ඔවුන් දෙදෙන විවාහ වන විට ඔවුන් සතු වූයේ සූට් කේස් දෙකක බඩු පමණකි. ඔවුන් අම්පාරේ සිටි සය අවුරුද්දට සිසිලන විදුලිපංකාවක්ද , හිටවන විදුලිපංකාවක්ද, ඇදකුත්, කැබිනෙට්ටුවකුත්, අල්මාරියකුත් , මහන මැෂිමකුත්, රූපවාහිනියකුත්, වෑර්ලස් එකකුත්, මේසයක් සමග වැල් පුටු හයක් ද ඇතුලු නිවසකට අත්‍යවශ්‍ය අනෙක් සියලුම උපකරණ ද ගැනීමට සමත් වී තිබුණි. අලුත් ගෙට පදිංචි වන දින නන්දාට අම්මාගෙන් ගල් වංගෙඩියක්ද ලැබුණී.
දැන් දරුවාටද අවුරුද්දකුත් මාස නවයකි. ඔවුන් වැඩට යන විට දරුවා නන්දාගේ මහ ගෙදර තබා යාමට පුරුදු විය. දරුවා හැදුනේ ආච්චි අම්මා ලගය. නන්දාගේ අක්කටද පුතකු සිටී බැවින් ශාලික ඔවුන්ට චූටි පුතා විය. ඔහුට ආච්චි ගෙදඅම්ම්ම්මා ද සීයා ගෙදතා....ත්තාද විය. උදේට මහගෙදර දමා වැඩට ගොස් සවස එනවිට දරුවා රැගෙන ඒම නන්දාගේ රාජකාරියකි.
ඔවුන් නිවසට පැමිණ සතියක් ගියතැන ගෙදර කුලියට සිටී දෙදෙනාද යන්නට ගිය බැවින් ඔවුන්ට නිදහසේ කිටීමට අවස්තාව ද සැලසිණි. එය විශාල වත්තකින් යුතු බැවින් ආහාර සදහා වැඩි වියදමක්ද නොවීය. අසල්වාසීන්ද ඉතා යහපත් පුද්ගලයින් විය. මෙම ඉඩමේ මුල් අයිති කරුවන් වූ සාමිපුල්ලේගේ ගෙදර ද ශාලිකගේම වයසේ ගැහැනු දරුවෙක්ද ඔහුගේ වයෝවෘද මව ද වාසය කලෝය. පහල ගෙදර විසූවේ පිස්සු බලු රෝගයට වෙදකම් කරන වෙද මහතෙකුත් බිරිදත් දිස්නා නම් වූ දියණියකුත්ය. ඇගේ අයියලා තුන් දෙනෙකු හිටිය ද ඔවුන් එහි නොසිටියේය.
දිනක් කරුණාරත්න පැමිණ "ඔයයි කැමති දෙයක් තියෙයිනම් කියාන්න " යැයි නන්දාගෙන් විමසා සිටියේය. " මොකක්දෑ.." යි පවසා නැවත බිම බලාගෙන ඈ කල්පනාවට වැටිණි. ඇත්තටම පලමු දරුවා ලැබීමට සිටි අවදියේ ඈට මස් අනුභව කිරීමේ දොලක් උපන්නාය. එදා කරුණාරත්න විසින් සාදාදුන් මස් හැලියකටම වග කීමට ඈ සමත් විය. මෙවර එසේ කිසිවක් නොකී නිසාදෝහෝයි කරුණාරත්න මෙසේ අසන්නට ඇත. යම් කිසි බාධාවක් නිසා නැවත මේ ලොවට පැමිණි ඈ " නැ එහෙම දෙයක් නෑ" යි කීවාය. ඇත්තටම නන්දාට දෙවන දරුවා පිලිසිද ගත් දින සිට කිසිම ආශාවක් නූපන්නාය.
1989 මාර්තු මස මැද හරියෙදී ඈට අමාරු වී රෝහල් ගත කලාය. එම මස බ්‍රහස්පතින්දා දිනයක් වූ විසිතුන්වන දින අලුයම හිරු නැග එද්දී නන්දා පින්වත් පුත් රුවනක් ලැබීය. ඒ අප කතා නායකයාගේ උපතයි.
No comments:
Post a Comment