Friday, May 27, 2011

1 කොටස

"නන්දෝ චූටි පුතා අඩන්නේ මොකද?"
 කරුණේ ඇසුවේ සාරියක් දෙපොට දැමූ පරාලයෙහි එල්ලෙන තොටිල්ලෙන් එන ඇඩිල්ල ඇසීය. කරැණාරත්න හා නන්දාවතී විවාහ වී දැන් සත් අවුරුද්දකට ආසන්නය. ඔවුන්ගේ පළමු ළමයාට දෙවන අවුරැද්ද ලබන්න ආසන්න වී ඇති අතර නන්දාට (ඕ පසුව 'වතී' කෑල්ල ඉවත් කර ගත්තාය) තවත් දරුවකු ලැබීමට උන්නාය.

  කරැණාරත්න හත් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය. ඔහුට පවුලේ බර කරට ගැනීමට සිදු වූයෙ පියා රබර් කැපීමෙන් ලබා ගත් ආදායමත් මව පැදුරු වියා සොයාගත් සොච්චමත් හත් දෙනෙකු නඩත්තු කිරීමට මඳ බැවිනි. පාසල් යන අවදියේ පටන් හම්බු කිරීමට ඔහුට සිදුවිය. ඵබැවින් උදේම මව සාදා දෙන කඩයප්පම් සයිකලයෙන් හන්දියේ කඩයට දමා සයිකලය පාසල අසල නිවසක දමා පාසැල් යාමට ඔහුට සිදුවිය.  පාසැල ඇරී පැමින ගඩොල් කපන තැනක වැඩ කර හවසට කොරොටුවේ වැඩ ද අවසන්  කර ගෙදර විත් පාඩම් වැඩ ද කිරීමට අතපසු නොකලේය.

No comments:

Post a Comment