Sunday, August 21, 2011

13 කොටස

ඩිස්පැන්සරිය වෙත ගෙනගිය දරුවා පරික්ෂා කල වෛද්‍යවරයා මූලික ප්‍රතිකාර කීපයක් කොට කරාපිටිය රෝහල වෙත මාරු කර හැරීය.
 එහිදී දරුවා පරික්ෂණ කීපයකට භාජනය කෙරිණි. සවස වැඩ ඇරී ගෙදර පැමිණි න්දාත් කරුණාරත්නත් ආ පයින්ම නැවත කරාපිටිය රෝහලට ගියෝය. එහි ගිය කරුණාරත්න වෛද්‍යවරයා හමුවී දරුවාගේ විස්තර විමසීය.
" ඩොක්ටර් කොහොමෙයි මගෙ දරුවට ?"
" මිස්ටර් දරුවගේ පියා නේද?"
" එහෙමයි"
" මහත්මයා කලබල වෙන්න එපා මෙහෙම කිව්වට. දරුවගේ හාට් එකේ ප්‍රොබ්ලම් එකක් තියෙනවා. අපි කාර්ඩිලොජි ටෙස්ට් එකක් කලා. දරුවා බේර ගන්න නම් පිටරට අරන් යන්න වෙනවා. ලංකාවේ ඒකට ප්‍රතිනාර කරන්න හැකියාවක් නෑ. කලබල වෙන්න එපා, මං බෙහෙතක් ලියලා දෙන්නම්. මං හිතන්නේ අවුරුද්දක් විතර පාලනය කර ගන්න පුලුවන්. මහත්මයා දරුවා ඉන්දියාවේ ගෙනියන්න සූදානම් කරගන්න."
 එයින් කරුණාරත්නට හදවතට රෝස කටුවලින් අනින්නාක් මෙන් සියුම් වේදනාවක් සමග හුස්ම හිරවෙන බවක් ද දැනිණි. මොහොතක් වෙලා ගල්ගැසී සිට නැවත පියවි ලොවට පැමිණ "එහෙමයි ඩොක්ටර්" කියා පිට වී ගියේය. දැන් කරුණාරත්නගේ ඔලුව දහසක් ප්‍රශ්න වලින් පිරී ඇත. මේ කාරණාව නන්දාට පවසන්නේ කෙසේ ද? මෙය ඇසූ පමණින් නන්දා මහත් වෙදනාවට පත්වෙනු නිසැකය. දරුවා ඉන්දියාවේ ගෙනියන්න සෑහෙන මුදලක් වැය වන අතර ප්‍රතිකාර වලටද සෑහෙන වියදම් දැරිය යුතුය. ඔහු අත තිබුණු මුදලද යතුරු පැදියක් ගැනීමට වියදම් කර ද තිබිණි.

ඔහු අතේ කඩදාසි තුණ්ඩුවක් තිබිණි. එහි පැරඩෝල් නම් විටමිනයක නමක් ද සස්ටජන් නම් පිටි වර්‍ගයක නමක් ද සදහන් ව තිබිණි. ඒ දෙක රැගෙන නන්දා ද සමග නිවසට පැමිණි නමුත් නන්දාට පැවසුවේ තවම රෝගය සොයා නොගත් බවයි. දරුවාගේ අසනීප ගතිය නැතිවන තුරු දවස් කීපයක් රෝහලේ නවත්වා ගත්තේය.     
දින දෙකකට පසුව නැවතත් සුදු පුතා ගෙදර පැමිණියේය. නමුත් සෑම සති දෙකකට වරක් ක්ලිනික් සදහා කරාපිටි ගියේය. ඒ සෑම අවස්ථාවකම කිසිම ප්‍රතිකාරයක් නොකල අතර යථෝක්ත විටමිනයත් පිටි වර්‍ගයත් පමණක් දීමට අනුමත කලේය.
  මෙසේ කාලය ගෙවී ගියේය. කරුණාරත්නට දරුවා ඉන්දියාවේ ගෙනයාමට අවශ්‍ය මුදල් සොයා ගැනීමටද නොහැකි විය. නිතර ගමන් බිමන් යෙදුනු බැවින් යතුරුපැදිය විකුණා දැමීමට ද නොහැකිය. ඉඩම උගස් තැබුව ද බඩු විකුණා දැමුවද ප්‍රමාණවත් මුදල සොයා ගත නොහැක. මාස හයක් පමණ ගිය කල දිනක් නැවත දරුවා ක්ලිනික් රැගෙන ගියේය.
 " මහත්මයා තරහ වෙන්න එපා මෙහෙම කියනවට. දරුවා බේරා ගන්න සෑහෙන මුදලක් යනවා. දරුවා රට ගෙනියන්න තරම් වත්කමක් නැති බවත් ඇත්තයි. අපිට කරන්න පුලුවන් හැම දෙයක්ම අපි කරනවා. ඒත් මෙහෙම ලමයි බොහොම කලාතුරකින් තමයි ලැබෙන්නේ. ඔබට තව දරුවෙක් ඉන්නව නේද?. දැන් තියෙන්නේ හිත හදාගන්නයි. හැමදාම බෙහෙත් කර කර තියා ගත්තත් අවුරුදු තුනකට වඩා දරුවා ජීවත් වෙයි කියලා හිතන්න අමාරුයි. මේ පාර විටමින් එකත් පිටි එකත් මං නිකන් දෙන්නම්. ආයෙත් ක්ලිනික් එන්න අවශ්‍ය නෑ."

No comments:

Post a Comment