු කොම්පැණි එක්ක කනෙක්ෂන් තිබුනු කෙනෙක්නේ. කොහොම හරි ඊළඟ දවසෙම මට හෝඩුවාවක් දැන ගන්න ලැබුණා. මොකද මිනිහා මගේ අතේ තමා අර ලියුම යැව්වේ.
පහුවෙනිදා සර් මට කතා කරල කිව්වා "අයිසේ මෙන්න මේ ලියුම අර ඩෙල්සි නෝනාට දෙන්න ඕන. මට හදිස්සියෙම අර මහේන්ද්‍ර මහත්තයා හම්බෙන්න යන්න තියෙනවා. මෙන්න මේ ඇඩ්ඩ්‍රස් එකට ගිහින් බලනවා එතන ඇති ස්ටාර්ස් වයින්ස්ටෝර් කියලා තැබැරුමක්. අන්න ඒකේ කවුන්ටරේ ඉන්න ගෑනූ කෙනාට මේක දෙනවා. දීලා පුලුවන් ඉක්මනට එනවා වැඩපලට, තමුසෙ නැතිව මට අර මහත්තයට ගණන් හිලව් බේරන්න බෑ" කියලා. මං "හා හොදයි මහත්තයා" කියලා කෙලින්ම ගියා වැඩපලට. මොකද මට ඕන වෙලා තිබුණා අර කෙල්ලගෙ නම දැනගන්න. ප්‍රේමයාගෙන් නමත් අහගෙන මං ගියා ඒ කිව්ව තැනට. ඒක කොල්ලුපිටියේ ප්ලේස් එකක්. මං කෙලින්ම ගාලූ පාරට ඇවිත් ගාල්ල බස් එකක එල්ලිලා ඉක්මනට ම කොල්ලු පිටියට ආවා. එතන තැබෑරුමක් කිව්වට නිකන් හෝටලයක් වගේ. අර ගමේ තැබෑරුම් වගේ නෙවේ.
මං කෙලින්ම ඇතුලට ගියා. කවුන්ටරේ ටිකක් තරබාරූ අම්මන්ඩියෙක් හිටියා. දැක්කහම ටිකක් බය හිතෙන පෙනුමක් තිබ්බේ. හැබැයි ඇස් දෙකනම් ලස්සනයි,හොදට දැකල පුරුදුයි වගේ. ගෑණි මං දැක්ක ගමන් කටපුරා හිනාවක් දාලා ටිකක් ඇහිබැම හකුලලා"මේ මහත්තයා දැකල පුරුදුයි වගේ. ඒත් නිච්චියක් නෑ." කියලා කිව්වා. මාත් හිනාවක් දාලා "මේ ඩෙල්සි නොනා වෙන්න ඇති, මං ආවේ ජයසිංහ මුදලාලිගේ පණිවිඩේකට, හැබැයි මං නං මෙහෙ ආවේ පළවෙනි වතාවට" කියලා කිව්වා. ඒ පාර ඒ ගෑනී මහ හයියෙන් හිනා වෙලා "ඕ හොහ් හෝ වෙන්න ඇති වෙන්න ඇති, යස් යස් ඉතින් ඉතින් ජයේ මොකක්ද කිව්වේ " කියලා ඇහැව්වා. මං කිව්වා "මෙන්න මේ ලියුම දෙන්න කිව්වා" කියලා ලියුම දුන්නා. "ඕකේ ඕකේ සන්, ම්ම්.... මුකුත් ඩ්‍රින්ක් එකක් ගන්නවද" කියලා අහලා ලියුම දිහා ටිකක් බලලා ඒක ලාච්චුවට දා ගත්තා.
"නෑ මට මොකුත් ඕන නෑ. මට පුලුවන්ද අර අනූති කියන ගෑණු කෙනාව හම්බවෙන්න" කියලා මං ඇහැව්වා. ඒ පාර ඒ ගැනී ටිකක් පුදුමෙන් වගේ බලං ඉදලා ආයේ අමුතු හිනාවක් දාලා "ඕ හොහ් හෝ යස් යස් වයි නොට් බෝයී වයි නොට් ඔය කෙලවරේ තියෙන ඩෝ එකේන් උඩට නැග්ගාම කෙලින්ම හෙවන්" කියලා ඒ පැත්තට අත දික්කරලා පෙන්නුවා.
ඒ කාමරේ මේස වටේට පුටුවල මිනිස්සු බීබී කයිය ගහනවා. ඒක ඇතුල බියර් ගදේ බෑ. ඒකේ කෙලවරට වෙන්න දොරක් තිබුණා. මං "ස්තූතියි නොනා කියලා ඒ පැත්තට යන්න හදනකොටම ඒ ගෑනී " ඕ.. . මිස්ටර් පොඩ්ඩක් ඉන්න" කියලා කිව්වා.
Next chapter - http://asanka-mind.blogspot.com/2013/10/15.html

Subscribe to:
Posts (Atom)