Thursday, May 24, 2018

අවනඩුව

නිදි යහන මත මාව පෙලනා නියා නිදි දෙව්දු හමුවන්න නොමදී ඔයා මගෙ හදෙහි දැවටෙන්නෙ කිමදෝ කියා පවසන්න මේ හැටිම සිතුමන් තියා
සිහිල් මද පවනැල්ල සේ ඵන්න ආසයි ඇවිත් ඔය කෙහෙරැල්ල නලවන්න ආසයි ඉර නැගෙන අරුණැල්ල හා එන්න ආසයි ඔබේ ලඟ සෙවනැල්ල වී ඉන්න ආසයි
මුව කමල ඇහිපිල්ල යට රැඳුණු ගානයි මද කොමල හසරැල්ල තුන් රැයෙහි පායයි මට රැයෙහි සැනසිල්ල ලැබ ගන්න බෑමයි මගේ මේ පැමිණිල්ල මල්සැව්ට බාරයි