Friday, November 11, 2016

ඊනියා දියුණුව

අප දැන් සිටින්නේ 21 වන ශත වර්ශයේය. එනම් ඉතා දියුණු ලෝකයකයි. ඒ බව වඩාත් ප්‍රත්‍යක්ෂ වන්නේ අතීතය හා සසඳා බැලීමෙනි.
දැන් වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණුද යත් මිනිසුන්ගේ පරමායුෂ දිනෙන් දිනම වැඩිවෙමින් පවතින අතර අනාගතයේ දී නොමැරෙන මිනිසුන් බිහිවීමට ඉඩ ඇත. ඉස්සරනම් සිටියේ සීයලාය. දැන් දස දහස්ලා ද දක්නට පුලුවන. ඉස්සර තිබුනු ලෙඩ වල හැටියට දැන් ලෙඩුන් බෙහෙතකටවත් සොය ගැනීම අපහසු වනු ඇත. එතරම්ම දැන් වෛද්‍ය විද්‍යාව දියුණුය.
තාක්ෂණයද විශාල වශයෙන් දියුණු වී ඇත. ණවීන උපකරණ නිසා මිනිසුන්ට කටයුතු ඉතා පහසුවෙන්ද ඉක්මනින්ද කරගත හැකි වීම නිසා මිනිසුන්ගේ විවේකය එන්න එන්නම වැඩි වී මිනිසුන් විනෝදයෙන්ම කල් ගතකරන තත්වයක් දක්නට ඇත. ආතතිය ඔවුන් හදුනන්නේම නැති තරම් ය. අතීතයේ මිනිසුන්ට මේ තරම් විවේකයක් නොතිබුණි. මේවා නවීණ විද්‍යාවෙන් අප ලද දායදයන්ය.
අධ්‍යාපනය අතින්ද අද ලෝකය ඉතා දියුණු අඩියකට පැමිණ ඇත. ඒ අධ්‍යාපනය ලබන අප ඉතා ගුණ යහපත් මිනිසුන් බවට පත් වී ඇත.බුද්ධිමත් මෙන්ම ප්‍රඥාව අතින්ද ඉතා දියුණු තත්වයක සිටින ඔවුන් අතින් අපචාර දූෂණ වන්චා සිදුවීම ඉතා අවම වී ඇත්තෙ ඒ අධ්‍යාපනයේ දියුණුව නිසාම ය.
අතීතයේ සිටි බුදුන් වහන්සේ, යේසුස් වහන්සේ ට වඩා මයිකල්ලාට බොබ්මාලිලාට දේවත්වයෙන් සලකන්නේ ඔවුන් මැත යුගයේ පහල වූ අරිටත් වඩා දාර්ශනික අයවූ බැවිනි.
මෙසේ සෑම අතින්ම අද ලෝකය දියුණු වී ඇත. මේ අනුව බලන කල මෙවැනි දියුණු ලෝකෙක ඉපදීමට තරම් අප භාග්‍යවන්ත වී ඇත.

2 comments:

  1. ඒක ඇත්තය. අද ලෝකය දියුණුය. අනාගත ලෝකයේ දියුණුව සිතාගන්නටවත් නොහැකිය. ඒ ගැන සිතන විටත් බියය.

    ReplyDelete
    Replies
    1. බිය නොවන්න. ලෝකයේ දියුණුව පැත්තක තියලා තමාගේ දියුණුව සලසා ගන්න තමයි තියෙන්නේ. ගිලෙන නැව කොහොමත් ගිලෙනවා.

      Delete