අපි ගිය සතියේ සොයා බැලුවා කොහොමද මේ ලෝකය ක්‍රියාත්මක වෙන්නේ කියලා. එහිදි අපිට ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් තහවරු විය. එනම් මේ ලෝකේ බොහෝ ප්‍රතිඵලයන් හේතු නිසා ඇතිවී හේතු නිසා නැති වී ක්‍රියාත්මක වන නොනවතින සිද්ධි දාමයක් යන්න සහ ඒවා චක්‍ර්‍ර ලෙස නැවත නැවත සිදුවෙන බැවින් ආරම්භයක් දැකිය නොහැකි බව.
නමුත් මෙහිදි මා කල්පනා කිරීමේදි ස්ථිර වු වෙනස් නොවන යම් යම් දේවල් ඇති බව පෙනී ගියා. නිර්වාණය, අදුර, සමහර හැගීම් (පුද්ගල බද්ධ හැගීම් නොවේ) ඒ අතර වේ. තව දුරටත් කල්පනා කිරීමේදී පැහැදිලි වූ දෙයක් නම් ඒවා අහේතුකව පවතින ධර්මතා වීම.
අද අපි බලමු සත්වයාගේ පැවැත්ම සිදුවන්නේ කොහොමද කියලා. සත්වයකු සෑදි ඇත්තේ මූලික වශයෙන් නාමරූපයත් විඥ්‍යානයත් එකතු වීමෙන් බව අපි ලෝකයේ සංයුතියෙදි සොයා ගතිමු. මේ පිළිබද තව දුරටත් සොයා බලමු.
අපි උදාහරණයකට ගනිමු කෙනෙක් මලක් කඩන ක්‍රියාවක් කොහොමද වෙන්නේ කියලා. මුලින්ම මල තියෙනවා. ඒකේ ක්‍රියාව ඉහත ලිපියට අනුව ස්වායක්තව සිදුවේ. සත්වයාගේ පැත්තෙන් ඇස තිබේ. එයත් සතර මහා භූතයන් ඇසුරුකොට ඇති රූපයක්. ආලෝකයේ සහය ඇතිව මේ රූප දෙක ගැටෙනවා. එවිට ඇසේ ඡායාවක් වැටුනු බව දැනෙනවා. එය ස්පර්ශය වේ. ඊ ළගට එය හොද දෙයක් ලෙස දැනෙනවා. එය වේදනාව වේ. ඉන්පසු මේ මලක් බව අදුන ගන්නවා.එය සංඥාවයි. ඊ ළගට මලට අදාලව තමාගේ අදහස් ගලාගෙන එනවා.එය සංස්කාරයයි. ඒ අනුව මල කෙරෙහි ආශාවක් ඇති වෙනවා. මල කැඩීමේ ආශාව එනවා. මල කැඩීමට අවශ්‍ය සිත් ක්‍රියාත්මක වීමෙන් මල කැඩෙනවා. ඇත්තටම මෙහි මල කඩනවා නොව කැඩෙනවා. දැන් මෙහිදි පැහැදිලි වෙනවා මල කැඩූ කෙනෙක් නැති බව සහ මල හා ඇස ගැටීමෙන් පසු සියල්ල, සිතුවිලි එකට එකක් හේතු විමෙන් ඉබේම සිදුවන බව. එතකොට මේ සිතුවිලි ක්‍රියා කිරීමට අවශ්‍ය ශක්තිය කොහෙන්ද ලැබෙන්නේ. එය අප සොයාගත් මූලික ශක්ති ප්‍රභවයන් පහෙන් එකක් විය යුතුය. එනම් ඒ විඥ්‍යාන ධාතුව වේ.
දැන් අපට පැහැදිලි වෙනවා මේ ලෝකේ සියල්ල හේතු ඵල දහමට අනුව ක්‍රියා කරන බව. මා සදහන් කල ස්ථිර ධර්මතා ක්‍රියා නොවන බැවින් හේතු ඵල දහමට අනුව විස්තර කල නොහැක. ඒවා පිළිබදත් විඥ්‍යානය පිලිබදත් ඉදිරි ලිපියක දී සොයා බලමු. ඔබට නිවන් සුව ලැබේවා.
No comments:
Post a Comment