Sunday, March 27, 2016

වහල්ලූ

මේ ලෝ මායාවේ වෙලීලා
බැදීලා ලෝ දනා 
පස්කම් සොයමින් වෙහෙසෙන්නේ 
නිවනක් කිසිදින නෑ ගන්නේ
 
නෙක නෙක රස දිව පිනවන්නේ 
විසිතුරු දේ නෙත ඉල්ලන්නේ 
නැහැයට සුගන්ධ සොයමින්නේ 
දනෝ ඇයිද මේ වෙහෙසෙන්නේ
 
නහවන්නේ ගත සරසන්නේ 
සතපන්නේ එය නලවන්නේ 
කුමක් කලත් නෑ ඇතිවන්නේ 
සිරුරට ඇයි වහලෙකු වන්නේ

2 comments:

  1. අලුත් විදියට හිතලා, අගෙයි..

    ReplyDelete
    Replies
    1. අලුත් විදියක් නෙවෙයි සහෝදරයා. මීට අවුරුදු 2600 ගානකට කලින් වඳාළ දෙයක් මේක. රට්ඨපාල සූත්‍රය වගේ සූත්‍රයක් කියවලා බලන්නකෝ.

      Delete