Thursday, August 11, 2011

නිදහස

අද ඕං මං කියාන්ට යන්නේ අපේ දහය එකොළහ වසර ඉංගිරීසි පොතේ තිවුන කතාවක්. බොලාට, මං කියන්නේ ඒ කැලැස්වල උගෙන ගත්තු ඈයන්ට මතකත් ඇති.
  ඔන්න ඉතින් එක් ගම්මානයක බැද්ද කිට්ටුව මනුස්පයෙක් ඉදපිනා. මේකා ජිවිකාව ගෙන ගියේ දර විකුණලා. දවසකට ඇති වෙන්න කාසි උපයාගන්න පරමාණවත් දර ටිකක් කාපාලා පොඩි අත් කරත්තයකට දමාලා තල්ලු කොරාගෙන ගෙහුන් විකුනලා තමයි ජිවිකාව ගෙන ගියේ. ඉතින් ඔය අතරෙ සිදාදියෙදි මේකට මිත්තරයෙක් හම්බු වෙලා කයියට වැටුනා. ඉතින් ඕං මේ යාලුවත් මේ දිලිදු මනුස්පයාට කියාපිනා,
 " ඉතින් ආයුබොවන් ඔහේ හැමදාම ඔහොම ඉන්නෙයි කල්පනාව. දියුණු වෙන්න අදහසක් නැතෙයි" කියාලා. මේ මනුස්පයත් ඒ පාර අහපිනා "ඔය දියුණුව කියන්නේ මක්කෙයි" කියාලා.
 ඒ පාර මේ සිදාදිකාරයා " ඇයි කැමති නැතෙයි ලොකු මන්දිරයක අතට පයට වැඩ කාරයෝ, ලස්සන සුරූපී බිරින්දෑ කෙනෙක්, ඊ ලගට කිසිම දෙයක් නොකර නිදහසේ තමන්ටම කියලා වාහනයක වාඩි වෙලා ගෙහුන් චිත්තර පටියක් බලාපිනාලා සතුටින් ඉන්ට" කියාලා අහපිනා.
 ඉතින් මේ කතාව අහපු අර දර විකුණන්නටත් ලොවෙත් ආසාවක් ආපිනා දියුණු වෙන්ට. ඒත් කොහොමෙයි දියුණු වෙන්නේ. ඒ පුරස්නෙත් අහපිනා මිතුතරයාගෙන්.
 "කොරන්ට තියෙන්නේ මහන්සි නොබලා දර කපාලා අමාරුවෙන් හරි පුලුවන් තරම් දර කරත්තෙට පටවාලා සිදාදියෙ හැම තැනම ඇවිදලා පුලුවන් තරම් හනිකට ඒ දරටික හමාර කොරලා ආයෙත් වංගියක් ගෙහුන් ඒ වාගේම දර විකුණන එකයි. ඒ වාගේ දවසට තුන් වරක්වත් කොරගත්තොත් මාසයක් හමාරක් යනකොට බැරියෑ ගොන් කරත්තයක් ගන්ට. ඒ කරත්තෙන් ඔයිටත් වඩා දර ඇද්ද හැකි නෙවැ. එතකොට බැරියැ ගොනෙකුත් ගන්ට. එතකොට නම් බොට බැරියැ දරට අමතරව වෙන දේවලුත් විකුණන්ට. පස්සෙන් පහු හොද විසාලෙට ගේකුත් හදාගෙන රූප සුන්දරියක් කැන්දාගෙන අවුත් දරුමල්ලොත් හදාගෙන ඉන්ට බැරුවයෑ. බිසිනොස් එක ලොකු වෙනකොට සේවකයොත් ගත්තෑකි. බොට ඉතින් ජොලියෙ කාලා බීලා ඉන්ට ඇහැක් නෙව..." කියමින් දිගටම කියාපිනාගෙන යන්ට පටන් ගත්තයි කියමුකෝ.
 ඉතින් මේ අලුත් මිත්තරයා කියන සියල්ලම සාවදානව අහන් හිටපිනාපු මේ දර විකුණන්නා කල්පනා කොරන්ට පටන් ගතිපිනා." මේ වැඩේට මට දුක් විදින්ට ඕනෑ. ඔය කියන තත්වෙට එන්ට තව අවුරුදු දහ පහලොවක්වත් යාවී. එතකොට මගෙ තරුණකාලෙත් අහවරයි. දරුමල්ලො හදාගෙන ලොකු බිසිනොස් කාරයෙක් වුනාම ලොවෙත් නැති පුරස්නයි වගකීමයි. එතකොට මොන සැප සම්පත තිවුනත් මොන ජොලියක්ද?, ඇරත් දැනුත් මන් නිදහසේ කාලා බීලා සින්දුවක් කියාගෙන ඉන්නව නෙව. මෙච්චර දුක් විදල ආයෙත් මන් එන්ට හදන්නේ ඒ නිදහස සොයන්නට නෙවෙද" කියාලා හිතපු මේ මනුස්පයා මිත්තරයාට කියාපිනා,
"ඈ බං අවුරුදු ගානක් මගේ සන්තුස්ටිය නැති කොරාගෙන දුක විදලා ආයෙත් හිටපු තැනටම නෙවෙද මං එන්නේ. දැනුත් මං සන්තෝසෙන් නිදහසෙන් ඉන්න එකේ මගේ ජීවිතේ හොදම කාලෙ විනාස කොරගන්නේ මක්කටෙයි ආයුබොවන්!"

No comments:

Post a Comment