මගේ කතාව
- කට කහනවට... (37)
- නව කතාව (32)
- පබැඳුම (74)
- මගේ කතාව (56)
- යථාර්තය සොයා.............. (59)
- සතියේ වදන (200)
Friday, February 24, 2012
Saturday, January 21, 2012
කාටත් එක වගෙයි.
සියොතුනේ එන්න - සිව් දිගින් එන්න
හදෙහි දොර අගුළු හැරී ඇත
හද ලැගුම් ගන්න
රණ හසුනි මෙහි එන්න - රණ මයුර පැමිණෙන්න
රණ ගිරවියන් රෑන් රෑන්
ඇවිද රග දෙන්න
කවුඩනී එන්න - කෑරලුන් එන්න
ඇවිත් උලමාවියන්
රැයම මොරදෙන්න
ඇවිත් රග දෙන්න - එහිම පහරන්න
මගේ හද අගුළු ඇරී ඇත
සියොතුනේ එන්න
සැවුල නුඹ පැහැය - නොවෙයි මට අගය
කාලවන් කැවිඩියන්
සැවොම එක සමය
රණ මයුර රග දෙන්න - උලම මොර දෙන්න
මෙමට ඉන් පලක් නැත
සැමට එක සිතය.
හදෙහි දොර අගුළු හැරී ඇත
හද ලැගුම් ගන්න
රණ හසුනි මෙහි එන්න - රණ මයුර පැමිණෙන්න
රණ ගිරවියන් රෑන් රෑන්
ඇවිද රග දෙන්න
කවුඩනී එන්න - කෑරලුන් එන්න
ඇවිත් උලමාවියන්
රැයම මොරදෙන්න
ඇවිත් රග දෙන්න - එහිම පහරන්න
මගේ හද අගුළු ඇරී ඇත
සියොතුනේ එන්න
සැවුල නුඹ පැහැය - නොවෙයි මට අගය
කාලවන් කැවිඩියන්
සැවොම එක සමය
රණ මයුර රග දෙන්න - උලම මොර දෙන්න
මෙමට ඉන් පලක් නැත
සැමට එක සිතය.
21සතිය
යමෙකුගේ මරණය ගැන දුක් වන්නා මෝඩයෙකි. නැතිනම් ආත්මාර්ථ කාමියෙකි.
Tuesday, January 17, 2012
කතුවරයාට සමු දුනිමි
ඉතින් යාලුවනේ ලියන්න කියලා පටන්ගත්තට මොකද ලියන්න වෙලාවක් හොයාගන්න හරිම අමාරුයි. දැන් මගේ කතාවේ මට අවුරුදු හතරක් වෙනකං වෙච්චිදේවල් කෙටියෙන් නමුත් ඔයගොල්ලෝ දන්නවනේ. ඒ දක්වා සිදුවුන කිසිම දෙයක් මගේ මතකේ නම් නෑ. ඒ නිසා තමයි ජොරා විසින් ඒ දෙවල් ඔයාලට ඉදිරිපත් කලේ.
ඉතින් මට හිතුනා මෙකනින් පස්සේ මගේ කතාව මන්ම කියන එක හොදා කියලා. මං මට මතක හැටියට මගේ කතාව කියන්නම්. මං හිතනවා ඔයාලා ඒකට කැමති වෙයි කියලා. මගේ මතකේ එතරම් නැති උනත් පොඩි සිද්ධීන් දෙකක් කියලම කතාව පටන් ගන්නම්කෝ.
