Saturday, August 27, 2011

පෙම් කෙලපල්ලා

අපෙ අප්පා මහන්සියෙන්
හම්බු කොරපු සල්ලි මෙව්වා
අපෙ අම්මා දුක් විඳගෙන
ඉතුරු කොරපු සල්ලි මෙව්වා
ඉල්ලුවාම ඕන තරම්
සොයා දුන්නු සල්ලි මෙව්වා
කෙල්ලේ මන් උඹ වෙනුවෙන්
පූජ කරන සල්ලි මෙව්වා

අපෙ අප්පා ලෝන් ගගහා
රෝල් කරපු සල්ලි මෙව්වා
අපෙ අම්මා නොකා නොබී
ඵකතු කරපු සල්ලි මෙව්වා
උජාරුවට මගේ වගේ
වීසි කරන සල්ලි මෙව්වා
පරපෝෂිත යාචකයින්
පිනුම් ගහන සල්ලි මෙව්වා

No comments:

Post a Comment