Friday, September 26, 2014

කුමට ඇලුනි දෝ - කුමට බැදිනි දෝ

මසිත කුමට බැදුනා දෝ
මසිත කුමට ඇලුනා දෝ
රන් මිනි මුතු දියමන්තී
එක් වී නුඹ සැදුනා දෝ

ඔය නෙතු නිල් මිනි කැට ද නොවේ
නෙතු කදුලැලි දියමන්ති නොවේ
දා බිදු මිනි මුතු කැට ද නොවේ
හිස කේ රන් දම් රැසක් නොවේ

ඔය සම සැදි රන් පතක් නොවේ
මුව කමලෙන් මල්  සුවඳ  නො ඒ
දෙතොලඟ අම මී ගලා නො ඒ
නව දොර කස්තුරි පිරී නොවේ

2 comments:

  1. මේක තමයි යථාර්තය...

    ReplyDelete
    Replies
    1. පමාද’මනුයුඤ්ජන්ති – බාලා දුම්මේධිනෝ ජනා

      ස්තුතියි කමෙන්ටුවට කවිකාරිය

      Delete