ඉතින් ඒ වෙනකොට මට අවුරුදු 3 2\1 ක් විතර ඇති. මං අපේ අර අලුත් ගෙදර, ඇයි අනේ අපේ නංගි ඉපදෙන්න ඔන්න මෙන්න තියලා හදලා ඉවර කරපු ගේ. ඉතින් මං මිදුලේ ඇවිදිනකොට මට මාර මහන්සියක් ආවා. ඉතින් ඉදගත්තා මිදුලෙන්. එන්න පටන් ගත්තා පරික්ෂණ කරන්න. මුලින්ම දැක්කා දිලිසෙන ගල් කැටයක්. හ්ම්ම්... මැණිකක් ! මට මතක් උනා තාත්තා කියපු කතාවක්. " ඔය මැණික් ගරන අය මැණිකක් දැක්ක ගමන් ගිලිනවා පස්සේ කැලේට ගිහින් කක්ක කරලා ඒක ගන්නවා". ඉතින් මටත් මැණිකක් හම්බ උනානේ. හේහේ නෑ නෑ ප්රෂශ්නයක් උනේ නෑ. ඒකට මක් උනාද කියන්න මන් දන්නෙ නෑ. හැබැයි පස්සෙ කාලෙත් මං අයියලත් එක්ක ඔට්ටු අල්ලලා දිලිසෙන තිරුවානා ගල් ගිලලා තියෙනවා. ඒකනේ තාමත් ගල් ගිල්ල වගේ ඉන්නේ.
ඉතින් ඊට පස්සේ හම්බඋනේ මොකක් ද දන්නවද? අපේ අම්මා මට බත් කවද්දි පෙන්නන රතු පාට ටිකක් දිග සතෙක්. ඔන්න ඉතින් අල්ලා ගත්තා පරික්ෂණයට දන්නවනේ ඉතින් ඔය වයසෙදි කොහොමද පරික්ෂණ කරන්නේ කියලා. කෙලින්ම කටට. හප්පේ මේ මොකක්ද මං කරගත්තේ මහා කටුක ගදක් එක්ක දිව ඇඹරිලා යන රසක්. දැන් ඉතින් මක් කරන්නද හූ තියලා අඩනවා මිසක්. ඔන්න ඒ පාර සද්දෙට අම්මා දුවන් ආපි. මාර කේස් එක මගේ කටින් ලේ එනවා. අම්මා බයවෙලා මාව වඩාගෙන කට තුවාලවෙලාද කියලා බලනවා. මොන තුවාලද පන පිටින්ම හැකරැල්ලෙක්ව කාල නේද මේකා. "අයියෝ මක් කරගත්තද පුතේ" කියපු අම්මා කටට අත දාලා ගත්තා හැකරැල්ලව එලියට අරගෙන කටත් හේදෙව්වා. කොහොමත් ටික දවසක් යනකන් තොල් ඉදිමිලාත් තිබුණා.
ඒ කතාව ඉවරයිග. එන්න ඉතින් තව දවසක් ඔය වගේම පරික්ෂණ කරන වෙලාවක මට හම්බුනා වී ඇටයක්. ඒකේ හැඩේ හැටියටනම් කරන්න ඕන මුඛ පරික්ෂාව නෙමේ කන් පරික්ෂාව, බලන්න ඕන මේක කනේ ගහලා මේ මොකක්ද කියලා. මදෑ කොලා! කනට දානකොටම ඒක අත ඇරිලා ගියා නෙව කන ඇතුලටම. ආයෙත් පුරුදු නිගමනයමයි. හූ තියා ඇඩීම. මේ පාර දුවන් ආවේ තාත්තා. බැලුවා මක්කවෙලාද කියලා. මමත් කන කන කියලා අඩපු නිසා තාත්තා දැන ගත්තා කනේ මොකක් හරි දාගෙන කියලා. ඒ පාර මාව අරන් ගියාඉස්පිරිතාලෙට. වෛද්යවරයා පරීක්ෂණ කරලා තීරණය කරා කණ ඔපරේෂන් කරන්න මහ ඉස්පිරිතාලෙට ගෙනියන්න. ඔන්න ඉතින් අරන් ගියා කරාපිටියට. ඒකෙ දි දොස්තර ඉන්න කාමරේ දොරගාවදි සුපිරියෙන්ටන් අංකල් කෙනෙක් දැකලා ඇහැව්වා ළමයාට මොකද කියලා. ඉතින් තාත්තා විස්තරේ කිව්වම ඒ අංකල් හිනා වෙලා තාත්තට කිව්වා අයියෝ මහත්තයා ඔකට ඔපරේෂන් කරන්න ඕනේ නෑ එන්න මාත් එක්ක කියලා. පස්සේ එයා තව පොඩි දොස්තර කෙනෙක්ට කියලා වී ඇටය එලියට ගැනීමේ මෙහෙයුම පටන් ගත්තා. මුලින්ම ගත්තා වතුර පිරවූ සින්ජරයක්. විද්දා කනට ඇද්දා ආපසු. වී ඇටේ සින්ජරය ඇතුලේ. මෙහෙයුම සාර්ථකයි.
