අප මෙතෙක් දවස් ලෝකය පිළිබද ගැඹුරින් සහ සරලව සොයා බැලීමක් කලා. නමුත් කෙලින්ම මෙහි ඒ පිළිබද අදහස් දක්වා තුබූයේ බුංජු විසින් පමණයි. කෙසේ නමුත් මෙහි පැමිණෙන අනෙක් අයද මේ ලිපි පෙල කියවනවා යැයි මා සිතමි. ගිය සතියේ අප ලෝකයේ ක්‍රියාකාරිත්වය යටතේ සිත ක්‍රියා කරන්නේ කේසේද යන්න සොයා බැලිමු. එහිදි සිතේ ක්‍රියාකාරිත්වයට ශක්තිය සපයන ප්‍රධාන සාධකයක් ලෙස කර්ම ශක්තිය හදුනා ගතිමු. මේ කර්ම ශක්තියේ ක්‍රියාව ඉතා පැහැදිලිව විස්තර කිරීම ඉතාම අපහසු කටයුත්තක් නමුත් යම් පමණකින් හෝ ඒ පිළිබද සොයා බැලීම සුදුසු යැයි මගේ හැගීමයි. බුදුන් වහන්සේ විසින් සොයා නිම කල නොහැකි අචින්ත්‍යය දෙයක් ලෙස කර්ම විෂය හදුන්වා ඇති බවයි පැවසෙන්නේ. නමුත් අපි පසුගිය ලිපිය අවසන් කල තැනින්ම මෙම ලිපියද ආරම්භ කර අපට හැකි පමණින් මෙම කර්ම විෂය සොයා බලමු.
විඥ්‍යාන ශක්තිය මුල් කරගෙන කෙරෙන ප්‍රතිඵල සහිත ක්‍රියාවක් අපි කර්මය ලෙස හදුන්වමු. වෙනත් ආකාරයකින් කියතොත් චේතනාවක් සහිතව සිදුවෙන ක්‍රියාවක් කර්මය ලෙස හදුන්වමු. මෙවැනි ක්‍රියා කොටස් හතරකට බෙදිය හැක. එනම් කුසල්, අකුසල්, පින් හා පව් ලෙසය. කුසලය යනු කුසලතාවයයි. නැතිනම් හැකියාවයි. එවැනි ක්‍රියාවකින් සිදුවන්නේ හැකියාවක් දියුණු වීමයි. මෙහිදි සාමාන්‍යයෙන් කුසලතා ලෙස දක්වන්නේ නිවනට ප්‍රයෝජනවත් වන හැකියාවන්ය. එවැනි හැකියාවන් නිවනට පමණක් නොව යහපත් ජිවිතයකට ද ප්‍රයෝජනවත් වේ. මෙවැනි හැකියාවන් මොට කරන ජිවිතයට අනර්ථය පිණිස පවතින හැකියාවන් ද ඇත. සමහරුන් උජාරුවෙන් පවසන එවැනි පහත් හැකියාවන් අකුසලතා ලෙස හදුන්වමු. එවැනි අකුසලතා වර්ධනයවන යම් ක්‍රියාවක් වේ නම් ඒවා අකුසල කර්ම වේ. ඊලග කර්ම දෙක නම් පින හා පවයි. නැවත නැවත මතක් කිරීමෙන් සිත සැනසෙන ක්‍රියාවක් වේද එය පුණ්‍ය ක්‍රියාවක් ද සිත පසුතැවෙන ක්‍රියාවක් අකුසල ක්‍රියාවක් ද ලෙස සැලකේ. මෙහිදි පුණ්‍ය ක්‍රියා හා අපුණ්‍ය ක්‍රියා පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධාකාර වේ. මන්ද යම් ක්‍රියාවකින් පසු තැවීම හෝ සතුටු වීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බැවිණි.
මේ අනුව කර්මය සිදුවන ප්‍රධාන ආකාර සතර පිලිබද තව දුරටත් ඉදිරි ලිපියේ දී සාකච්ඡා කරමු. ඔබට නිවන් සුව ලැබේවා!
No comments:
Post a Comment