Friday, December 26, 2014

සොරකම

දුටු විගස මා බසයෙ දී නුඹ හිනැහුනේ ඇයි කුමරියේ
හිනැහුනේ මා ඔබත් සමගින් කවුරුදැයි නුඔ නොදැනමයි

සෙනග අතරින්පැමිණ මා ලඟ නැවතුනේ ඇයි කුමරියේ
තෙරපුනේ මා ඉඩක් දීමට කවුරුදැයි නුඔ නොදැනමයි

බලා මා දෙස නෙත් අඟින් දොඩමලු වුනේ ඇයි කුමරියේ
කතා කෙරුවෙත් ඔබත් සමගින් කවුරුදැයි නුඔ නොදැනමයි

හී සැරක් මෙන් හැරදමා මා බැසගියේ ඇයි කුමරියේ
දැනගතිමි නුඹ හිත් හෙරක් වග ඒත් දැන් මා අසරණයි


2 comments:

  1. ඒ කියන්නේ ඔය තත්පරේට හොරකම් කරා.......... හරියට පොකට් ගහනවා වගේ නේ.............

    ReplyDelete
    Replies
    1. ඒකනේ සහෝ කියන්නේ.. දැන් මහ යක්ස ගෑනූ ඉන්නේ, පරිස්සමින්..

      Delete