ඉතින් ඔන්න ඔහොමයි උනේ.

Friday, January 6, 2012
අළුත් ඇරඹුමක්
ඉතින් යාලුවනේ දැන් 2012 වසර ආරම්භයත් සමග නැවතත් ලියන්නට සිතුවේ මගේ ලගම මිතුරන් කීප දෙනෙක්ගේ ඉල්ලීම ප්රතික්ෂේප කල නොහැකි නිසාය. මීට මාස දෙකක් පමණ කාලයකට පෙර මෙම බ්ලොගිය ලිවීම නතර වූයේ සරසවියේ වැඩ අධික වූ නිසාත් මෙහි වටිනාකම මිනුම් කල නොහැකි වූ නිසාත්ය. නමුත් පසුගිය කාලය තුල මට නොයෙක් විදියේ ඇරයුම් ලැබුණා නැවතත් ලියන මෙන්. ඉන් මෙහි යම් වටිනාකමක් ඇති බව මට වැටහුනා. ලියන්නට නොහැකි වීම ගැන මම ඔවුන්ගෙන් සමාව ඉල්ලන අතර මාව දිරිමත් කිරීම වෙනුවෙනුත් අඩුපාඩු පෙන්වා දීම වෙනුවෙනුත් ඔවුන්ට කෘතඥ වෙමි. වැඩ රාජකාරි බහුල වුවත් ඔවුන් වෙනුවෙන් ඉඩ ලැබෙන හැටියට ලියන්නට මා සිතමි. සෑම විටම සතුටින් සිටින සමාජයක් බිහි කිරීම මෙහිලා මාගේ අරමුණ කොට ගනිමි. මෙවර මට කොතක් දුරට ගමන් කල හැකිදැයි යන්න ඔබේ ප්රතිචාර මත තීරණය වේවි. මින් ඉදිරියටත් ඔබේ සහයෝගය බලාපොරොත්තු වෙමින් නැවතත් ඔබට ආයුබෝවන් කියමි.
Saturday, October 8, 2011
5 ලිපිය - නියාම ධර්ම2
පසු ගිය සතියේ නියාම ධර්ම පහෙන් විඥ්යානය සම්බන්ධ වන නියාම ධර්ම 2 පිලිබද සාකච්ඡා කලානේ. අද අපි බලමු අනෙක් නියාම ධර්ම තුන කොහොමද ලෝකයේ ක්රියාකාරීත්වයට බලපාන්නේ කියලා. ඔබට මතක ඇති මං කිව්වා කොහොමද වැස්ස ඇතිවෙන්නේ කියලා ලෝකයේ ක්රියාකාරිත්වය සොයා බැලීමේදී. එහි කර්මයේ සම්බන්ධයක් හෝ සිතුවිලිවල සම්බන්ධයක් තිබුනේ නෑ. ඒක ස්භාවධර්මයේ හේතුඵල දහමට අනුව ක්රියාත්මක වන්නක්. එවැනි ස්භාවධර්මයේ සිදුවන ක්රියා අධ්යයනය කිරීමෙන් සොයාගත් නියම 3ක් තමයි මේ බීජ නියාම, ධම්ම නියාම, හා සෘතු නියාම කියන්නේ.
