මගේ කතාව
- කට කහනවට... (37)
- නව කතාව (32)
- පබැඳුම (74)
- මගේ කතාව (56)
- යථාර්තය සොයා.............. (59)
- සතියේ වදන (200)
Saturday, September 27, 2014
Friday, September 26, 2014
කුමට ඇලුනි දෝ - කුමට බැදිනි දෝ
මසිත කුමට බැදුනා දෝ
මසිත කුමට ඇලුනා දෝ
රන් මිනි මුතු දියමන්තී
එක් වී නුඹ සැදුනා දෝ
ඔය නෙතු නිල් මිනි කැට ද නොවේ
නෙතු කදුලැලි දියමන්ති නොවේ
දා බිදු මිනි මුතු කැට ද නොවේ
හිස කේ රන් දම් රැසක් නොවේ
ඔය සම සැදි රන් පතක් නොවේ
මුව කමලෙන් මල් සුවඳ නො ඒ
දෙතොලඟ අම මී ගලා නො ඒ
නව දොර කස්තුරි පිරී නොවේ
මසිත කුමට ඇලුනා දෝ
රන් මිනි මුතු දියමන්තී
එක් වී නුඹ සැදුනා දෝ
ඔය නෙතු නිල් මිනි කැට ද නොවේ
නෙතු කදුලැලි දියමන්ති නොවේ
දා බිදු මිනි මුතු කැට ද නොවේ
හිස කේ රන් දම් රැසක් නොවේ
ඔය සම සැදි රන් පතක් නොවේ
මුව කමලෙන් මල් සුවඳ නො ඒ
දෙතොලඟ අම මී ගලා නො ඒ
නව දොර කස්තුරි පිරී නොවේ
Tuesday, September 16, 2014
111 සතිය
හෘදයසාක්ෂිය නිවැරදිකරු ලෙස පිළීගන්නා තෙක් අප නිවැරදිකරුවන් වෙමු.
Saturday, September 13, 2014
පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු - පසු වදන
ඇත්තටම මං කිව්ව විදියටම “ පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු“ කතාව මගේ කතාව ටත් වඩා වැඩි පාඨක පිරිසක් අතරට ගියා. මං හිතුවටත් වැඩියෙන් පිරිසක් ඒ කතාව වැළඳ ගත්තා. ඇත්තට ම තාත්තා ලියපු විදියටම ඒ කතාව ඉදිරිපත් කරන්න තිබුනා නම් මීටත් වඩා වැඩි ප්රතිචාරයක් ලැබෙයි.
තාත්තා සරසවියේ ඉගෙන ගන්න කාලේ ලියපු ඒ කතාව අවසානයේ “පළමු කොටස නිමියේ ය.“ කියලා තිබුනා. ඒ පොත කියවපු හුඟ දෙනෙක් දෙවැනි කොටස ලියන්න කියලා ඉල්ලලාත් කිබුණා ලූ. ඒත් තාත්ත කවදාවත් දෙවැනි කොටස ලිව්වෙ නෑ. නුමුත් තාත්තා ගේ හිතේ තිබිල තියෙනවා දෙවැනි කොටස මේ වගේ කියලා. ඒත් දැන් ඒකත් මතක නෑ. ඒ නිසා ඇත්තම “ පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 2“ ඔබ ට කවදාවත් කියවන්න බැරි වෙයි.
මං හිතනවා මා ලියූ මේ කතාවෙන් තාත්තා ගේ මුල් කෘතියට විශාල හානියක් නොවුනා කියා. ලැබුනු ප්රතිචාර වලින් ඒ බව සපථ වුනා. ඉතින් මෙතුවක් කල් “ පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු“ කිය වූ සහ කියවා නිසඟ අදහස් දැක් වූ සියළු දෙනාට මාගේ හද පිරි කෘතඥතාව පළ කරමි.

ඔබට ස්තූති යි!
Saturday, September 6, 2014
110 සතිය
කොච්චර මිතුරන් අාදරවන්තයන් හිටියත් යමෙකුගේ කරුම බාරගන්න පුලුවන් කෙනෙක් නෑ.
Subscribe to:
Posts (Atom)