Friday, May 27, 2011

පරාර්ථකාමී සුවඳ විලවුන්

දවසක් ඕන් මන් ගමනක් යන්න යාලුවෙකුට අඩ ගහපිනා. මූ ඵනකන් මාත් පැයක් විතර කාලකණ්නි වෙලා බලා ඉඳිපිනා. මේන් මූ ඵනවා ඇවිදින මල් වත්තක් වගේ. මන් ඉතින් ඇහුවා මොකෑ බන් මේ. ඵතකොට මූ කියාපිනා ගමනක්   යනකොට ගඳ ගගහ යෑ හැකියෑ.  මාත් ඕන් කට කහනවට අහපි උඹේ ගඳ උඹට ඵන්න දවස් කීයක් තෝ නැවෙ නැද්ද කියලා. ඵතකොට මූ කියාපිනා මට නොවේ බන්  අනිත් උන්ට...
"ඇන්නෑවයි මූ නම් උරුලෑවෙක්ද කොහෙද" ඉතින් ඕන් මන් කියාපි මට නම් අනිත් උන්ට සුවඳ ගහන්න ඕනැන්නෙ නෑ. මට කා ගාව හරි ගඳක් ආවොත් ඌට ගහගන්න දෙන්ට සෙන්ට් කුප්පියක් තියාගත්තොත් හොඳා කියලා...

1 කොටස

"නන්දෝ චූටි පුතා අඩන්නේ මොකද?"
 කරුණේ ඇසුවේ සාරියක් දෙපොට දැමූ පරාලයෙහි එල්ලෙන තොටිල්ලෙන් එන ඇඩිල්ල ඇසීය. කරැණාරත්න හා නන්දාවතී විවාහ වී දැන් සත් අවුරුද්දකට ආසන්නය. ඔවුන්ගේ පළමු ළමයාට දෙවන අවුරැද්ද ලබන්න ආසන්න වී ඇති අතර නන්දාට (ඕ පසුව 'වතී' කෑල්ල ඉවත් කර ගත්තාය) තවත් දරුවකු ලැබීමට උන්නාය.

  කරැණාරත්න හත් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය. ඔහුට පවුලේ බර කරට ගැනීමට සිදු වූයෙ පියා රබර් කැපීමෙන් ලබා ගත් ආදායමත් මව පැදුරු වියා සොයාගත් සොච්චමත් හත් දෙනෙකු නඩත්තු කිරීමට මඳ බැවිනි. පාසල් යන අවදියේ පටන් හම්බු කිරීමට ඔහුට සිදුවිය. ඵබැවින් උදේම මව සාදා දෙන කඩයප්පම් සයිකලයෙන් හන්දියේ කඩයට දමා සයිකලය පාසල අසල නිවසක දමා පාසැල් යාමට ඔහුට සිදුවිය.  පාසැල ඇරී පැමින ගඩොල් කපන තැනක වැඩ කර හවසට කොරොටුවේ වැඩ ද අවසන්  කර ගෙදර විත් පාඩම් වැඩ ද කිරීමට අතපසු නොකලේය.

Thursday, May 26, 2011

විවාහය..........

අමතන මුත් හිස දළු සලලා
ඔබ වෙත එන්නට නොහැක පලා
පෙර දින ඔබ හට පෙම් කර ඇති මුත්
මා ඇත අද මලකට බැඳිලා

පෙර දින ඔබගෙන් රැකුන ලෙසේ
අද දින සැනසුම් කුසුමෙ දිසේ
නුඹ හට ආලය දියවී නැති මුත්
මම ඉමි කුසුමට හද පුදලා

මේ ලොව නීතිය එය වේ නම්
කෙලෙසක සැනසෙනු නුඹගෙන් මං
මේ රුක ඵල හට ගැනුමට මට යුත්
මගෙ යුතුකම කරනෙමි පෙරලා

එනු බෑ යුතුකම් පසෙක තබා
බඳවා ඇත අප දහම සොබා
සතුටින් ඉමි මා හෙටදිනයේ වත්
රුක ඵල ලෝ සත විඳිනු බලා

1 සතිය

ආදරය යනු ආධාරයකි
එය දීමෙන් ලැබෙන්නේ පිනයි
පින් යනු සතුටයි
hence
ආදරය = සතුට