වැස්ස ඇතිවීම අයිතිවන්නේ ධර්ම නියාම හා සෘතුනියාම දෙකට අනුවයි. නමුත් මං කලින් කිව්වා වාගේ මේ නියාමත් සත්ය වන්නේ අනෙක් කාරණා බලනොපාන විටයි. උදාහරණයකින් කිව්වොත් හිරුත් පෘථිවියත් අතර දුර වැනි කාලගුණික තත්ව මත වැසි සමය ග්රීස්ම සමය වැනි කාලයන් ඇති වනවා. එය සාතු නියාමය. සාතු නියාමයට අනුව වැසි සමයේහී වැසි ලැබෙනවා. නමුත් මිනිසුන් ගස් කැපීම වැනි පාරසරික හේතුන් මත වැසි නොලැබී යා හැකි. ඒ නිසා සෘතු නියාමය සත්යවන්නේ අනෙක් සාධක බලනොපාන විටයි.
බොහෝ දෙනා නියාම ධර්ම දන්නා බැවින් මං කෙටියෙන් සදහන් කරන්නම් ලිපියේ සම්පූර්ණත්වය සදහා. බීජ නියාමයෙන් දැක්වෙන්නේ මව් ජාන ස්භාවය අනුව ඊලග (දුහිතෘ) හට ගැනීමේ ලක්ෂන පහල වන බවයි. සරලව කියතොත් දෙමව්පියන්ගේ ලක්ෂණ දරුවන්ට සම්ප්රේෂනය වන බවයි. සමහරු ගායන කුසලතාවක් ඇති විට එය දෙවියන්ගෙන් ලැබුණු දෙයක් සේ සලකයි. පියාටත් එම හැකියාව ඇත්නම් ඒ දෙවියා පියා වේ. නැතිනම් කර්ම ඵලයක් විය හැක. සෘතු නියාම යනු පෘථිවියේ ස්භාවික වෙනස්කම් මත අව්ව වැස්ස සහ අනෙකුත් සෘතු විපර්යාස ඇතිවන බවයි. සමහරෙක් මගේ කරුමෙට වහිනවා යැයි පවසතත් සිදු විය හැක්කේ එහි අනෙක් පැත්තයි. එනම් වහින විට කර්ම ඵලය ලැබීමට පරිසරය සකස් වීමයි. ධම්ම නියාම යනු දුක්ඛ යන යථාස්භාවය නිසා සිදුවන දේවල්ය. සෑම දෙයක්ම ක්රමයෙන් විනාශයට ( දිරා යාමට) පත් වන බවමේ නියාම ධර්මයේ කොටසකි.
මේ අනුව අප අවබෝධ කරගත යුත්තේ සියල්ල හේතු ඵල දහමට අනුව ක්රියා කරන ස්වයංක්රිය පද්ධතියක් බවත් එහි යම් යම් රටා අවබෝධ කරගැනීම තුලින් අනාගතය ගැන අනාවැකි පැවසිය හැකි බවත්ය.මේ අනුව මට පෙනියන කරුණ නම් කිසිවෙකුට අතීතයට හෝ අනාගතයට ගමන් නොකලහැකි බවත් බුදුන් පවා අනාගතය ගැන කීවේ අනාගතයට ගොස් බැලීමෙන් නොව ඉහත දැක්වූ රටාව හදුනා ගැනීමෙන් බවයි. ඔබලාටත් එම යථාර්තය අවබෝධ කරගැනීමට හැකි වේවා.!

Friday, October 7, 2011
එහෙනං ඕං
ඕං දැන් කටකහනවට මං නොයෙක් එව්වා කියෙව්වානෙව. දැන් ලිපි 19 ක්ම නොයෙක් දේවල් කියෙව්වට මොකද කැහිල්ල නං හිංගිත්තක් වත් අඩු වෙලා නෑ නෙව. බොලාලාත් එව්වා කියෙව්වා කියවලා සමහර ගොල්ලෝ නිකා හිටියා සමහර ගොල්ලෝ එක එක එව්වා ලියෙව්වා. ඒ මොනව කලත් මෙකෙ ඒ හැටි තේරුමක් පල ප්රයෝජනයක් නෑ වගෙයි පෙනෙන්නේ.
