මගේ කතාව
- කට කහනවට... (37)
- නව කතාව (32)
- පබැඳුම (74)
- මගේ කතාව (56)
- යථාර්තය සොයා.............. (59)
- සතියේ වදන (200)
Sunday, May 31, 2015
135 සතිය
සුළඟට ඔබේ නිරුවත පෙනේ නම් එය සුළඟේ වරදක් නොව ඔබේ ඇඳුමේ වරදක් බව සිතන්න.
Wednesday, May 27, 2015
මට නොතේරෙන ලොවේ ප්‍රේමය
ඔය තරම් මිහිිරි නම් ලාෙවේ ප්‍රේමයක්
අැයි ඉතින් ලියැවුනේ විරහ ගීතයක්
එක් වරක් පෙම් කවක් අසන්නට ලැබුනා
සිය දහස් වාරයක් විරහ ගී ගැයුනා
අෑ ඔබෙන් ඔබ අැගෙන් පතන අාදරේ
මිහිරි පැන් පැතුව සේ ලෙසද සාගරේ
දුන් දෙයක් නැති වුනත් දුකක් නෑ සිතේ
අාදරේ පිදුවනම් අැයි කඳුළු නෙතේ
අැයි ඉතින් ලියැවුනේ විරහ ගීතයක්
එක් වරක් පෙම් කවක් අසන්නට ලැබුනා
සිය දහස් වාරයක් විරහ ගී ගැයුනා
අෑ ඔබෙන් ඔබ අැගෙන් පතන අාදරේ
මිහිරි පැන් පැතුව සේ ලෙසද සාගරේ
දුන් දෙයක් නැති වුනත් දුකක් නෑ සිතේ
අාදරේ පිදුවනම් අැයි කඳුළු නෙතේ
Thursday, May 21, 2015
134 සතිය
යහපත් මිතුරා මතක් වන්නේ උපකාරයක් අවශ්‍ය විටයි.
Saturday, May 9, 2015
133 සතිය
අපේ ජීවිත වැල්ලේ හදන මාලිගා වැනිය. කොයි මොහොතේ හෝ රැල්ලට ගසාගෙන යන්නේම ය. ඒ බව දැන දැනත් ආසාවෙන් නැවත නැවතත් සාදන්නෝය.
Sunday, May 3, 2015
මගේ කතාව 2 - දෙවන පාසැල
මමත් අයියාත් රැගෙන අම්මාත් තාත්තාත් පෙබරවාරී මාසයේ මැද දවසක මහානාම විද්‍යාලයට ගිය හැටි මට තවමත් යන්තම් මතකයේ ඇත. මුලින්ම මුල් ගුරුතුමාගේ කාර්ය්යාලයට ගොස් ඔහු සමඟ මඳ වේලාවක් සාකච්ඡා කල පසු අප අදාල පන්ති කාමර වෙත කැඳවාගෙන ගියේය. මා ඇතුලත් කලේ 2 -බී පන්තියටයි.
මා දුටු විගස පන්ති භාර ගුරුතුමිය විසින් ඉතා ලෙන්ගතු සිනාවකින් සංග්‍රහයක් කලාය. මගේ හිතේ යම් බියක් තිබුණා නම් එය කුතුහලයක් හා සබකෝලයක් බවට පත් කිරීමට ඒ සිනාව සමත් විය. පසුව යම් ආසනයක් පෙන්වා මට එහි වාඩී වීමට කිවාය. තාත්තා ද ඈ සමඟ මඳක් කතාකොට මා දිහා හැරී සිනාවක් පා යන්නට ගියේ ය. පන්තියේ එක් බංකුවක් වටා ළමුන් පස් දෙනෙකු පමණ වන සේ පන්තිය කණ්ඩායම්ගතකොට තිබිණ. මා වාඩි වූ බංකුවේ සිටී ළමෝ මා දිහා අමුතු සතකු දෙස බලන්නා මෙන් බලා සිටි අයුරු ද මට යන්තම් මතකය.
