අපි ගිය සතියේ සොයා ගත්තා යම් ක්‍රියාවක් කිරීමේදී අරමුණක් ඉන්ද්‍රියක ගැටුනු විට ඊට අදාලව සිතුවිලි ක්‍රියාත්මක වෙන ආකාරය. ඒවා චෛතසික කියමුකෝ. මෙම චෛතසික ඉපදවීමේ ශක්තිය තිබෙන්නේ විඥ්‍යාන ධාතුවේ බවත් අපි දන්නවනේ. ඒ වගේම අපි දන්නවා යම් ශක්තියක් ක්‍රියා කිරීමේ දී ශක්තිය හීන වන බව. එතකොට මේ විඥ්‍යාන ධාතුවට ශක්තිය ලැබෙන්නේ කොහෙන්ද?. මෙන්න මේ ශක්තිය ලැබෙන්න ඕන කර්මයෙන්.
දැන් බලන්න මල ස්පර්ශ වූ විට එය මලක් බව හදුනා ගන්නේ මතකයෙන්. එනම් අපි මලක් ගැන කලින් ඉගෙන ගෙන දැකලා තිබෙන නිසයි ඒක මලක් කියලා හදුනා ගත්තේ. හැබැයි කවදාවත් දැකල නැති දෙයක් දැක්කොත් අපිට ඒක හදුනගන්න බෑ. නමුත් ඒ දේ දුටු විට අපේ ඇසේ විඥ්‍යානය පහල වෙනවා. එනම් කර්මයක් සිදු වෙනවා. එතකොට පැහැදිලි වෙනවා විඥ්‍යාන ධාතුව හැදෙන්නේ කර්මයෙන් බව. මේ කර්මයන් සිදු කරන්නේ සලායතන හෙවත් ඉන්ද්‍රිය ඇසුරු කරගෙන. එම නිසා ඒ ඒ ආයතනයට අදාලව විඥ්‍යාන පහල වෙනවා. නාමරූප ඇසුරින් විඥ්‍යානය පහලවේ කියන්නේ ඒකයි. කෙනෙක් මැරෙනකොට මේ ආයතන හයෙන් පංචේන්ද්‍රිය හැර යන නිසා ඊට අදාල විඥ්‍යාන පහද නැති වෙනවා. නමුත් ශක්තියක් අතුරුදහන් වෙන්නේ නැති නිසා (ශක්ති සංස්තිති නියමය) මේ ශක්තිය මනෝ විඥ්‍යානයට එකතු වෙලා ඊලග භවයට ගෙන යනවා. නමුත් ඒ ශක්තිය පංචේන්ද්‍රියෙන් නූපන් බැවින් පෙර භවයේ මලක් දැක ඇතත් හදුනා ගැනීමක් සිදු වෙන්නේ නෑ. නමුත් සමහර විට මනෝ විඥ්‍යානයේ ඒ රූප හදුනා ගැනීමේ ශක්තියක් තිබෙනවා. ඒ නිසයි සමහර පෙර භවයේ ඇසුරු කල දේවල් නැවත ගැටුනු විට හුරු පුරුදු ගතියක් දැනෙන්නේ.
දැන් අපි හොයා ගත්තා කර්ම ශක්තිය මගින් විඥ්‍යාන ධාතුව ක්‍රියා කරන බවත් විඥ්‍යාන ධාතුවේ ඇති ශක්තිය මගින් චෛතසික උපදනා බවත්. එම චෛතසිකත් නාම රූපත් ක්‍රියා කිරීමෙන් නැවත කර්ම සිදුවන බවත් එම කර්ම ශක්තිය නැවත විඥ්‍යාන ධාතුවට හේතු වන බවත් අපිට පැහැදිලි. දැන් මේ ලෝකයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි. සියල්ල චක්‍රාකාරව හේතු පල දහමට අනුව සිදුවේ. එය අචේතනික සචේතනික යන සියලු දේට පොදු වේ. (ඹබේ අදහස් දක්වන්න. එය නිවැරදි මග යාමට උපකාර වේ. නිවන් සුව ලැබේවා!).
No comments:
Post a Comment