මෙ ගොඩ වෙදකං කොරාලා මේ ලෙඩේ කඩන්න බෑ වගෙයි. බෙහෙත් අහන්නෑ නෙව. ඉතින් බොල මං කල්පනා කොලේ ඉංගිරීසි බෙහෙත් වත් අරං බලන්න කියාලා. මං වෙනුවෙන් මගේ කට කහන එක නවත්තන්න කොමෙන්ට් කොරාපු නොයෙක් විදියෙන් මාව දහිරිමත් කොරාපු ඔක්කෝමන්ලෑට බොහෝමත්ම ස්තූතියි ඕං. එහෙනං ඕං මං ගෙහුං එන්නම්. ඉංගිරීසි බෙහෙත් අහන්නෙත් නැත්නම් මක් කරන්නද දිගටම කට කහනවට එක එක එව්වා කිය කියා ඉන්නව මිසක්කා නෙවෙද්ද.

20 සතිය
අන් අය තමා ගැන හිතන ආකාරය මෙලොව දියුණුවටද තමා, තමා ගැන හිතන ආකාරය ලෝකොත්තර දියුණුවටද හේතු වේ.
Sunday, October 2, 2011
මෙතෙක් කතාව
දැන් කොටස් 18 ක් තිස්සේ ඔබට "මගේ කතාව" ලෙසින් ශෂික අසංක නමැත්තාගේ කතාව ඔබට ඉදිරිපත් කලේය. දැන් සමහර අයට මුල මතකත් නැතුව ඇති. සමහර අයට ඒ දීර්ඝ කතාව කියවීමට අපහසුත් ඇති. ඒ නිසා මං හිතුවා මෙතෙක් කතාව යලි ඔබට කෙටියෙන් පවසන්නම්.
කරුණාරත්නත් නන්දාත් දකුණු පලාතේ අම්බලන්ගොඩ ගමේ ජීවත් වූ එකම පාසලේ ඉගෙන ගෙන තරුණ වයස ඉක්මයාමට ආසන්න වියේදී විවාහ වූ යුවලකි. කරුණාරත්න දිළිදු පවුලක ද නන්දා මධ්ය පාන්තික පවුලක ද හැදී වැඩුනේය. ඔවුන් නොයෙක් බාධක මැද විවාහ වී සූට්කේස් දෙකක් පමණක් අතැතිව මඩකලපුවේ කුලී නිවසක ජීවත් විය. විවාහ වී අවුරුදු පහක් පමණ යන තෙක් දරු සම්පත් නොලැබ දුකින් සිටියේය. අවසානයේ ඔවුන් ලැබූ පලමු දරුවා පිරිමි දරුවෙක් විය. එහි අවුරුදු 6ක් පමණ ජීවත් වූ ඔවුන් සෑහෙන තරම් දියුණු විය. පසුව දෙවන දරුවා ලෑබීමට පෙර ඔවුන් තමන්ගේ මව් ගම වූ අම්බලන්ගොඩට පැමිණෙන්නේ ඔවුන්ගේම කියා නිවසකට පැමිනේ. එය කටු මැටි ගෙයක් විය. මේ කාලය ඇතුලත දෙදෙනාම රැකියා ස්ථාන දෙකක වැඩ කර තිබිණ.
