Wednesday, August 26, 2015

අප්පච්චී....

කාටත් නොපෙනෙන කවුරුත් නොහඳුනනා
හද තුල තෙරපෙන උතුරා ගොඩගලනා

ඒ ආදරයයි - ඔබගේ ආදරයයි //

සඳකට සැගවී මා වෙත සුව ගෙනෙනා
මා සතුටේ උල්පතටත් දිය බෙදනා
සිහිනෙන් ඇවිදින් මා සුරතල් කරනා
ඒ ආදරයයි - ඔබගේ ආදරයයි

හිරු ඇහැරෙන සඳ නිවසින් පිය මනිනා
මට නොපෙනෙන දුර ඈතක බර අදිනා
නුඔමයි කඩ ඇණ ගමනට මඟ සදනා
ඒ ආදරයයි - ඔබගේ ආදරයයි

2 comments:

  1. හිත උදුරා ගත්තා

    ReplyDelete
    Replies
    1. අනේ සොරි වෙන්න ඕනි. වරදක් කලත් සිතකින් නොවේ. මං එහෙම අනුන්ගේ දේවල් උදුරගන්න කෙනෙක් නෙවේ. හී....

      ස්තුතියි සහෝ...

      Delete