පාසැල ඇරුණු පසු තාත්තා මමත් අයියාත් බයිසිකලයේ නංවාගෙන වැඩපලට යන්නේය.වැඩ ඇරෙන තුරු වැඩපලේ ලියුම් ගබවාවට යන අප එහි සිටින මාමාගෙන් කඩපු ලියුම් කවර ඉල්ලා ගනිමු. එ්වා තාත්තාගේ වතුර කෝප්පයට දමා පෙඟුන පසු ඒවායේ මුද්දර ගලවා ගනිමු.මෙසේ මුද්දර රැස් කිරීම මගෙත් අයියාගේත් විනෝදාංශය බවට පත් විය. නංගී කුඩා බැවින් දවසම අම්මා සමඟ අම්මාගේ වැඩපලේ සිට චිත්‍ර අඳින වැඩ අකුරු ලියන වැඩ වාගේ වැඩ කරමින් සිට හවස අම්මා සමඟම ගෙදර එයි.
පාසැලට ඇතුලත් කල මුල් කාලයේ සිදු වූ සිදුවීම් වලින් එක් විශේෂ සිද්ධියක් පමණක් මගේ මතකයේ ඇත. ඒ දිනවල මා නියපොතු වවාගෙන සිටියේය. පන්තියේ උගන්වමින් සිටින අතරතුර පිටුපස සිටී සිසුවකු මට අඩිරූලෙන් තට්ටු කලේය. මා පසුපස හැරී ඔහුට රැව්වේය. එයින් කුපිත වූ ඔහු නැවත රූලෙන් මට ගැසුවේය. මම ඔහුට බැන වදිමින් නියපොතු වලින් ඔහු සූරන්නට තැත් කලවිට එය ගුරුතුමිය දුටුවාය. ඈ මට කෑ ගැසුවාය. “ශෂික මොකද ළමයෝ කරන්නේ, මේ ගණන් ටික හදන්නැතුව මගෙන් ගුටි කන්න ඕනෙද?“ එයින් මම මඳක් බිය විමි. වහාම ඉදිරියට හැරුණු මම කලු ලෑල්ල මත තිබූ ගණන් සියල්ලම එක හුස්මට හදාගෙන ගියෙමි. කෙසේ හෝ පන්තියේ මුලින්ම ගණන් ටික හැදුවේ මමය. ඒවාත් ඉතා නිවැරදි විය. මා මුලින්ම පොත පෙන්වීමට ගියවිට ගුරුතුමිය මගේ ගණන් ටික දැක ඉතා සතුටටත් පුදුමයටත් පත්විය. “දඟල දඟල ඉදලා මෙච්චර ඉක්මනට ගණන්ටික හැදුවේ කොහොමද දරුවෝ“ ඇය ඇසුවා ය. මට නම් එහි එතරම් විශේෂකත්වයක් නොවීය. ඒ නිසා මා මුවින් නොබැන හිනාවක් දමා නැවත මහත් ආම්බරයෙන් පැමිණ ඉඳ ගතිමි. එ තැන් පටන් පන්ති භාර ගුරුතුමිය විසින් මට විශේෂ සැලකිල්ලක් ආදරයක් දැක් වී යැයි මට සිතේ.
එම සිද්ධිය හැරෙන්නට දෙක වසරේ දී සිදුවූ වැදගත් සිද්ධියක් මගේ මතකයේ නැත. නමුත් පාසැල් ඇරී ගෙදර නෑවිත් තාත්තාගේ වැඩපලේ සිටි බැවින් පාලුවක් නම් නොදැනිණි. නමුත් ඒ වැඩි කාලයකට නොවේ.

Saturday, May 2, 2015
132 සතිය
නොවටිනා දේ වලට වටිනාකම් දෙන්නෝ ද ඒවාට ගහ මරා ගන්නෝ ද අපිම වෙමු.
Subscribe to:
Posts (Atom)