නව නිවසට පැමිණි පසු අපගේ කතා නායකයාගේ උපත සිදු විය. ඉන් පසු ඔවුන්ගේ ජීවිත වලට කනකොකා හැඩීය. මන්ද ඔහු හදවත් රෝගියෙක් විය. ඒ දින වල එවැනි දරුවන් ජීවත් නොවූයේය. නමුත් දෙමව්පියන්ගේ දැඩි කැපවීම මත අවුරුදු හතරක් වන තෙක්ම ඔහුව ජීවත් කරවීමට සමර්ථ විය. මේ කාලය තුල මෙම පවුලට අලුත් සාමාජිකාවක් ද එක් විය. අපේ කතා නායකයා වෙනුවෙන් දෙමව්පියන් නොකල දෙයක් නැත. අවුරුදු 4ක් වුවත් ඔහු තාමත් කරන්නේ අවුරුදු දෙකේ ළමයකු කරන වැඩය.
දැන් ඔහුට අවුරුදු හතරකි. අයියාට හයකි. නංගීට එක හමාරකි. දැන් ඔවුන් ගඩොලින් අලුත් නිවසක් තනා අවුරුදු හතරට ආසන්නය. සියල්ල හොදින් සිදුවී යද්දී නැවත ඔවුන්ගේ ජීවිතවලට කරදර පැමිනෙන්නට විය.

Saturday, October 1, 2011
5 ලිපිය - නියාම ධර්ම
මෙම නියාම ධර්ම පහ අධ්යයනය පහසුව සදහා කොටස් දෙකකට වෙන් කර ගත හැකි. එනම් විඥ්යානය සම්බන්ධ නියාම ධර්ම හා සතර මහා භුත සම්බන්ධ නියාම ධර්ම ලෙස. කර්ම නියාමය හා චිත්ත නියාමය පලමු කොටසටත් අනෙක් තුන දෙවන කොටසටත් අදාල වේ. කර්මය පිලිබද අපි 4 වන ලිපි පෙලින් කතා කල නිසා ඒ ගැන වැඩි විස්තරයක් අවශ්ය නැතැයි මට සිතේ. විශේෂයෙන්ම කර්ම විපාක එවේලේ ලැබෙන බවත් ජනක කර්මය ලෙසින් එය භවයෙන් භවයට යන බවත් දැන ගත යුතුය. පෙර භවයේ ඥාතීන් කොතරම් පිං අනුමෝදං කලද එය මේ බවයේ විඥ්යානයට දැනගත නොහැකි නම් ඒ පිං අනුමෝදං කල නොහැක්කේ ඒ නිසාය. අනිවාර්යයෙන්ම කර්මය ක්රියාත්මක වීමට විඥ්යානය දැනුවත්ව සිදු විය යුතුයි. සත්ව ඝාතනයක් නොකල තැනැත්තෙක් වුවද තමා සත්ව ඝාතනය කලා යැයි විඥ්යානයේ සටහන් වුවොත් ඔහුට ප්රාණ ඝාත අකුසල කර්මයේ විපාක ලැබේ.
චිත්ත නියාමය යනු යම් අරමුණක් ලැබුණු පසු දිගින් දිගට සිතුවිලි පහල වීමයි. යම් ස්පර්ශයක් සිදු වූ තැන් සිට එය හදුනා ගැනීම තැන් දක්වා සිතුවිලි පහල වීම පෙර කර්මය නිසා සිදු වන්නක් නොව හේතු ඵල දහමට අනුව සහ චිත්ත නියාමයට අනුව සිතුවිලි පහල වීමකී සිදු වන්නේ. එම චිත්ත වීථි සකස්වන ආකාරය 3 ලිපිය - ලෝකයේ ක්රියාකාරිත්වය 2 ලිපියෙන් දක්වා ඇත. ඒ නිසා තමන්ට එන සෑම සිතුවිල්ලක්ම කර්මය නිසා එන සිතුවිලි නොවේ. අනෙක් නියාම ධර්ම තුන ලබන ලිපියෙන් සාකච්ඡා කරමු. මේ ලිපි පිලිබද ඔබට ඇති ගැටළු සදහන් කරන්නේ නම් අපට තවත් සඵලදායී ලෙස මේ සාකච්ඡාව කල හැකි යැයි සිතමි. ඔබට නිවන් සුව ලැබේවා!

Subscribe to:
Posts (Atom)