Saturday, March 28, 2015

කාටද පිස්සූ



කුස ගින්නේ හම්බු කරන අපේ මිනිස්සු
දුක් විඳගෙන සතුට සොයන අපේමිනිස්සු
අදට වැඩිය හෙට හොඳ වෙයි සිතනමිනිස්සු
ටිකක් නැවතිලා බැලුවා කාටදපිස්සු

තෙල පෙනෙනා සුරපුරයට යන්න

මිනිස්සු
සද්දේ වේගෙට වැඩියෙන් දුවනමිනිස්සු
ඒ මිරිඟුව වෙත යන්නට හදනමිනිස්සු
හැම දා මත් අද ජීවිතේ ගෙවන මිනිස්සු

දෙපයින් ඇවිදින මිනිහා රෝද දෙකක් ගන්න

බලයි
රෝද දෙකෙන් යන මිනිහා රෝද හතර ගන්නසොයයි
සියළු රෝද තියෙන කෙනා අහසින් ඉගිලෙන්නසිතයි
ඒ සියල්ල ලැබුන එකා සතුට නැතිව ලොවපෙරලයි

2 comments:

  1. බලාගෙන යනකොට පිස්සු නැති එකෙක් හොයා ගන්න නෑ වගේ

    ReplyDelete
    Replies
    1. සබ්බේ පෘතග්ජනා උන්මත්තකෝ කියන්නේ නිකන් නෙවේ නෙව

      Delete