මා සිතා සිටියේ යලිත් මෙහි නොලියන්නටය. නමුත් මා වෙත ඉදිරිපත් වූ ගැටළු කීපයක් නැවත ලිපියක් පල කරන්නට බල කර සිටී බැවින් මේ ලිපිය ලියමි.
අපි .අසා තිබෙනවා යම් පවක් කලවිට එය පඩිසන් දෙන බව. නමුත් මං ඉහත ලිපිවල පැහැදිලි කලා මෙ ලොකේ කිසිම දෙයක් නොපවතින බව. ඒ අනුව පුද්ගලයන් නැතිනම් සත්වයන් කියා පෙන්වියහැකි ස්ථිර වූ දෙයක් නොමැති බව. එසේනම් මේ පව්කම් මොනවද? ඒවා කරන්නේ කවුද? ඒවා පඩිසන් දෙන්නේ කාටද? යනාදී ගැටළු රාශියක් මතු වෙනවා.
අපි පලමු සිල් පදය ගෙන මෙය පැහැදිලි කර ගන්න උත්සහ කරමු. ප්‍රාණය නිරුද්ද කිරීමේ පව තමයි පලමු පව ලෙස සදහන් වෙන්නේ. අපි දන්නවා පව යනු සතුට නැති කරන ක්‍රියාවන් බව. මේ ලෝකයේ සත්වයෙක් නැතිනම් කෙලෙසද ප්‍රාණඝාතය කරන්නේ? මෙතැනදී අප වටහා ගත යුත්තේ සත්වයකු නැතත් සත්වයකු සිටීයැයි අප සිතන නිසා තමයි එය පවක් වන්නේ. ඒ නිසා තමයි අනේ මං ප්‍රාණඝාතය කලා යැයි දුක් වන්නේ. එනම් මමත්වය නිසා තමයි පව් පල දෙන්නේ.
අපි ටිකක් ගැඹුරින් මේ ගැන සොයා බලමු. ප්‍රාණඝාත අකුසලය සිදු වීමට කාරණා 5ක් සම්පූර්ණ විය යුතු බව අප දන්නවා.
1. පණ ඇති බව දැනීම.
2. මැරීමට සිතක් පහල වීම.
3. මැරීමට උපක්‍රමයක් සිතීම
4.මැරීම.
5.මළ බව දැනීම.
මෙහිදී මෙම කාරණා පහම සිතුවිලි නැතිනම් චේතනා පහක් වෙයි. මෙම චේතනා පහ පහල වී එය තහවරු වී ඇති තෙක් ප්‍රාණඝාතය අකුසල ශක්තිය පවති. එම ශක්තිය ක්‍රියාත්මක වීම පඩිසන් දීම වෙයි. මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම හේතු ඵල දහම මත පදනම් වූ ශක්තීන්ගේ අන්තර් ක්‍රියාවලියක් මිස කිසිම සත්වයකුගේ සම්බන්ධයක් නොමැත.
මේ අනුව පෙනීයන කරුණක් වන්නේ ඇත්තටම සත්වයකු නොමැරුවත් ප්‍රාණඝාතය විය හැකි බවයි. උදාහරණයක් ලෙස අප සතකු මරණවායැයි සිතන්න. ඌ මැරුණා සේ සිට අප ගිය පසු නැවත පැන ගියා යැයි සිතමු. නමුත් ඉහත කාරණා පහම ඉටු වී ඇති බැවින් අපට ප්‍රාණඝාත අකුසලය සිදුවී ඇත. ඌ නොමැරුණ බව දැන ගන්නා තෙක් ඒ ශක්තිය අපතුල ඇත. ඒ නිසා තමයි අප නොදැනුවත්ව යම් ප්‍රාණඝාතයක් සිදු වූවත් එය පඩිසන් නොදෙන්නේ.
සංවාදයට විවෘතයි.
No comments:
Post a Comment