අවුරුද්ද ඇවිල්ලා අවුරුද්ද ඇවිල්ලා
වසරක් ගතවී අවුරුද්ද ඇවිල්ලා
අවුරුද්ද ඇවිල්ලා අවුරුද්ද ඇවිල්ලා
දවස් තුනක නිවාඩුවක් ඕං ඇවිල්ලා
ඔලිද කෙලින්නට පෝරුව කොහෙන් සොයන්නේ
පංච දමන්නට කවුරුද පෙතක් අඳින්නේ
අපි නොදන්න එල්ලෙ මොටද ක්‍රිකට් තියෙන්නේ
පරිඝණකයේ ඕන තරම් ගේම් ගහන්නේ
කැවුම් කොකිස් මුං අළුවා කවුරු හදන්නේ
විදුලි උඳුනේ කොහොමද අපි කොකිස් බදින්නේ
කඩෙන් ගෙනා කැවිලි ජාති එමට තියෙන්නේ
දවස් තුනේ අවුරුද්දේ සතුටු වෙයන්නේ
මගේ කතාව
- කට කහනවට... (37)
- නව කතාව (32)
- පබැඳුම (74)
- මගේ කතාව (56)
- යථාර්තය සොයා.............. (59)
- සතියේ වදන (200)
Saturday, April 25, 2015
Thursday, April 16, 2015
131 සතිය
අනාගතය අප කොතරම් සැලසුම් කලත් අවසානයේ සිදුවන්නේ වර්තමානයට අනුව සැලැස්ම වෙනස් කිරීමයි. සැලැස්මකට අනුව ජීවත් විය නොහැක
Thursday, April 9, 2015
130 සතිය
කාලයට ඉහලින් කැලන්ඩරයත් ඔරලෝසුවත් හරස් වී ඇත.
Saturday, April 4, 2015
මගේ කතාව 2 - සංක්‍රමණය
තාත්තාගේ රස්සාව නැතිවීමෙන් මාස තුනකට පමණ පසු තාත්තාට අළුත් රැකියාවක් සොයා ගැනීමට හැකිවිය. ඒ කොල්ලුපිටියේ පිහිටි අධ්‍යාපන සේවකයින්ගේ සමූපකාර සමිතියේ ය. ඒ අතරතුර කාලයේ තාත්තාට එරෙහිව විනය පරීක්ෂණය කෙරෙමින් පැවතිනි. අළුත් රැකීයාවත් සමඟම තාත්තාට වෙනදාටත් කලින් රැකියාවට පිටත් වීමට සිදුවිය. එයින් තාත්තාට පමණක් නොව පවුලේ සියළු දෙනාටම පාන්දර 3.00 පමණ වනවිට අවදි වීමට සිදුවිය.
ගෙදර ප්‍රශ්න ද අවසානයක් නොවීය. මෙය ගෙදර දෝසයක් බව සමහරුන්ගේ මතය වන විට තවත් සමහරෙක් කීවේ කවුරුන්හෝ කොඩිවිනයක් කරන්නට ඇති බවයි. ඔවැනි කතා ගම්වල පැතිර යාම සාමාන්‍ය දෙයකි. අවසානයේ මවගේ අදහස වූයේ කොළඹට සංක්‍රමණය වීම ප්‍රශ්න වලට ඇති හොඳම විසඳුම බවයි. ඒ අනුව අම්මාගේ හා තාත්තාගේ සැලැස්ම ක්‍රියාත්මක කෙරිණ.
පළමුව අම්මා කළුතරින් දෙහිවටල මාරුවක් සාදා ගත්තාය. ඉන්පසු තාත්තා මටත් අයියාටත් පාසැලක් සොයද්දී අම්මා කුළි නිවසක් සෙවීය. අම්මා වැඩ කරන ස්ථානයේ කෙනෙකුගේ මාර්ගයෙන් කුළි නිවසක් සොයා ගැනීමට ද, තාත්තා අධ්‍යාපන සේවකයින්ගේ සමූපකාර සමිතියේ සාමාජිකයකු වන කොළඹ මහානාම විද්‍යාලයේ විදුහල්පතිගේ උපකාරයෙන් එම පාසලට අප දෙදෙනාව ඇතුලත් කරවීමට ද, සමත් විය. එසේ මූලික කටයුතු සම්පාදනය කර ගැනීමෙන් පසුව අපේ නිවස කුළියට දී ලබාගත් අත්තිකාරම් මුදලින් දෙහිවල පිහිටි නිවස කුළියට ගත්තේ ය.
මෙසේ මුලින්ම අම්පාරේ තැනින් තැනට මාරූ වෙමින් කුළියට සිටී අම්මාත් තාත්තත් ඉතා වෙහෙස මහන්සි වී තමන්ටම කියා සාදාගත් නිවස අතහැර නැවතත් කූළි නිවසකට යාමට තීරණය කලේ දෛවයේ හැටි එසේ යැයි කියාපාමිණි. ඒ කාලයේ කුඩා දරුවන් වූ අපට එය එතරම් දෙයක් නොවුනත් තමා හදාගත් නිවස අතහැර කුකුළු කූඩුවක් වැනි කුළි නිවසකට ගාල් වීමට සිදු වීම දෙමව්පියන්ට නම් සතුටක් නොවන්නට ඇත.
එදා එක්දහස් නවසිය අනූ හයේ ජනේරු මස යම් දිනක උදෑසන අවදී වූ අප කැන්ටර් වර්ගයේ ලොරියක නැගී කොළඹට සංක්‍රමණය වූ සැටි මට යන්තම් මතකය. ලොකු නැන්දාගේ පුතා චන්දන අයියාගේ ද පොඩි බාප්පා හා ලොකු බාප්පා ගේ ද සහයෝගය ඇතිව බඩු මුට්ටු ලොරියට දමාගෙන ඒ ලොරියටම නැගී අප ද කොළඹ බලා පිටත් විය. තාත්තා අාවේ මෝටර් සයිකලයෙනි. මට ලොරියෙම නින්ද ගිය අතර සීත සුළං වැදී නැවත අවදි වන විට යන්තම් තරු එකක් දෙකක් අහසේ දක්නට ලැබීණ. උදේ හයයි තිහ පමණ වන විට කූළි නිවසට ලඟා වීමට හැකිවිය.
එය ඉතා කුඩා නිවසකි. අපේ ගෙදරින් අඩක්වත් තරම් නොවූ එහි සාලයත්, කුස්සියත් හැරුණු විට තිබුනේ නාන කාමරයත් රෙදි වේලා ගැනීමට පමණක් සෑහෙන එළිමහන් ප්රදේශයකි. එබැවින් අපේ ගෙදර තිබූ බොහෝ ගෘහභාණ්ඩ තාවකාලිකව හා සදාකාලිකවම නැදෑයින් අතට පත්විය.
මෙසේ අපි ගමින් කොළඹට සංක්‍රමණය විමු. එය මුහුදේ මාළුවකු ගෙනැවිත් අඟල් දොලහේ ටැංකියකට දැමුවාක් වැනි විය.

Wednesday, April 1, 2015
129 සතිය
වැලි පෑගෙනවට අකමැතිනම් ලෝකෙම තියෙන වැලි අයින් කරන්න යන්නෙ නැතුව පාවහන් දෙකක් දාගන්න එක තමා හොද
Subscribe to:
Posts (Atom)